Wednesday, October 5, 2016

විසිවන සියවසේ ගිනි අවිය හෙවත් AK-47

‍මේ ලිපිය මේ මොහොතේ ලියන්නට සිටි එකක් නෙමෙයි. ඒත් විචාරකගේ අසමි දකිමි සොයමි බ්ලොග් අඩවියේ AK-47 ගිනි අවියේ ක්‍රියාකාරීත්වය හා එම අවිය පිළිබදව පවසා තිබූ කාරණා සමග මම දැන සිටි යම් යම් සුළු කාරණා කිහිපයක් කියන්නට සිතුනා.

ලුතිනන් ජනරාල් මිකායිල් කලාෂ්නිකොව් නිපදවූ AK-47 අවිය හෝ එය ඇසුරු කරගෙන නිපදවූ අනුකාරක ප්‍රහාරක රයිෆල් අවි රටවල් රැසක හමුදාවන් සේම ත්‍රස්ථවාදී කණ්ඩායම්, විමුක්තිකාමී කණ්ඩායම් හෝ කැරලි කණ්ඩායම් හෝ අවිදැරූ ඕනෑම කණ්ඩායමක ජනප්‍රියතම හෝ සුලභම ප්‍රධාන ප්‍රහාරත්මක අවිය බවට පත්ව තිබෙනවා. මේ නිසා මෙම අවියට "අවිදරන්නන්ගේ හිතවතා" හෝ "කැරලිකරුවන්ගේ හිතවතා" යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වනු ලබනවා. කොටින්ම ඇමරිකාවේ ගිනි අවි සිය දහස් ගණනක් නිපදවුනත් එහිද පාතාල කණ්ඩායම්, විවිද කල්ලිවල ඇනකොටා ගැනීම් වලදී සුලභම භාවිතා වන අවියක් ලෙසද මෙම අවිය සලකනු ලබන බව ඩිස්කවරි ආදී ඔවුන්ගේම රූපවාහිනි නාලිකාවල නිෂ්පාදනය කරනු ලබන වාර්තාමය වැඩසටහන්වල තිබෙනු මමද දැක තිබෙනවා.https://en.wikipedia.org/wiki/AK-47

AK-47 අවිය කොතරම් බලපෑමක් ගෝලීය වශයෙන් කරතිබේද කිවහොත් මොසැම්බික් රාජ්‍යයේ ජාතික කොඩියේ පවා බයිනෙත්තුවක්ද සවි කළ AK-47 අවියක් තිබෙනු දැකගත හැකියි.
මොසැම්බික් රාජ්‍යයේ ජාතික කොඩිය

(ලෝකයේ ගිනි අවි රුව සටහන් කළ ජාතික ධජ දෙකක් පමණක් තිබෙන අතර අනෙක් රාජ්‍යය ග්වාතමාලා රාජ්‍යයයි).

ලුතිනන් ජනරාල් මිකායිල් කලාෂ්නිකොව් වරක් පැවසූ පරිදි ලෝකයේ යම් සාමයක් ඇති කරලීමටද මෙම අවිය හේතු වූ බවක් පවසා තිබුන අතර අවියකින් කෙලෙසද සාමයක් බිහිකරන්නේ යන ප්‍රශ්නාර්ථයද මතුවිය. එහෙත් සාර්ථකත්වයෙන් ඉහලමට්ටමක පවතින් මෙවන් අවියක් ඇති සන්නද්ධ කණ්ඩායමකට අඩු කාලයකින් යුද්ධයක් නිමකරලීමට ඇති හැකියාව හෝ ගිනි බලය වැඩි කණ්ඩායම කෙරේ ඇති බිය නිසා අනෙක් කණ්ඩායම යුද්ධයකට පැටලීමට ඇති බිය හේතුවෙන් යුද්ධයක් ඇති නොවීම වැනි කාරණා එවන් ප්‍රකාශයක් කිරීමට හේතුවූවාද විය හැකිය.  කෙසේවෙතත් දෙවන ලෝක යුද්ධයේ වැඩිම හානියට ලක්වූ රාජ්‍යය ලෙස සැලකෙන එවකට සෝවියට් දේශයේ මෙම අවිය නිපදවූයේ යුද්ධය නිමාවට පත්වූ පසුවය. යම් හෙයකින් කලින්ම මෙය නිපදවන්නට හැකියාවක් ලැබුනි නම් සෝවියට් පාර්ශවයට සිදුවූ හානි අවම කර ගැනීමට හේතුවන්නටද ඉඩකඩ තිබෙන්නටද ඇත.

