Wednesday, April 26, 2017

වික්ටෝරියානු යුගයේ අරුම පුදුම කලාවක් වූ පශ්චාත් මරණ ඡායාරූපකරණය හෙවත් Post-mortem photography

වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස විවිද අවස්ථාවල අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම දැනට වසර සියයකට වඩා ඈත කාලයකදී වුනත් ලෝකයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පැතිරුණ කලාපවල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එදා බලයෙන් හෝ පුරුදු කරන ලද එම පුරුදු වලින් සමහරක් අදටත් භාවිතාවේ යෙදෙනවා දැක ගන්නට පුළුවන්. මේ ආකාරයේ අද නම් සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රචලිත නැති කලාවක් තමයි පශ්චාත් මරණ ඡායාරූපකරණය දක්වන්නට පුළුවන් වෙන්නේ. ඒත් මිනීමැරුම් හෝ හදිසි සැක සහිත මියයාම් වලදී අපරාධ පිළිබදව සොයාබලන පොලීසිය වගේ ආයතන පශ්චාත් මරණ ඡායාරූපකරණය ඒ ඒ තාක්‍ෂනික ක්‍රමවේදයන් ඔස්සේ භාවිතා කරනවා. ඒත් මේ ලිපියෙන් කියන්නට යන්නේ එවැනි නීතිමය අවස්ථාවන්ට යොදා ගැනෙන පශ්චාත් මරණ ඡායාරූපකරණයක් නොවෙයි. මෙහිදී අපට ජීවිතය තුල සමීපව සිට මෙලොවින් නික්මුණ සමීපතමයන් ජීවමාන ඉරියව් වල සිටින ආකාරයෙන්ම මරණයට පත්ව සිටියත් කිසිදු පිළිකුලකින් තොරව එකිනෙකා ස්පර්ශව සිට ගැනුන සේයාරූ පිළිබදව තමයි මේ කියන්නට යන්නේ. 

ඇත්තෙන්ම කුඩා දරුවන්ගේ පවා මළසිරුරු වල සේයාරූ මෙහිදී පළ කෙරෙන නිසා යම් කම්පනයන් දැනීමට ඉඩ තිබෙන බවද අවධාරණය කරන්නෙමි.















 වෙනෙකක් තබා තම සුරතල් බල්ලා මිය ගිය පසුවද මේ ආකාරයේ ඡායාරූපයක් ගෙන තිබේ.








කෙසේවෙතත් ඇතැම් නිරීක්‍ෂකයින් පවසන්නේ මෙම ඇතැම් සේයාරූ සත්‍ය වශයෙන්ම මෙම පවසන්නාවු කලාවට අයත් නොවන නෙඑසේ නම් පශ්චාත් මරණ ඡායාරූප යයි වරදවා වටහා ගත් ඡායාරූපද එදා කැමරාකරණයේ වූ දෝශ හෝ ඡායාරූප ගැනීමේදී සිදුවූ ශිල්පීය අතපසුවීම් හෝ අදමෙන් ක්‍ෂනිකව සේයාරුවක් ගැනීමට ඇති නොහැකියාව නිසා ජීවමාන මිනිසුන්ද ඇතැම් විට ඉරියව් වල ඇති නොගැලපීම් මත කාලයත් සමග පශ්චාත් මරණ ඡායාරූපයක් ලෙස කාණ්ඩ ගත කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම සේයාරූ වල ඇති සාවද්‍ය හෝ නිරවද්‍ය බව දැන ගැනීමට ඇති නොහැකියාවද සටහන් කරමින් එදා එනම්, 19 වන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල් කාල වකවානුවේදී මෙවන් වූ කලාවක් ලෝකයේ, විශේෂයෙන් යුරෝපයේ හා අැමරිකාවේ පැවතුන බව ඔබගේ දැනුමට එකතු කරන්නට කැමැත්තෙමි.

Thursday, March 2, 2017

Touch Screen නැති Laptop වලට Touch Screen, Smart Phone වලටද භාවිතා කළ හැකි කුඩා ප්‍රක්‍ෂේපන යන්ත්‍ර යනාදී ඔබ සතු කර ගන්නට කැමති තවත් අළුත්ම Gadget කිහිපයක් ගැනයි මේ...

මාතෘකාවේ කියුවා වගේම ප්‍රයෝජනවත් වගේම සිත සතුටු කරන නවතම උපකරන කිහිපයක් ගැන තමයි මේ පෙන්වන්නට යන්නේ. ලංකාවේදී මිලයට ගන්නට ඇතැම් විට නොහැකි වුනත් අන්තර්ජාලය හරහා මේ උපකරණ ගෙන්වා ගැනීමට හැකියාව තිබේවි. අකුරුවලින් ලියනවාට වඩා බලලාම මේ දේවල් ඔබටත් කවදා හෝ අවශ්‍ය වේදැයි බලන්න.



Monday, February 6, 2017

සාක්කුවේ දමාගෙන යා හැකි නවතම බහුකාර්යය උපකරණ කිහිපයක්

මේ මාතෘකාව කියවූ සැනින් ඔබගේ මතකයට නිරායාසයෙන්ම එන්නේ Swiss Army Knife උපකරණයයි. පළමුවෙන්ම එය සාදන්නේ කෙසේදැයි දැනගනිමු.


මෙම උපකරණය ගත්විට ස්විට්සර්ලන්තයේ වසර 130 ගණනක ඉතිහාසයකින් යුතු සමාගමකින් නිපදවන විවිද කාර්යයන් රැසක් සදහා භාවිතා කළ හැකි මෙවලම් සංකලනයකින් යුතුය.

එහෙත් එයටත් වඩා වෙනස් ආකාරයේ බහුකාර්ය මෙවලම් රැසකින් යුතු මෙවලම් කිහිපයක්ම මේ විඩීයෝවෙනුත් ඔබට දැක ගැනීමට හැකියාව ඇත. කෙසේවෙතත් මිල ගණන් අතින් නම් වැඩි මෙම උපකරණ වලට ආදේශකයන් දැරිය හැකි මිලකට අන්තර්ජාලය පිරික්සීමෙන් ලබා ගැනීමට හැකියාව ඇති බවද පැවසිය යුතුය.


Wednesday, February 1, 2017

ඔබගේ අත්අකුරු පවා පරිගණකය සොරා ගෙන ඇති බව ඔබ දන්නේද?

පරිගණකය ආශ්‍රයෙන් අද කොතරම් ලියකියවිලි සකස් කෙරුනත් අත් අකුරුවලින් ලියනා ලිපි ලේඛන වල ඇති ජීවභාවය සොරාගන්නට තවම හැකිව නැතිබව මා බොහොවිට දැක තිබෙන අතර ඔබට යම් හිතෛශියෙකු එවනා ලිපියක් එම අය අත් අකුරින් එවනා තරම් හෘදයාංගම බවක් පැහැදිලි ලස්සන පරිගණක මෘද්‍රිත පිටපතක් ලෙස එවූවත් නොදැනෙනු ඇති.

එහෙත් අත් අකුරින් ලියනා දෙය පවා දැන් පරිගණක හා සම්බන්ධ රොබෝ අතකින්ද කරනා අයුරු මේ වීඩියෝවේ දැක්වේ. වෙනකක් තබා අත්සන පවා මෙමගින් යෙදිය හැකිවීම අනාගතයේ බොහෝ තීරණාත්මක දේවලට කෙබඳු බලපෑමක් ඇතිකරයිද?