Wednesday, October 5, 2016

09 - ඉවත දමන ප්ලාස්ටික් බෝතල් වලින් ඔබට කළ හැකි දේ සහ චීනයේ කරන දේවල්...

දැන් බොහෝවිට පැණි බීම අපට වෙළඳ පොලේදී ලැබෙන්නේ ප්ලාස්ටික් බෝතල් වල. ඒ විතරක් නෙමෙයි මෑතක සිට ගොඩක් දෙනෙක් ගෙදරින් වතුර බෝතලයක් රැගෙන එනවාට වඩා ප්‍රිය කරන්නේ විකුණන්න තිබෙන ප්ලාස්ටික් බෝතල් වල තිබෙන පානීය ජලය පානයට. හැබැයි මේ  ප්ලාස්ටික් බෝතල් ක්‍රමක්‍රමයෙන් පාරිසරික ගැටළුවක් බවට පත්වෙමින් තිබෙනවා. ඇතැම් දෙනෙක් (සමහර වෙලාවට මෙය ලියන මම පවා) මේ බෝතල් නැවත නැවත පානීය ජලය අප විසින්ම පුරවා ප්‍රයෝජනයට ගැනීමට භාවිතා කළත් ඒවා නිපදවලා තිබෙන්නේ එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන්නයි. එය අත්‍යාවශ ඒත් හොදට තිබෙන බෝතලය ඉවත දමනවා වෙනුවට නැවත නැවත භාවිතයට ගැනීම නොදැනුවත්ව හෝ දැනුවත්ව තවදුරටත් අප පෙළඹිලා තිබෙනවා. ඒවගේම එසේ කුමන හෝ කාර්යයකට යොදා නොගන්නා බෝතල් ගිනි තැබීම තමයි සුලභව සිදුවන්නේ. එයත් උග්‍ර පරිසර ගැටළුවක් වන්නේ එයින් නිකුත්වන අහිතකර වායුන් තවදුරටත් සෞඛ්‍යයමය ගැටළු උත්ගතකරණ හෙයිනි. 

මේ කාරණා නිසා මෙම බෝතල් හිතුමතේ ඉවතදැමීමට හෝ විනාශ කර දැමීමට වඩා තවදුරටත් ප්‍රයෝජනවත් කාර්යයන්ට යොදාගැනීමට නිර්මාණාත්මක අදහස් තිබුනොත් අපටත් නොහැකියාවක් නොමැතිබව පැවසිය යුතුයි. මේ විඩියෝ දෙකින් පළමුවැන්නෙන් එවන් කාර්යයන් රැසක් පෙන්වන අතර දෙවැන්නෙන් මහා පරිමාණයෙන් සිදුකරණ කෘත්‍රිම රෙදි නිෂ්පාදනයට මෙම බෝතල් කෙලෙසද යොදාගන්නේ යන්න පෙන්නුම් කරනවා.

අන්තර්ජාලය පිරික්සුවොත් තව මේ වගේ නිර්මාණාත්මක අදහස් රැසක් දැනගැනීමට හැකියාව තිබෙනවා ඉවත දමන ප්ලාස්ටික් බෝතල් වලින් කළ හැකි.

No comments:

Post a Comment