එහෙත් ඉන්පසුව ඇතිවූ යුද්ධ ගණනාවකට AK-47 අවි හෝ එහි අනුකාරක කළ මෙහෙය අවිදැරූවන් ගෞරවයෙන් සිහිපත් කරනු ඇති. අවි දැරූවන් පමණක් නොව ඔවුන් යුද වැදි පාර්ශවයේ අවි නොදැරුවන්ගේ වෛරයට හෝ ගෞරවයට මෙම අවිය පාත්‍රවන්නට ඇති.

මෙම අවියේ ඇමරිකානු තරඟකාරයේ වූයේ M-16 නම් ගිනි අවියයි. මේ එම අවි දෙක පිලිබද සන්සන්දනයකි.

තමන්ගේම අරක්කු තමන්ටම ගහන්නේ යයි සිංහල කියමන මතකයට ගන්න අවස්ථාවක් තිබේ. එහි කතාව මෙයයි. 1979 දී සෝවියට හමුදා විසින් ඇෆ්ගනිස්ථාන අක්‍රමණය කළ අතර මෙම අක්‍රමණයට එරෙහිව ඇමරිකාව ඍජුව සම්බන්ධ නොවූවවද වක්‍රමාර්ගිකව  සෝවියට් විරෝදී මුජහිදීන් කැරලිකරුවන්ට විශාල වශයෙන් උදව් උපකාර කළේය.  මුදල් මෙන්ම අවි පකිස්ථානය හරහා කැරලිකරුවන් අතට පත් කළ අතර කැරලිකරුවන්ගේ ප්‍රධානතම අවියක් වූයේද මෙම AK-47 අවියයි. මෙහිදී ඇමරිකාව විසින් ඊජිප්තුව හරහා සෝවියට් හෝ වෙනයම් සෝවියට් හිතවාදී නැගෙනහිර යුරෝපයේ තැනූ AK-47 අවි මිලයට ගෙන ඒවා පකිස්ථානය හරහා කැරලිකරුවන්ට ලැබෙන්නට සැලැස්වූහ. 1989 දී සෝවියට් හමුදාවන්ට පැහැදිලි ජයක් නොමැතිව සිය රටට පසුබසින්නට සිදුවූ අතර ඇෆ්ගනිස්ථානයේ කටුක භූලක්‍ෂනත්, කැරලිකරුවන්ගේ නොපසුබට වීර්යය හා එයට AK-47 අවියෙන්ද ලද සහය ඔවුන්ට අමතක නොවනු ඇත.
අද පළ කළ අනෙක් ලිපිය -  09 - ඉවත දමන ප්ලාස්ටික් බෝතල් වලින් ඔබට කළ හැකි දේ සහ චීනයේ කරන දේවල්...

5 comments:

  1. මගේ ලිපියේ තුන්වැනි කොටසේදී මෙහි සඳහන් සමහර තොරතුරු එලියට එනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඇසීමත් සතුටකි. වඩාත් සවිස්තරව හා සැඟවුන දේවල් රැසක් දැනගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු තබමි...

      Delete
  2. / (ලෝකයේ ගිනි අවි රුව සටහන් කළ ජාතික ධජ දෙකක් පමණක් තිබෙන අතර අනෙක් රාජ්‍යය ග්වාතමාලා රාජ්‍යයයි). /

    ලෝකයේ සතෙකුගේ රුව සහිත එකම ධජය ලංකාවෙ ධජයයි.........:)

    ReplyDelete
    Replies
    1. එකත් එහෙමද? ඒ ගැන නම් ඕනෑකමින් සොයා බැළුවේ නැති නිසා හරියටම දන්නේ නම් නැහැ...

      Delete
    2. නිවැරදි කිරීමයි - තිරිසන් සතෙක් විය යුතුය....:)

      Delete