Sunday, June 28, 2015

Offline ලෙස .Net Framework 3.5 (includes net 2.0 and 3.0) ස්ථාපනය කරගන්නේ මෙලෙසයි....

ඔබ මේ කාලවකවානුවේ වැඩිපුර භාවිතා කරන Windows 8 හෝ 8.1 සංස්කරණ වලදී ඇතැම් මෘදුකාංග පිහිටුවීමට යෑමේදී මේ අවශ්‍යතාව එම මෘදුකාංගය පිහිටුවීමට අවශ්‍යයයි තිරයේ දිස්වී තිබේද?

එසේනම් බොහෝවිට ඔබට අන්තර්ජාල පහසුකමද තිබේනම් සුලබව කරනු ලබන්නට ඇත්තේ Install this Feature තේරීම ඔස්සේ එම  .Net Framework 3.5 (includes net 2.0 and 3.0) ස්ථාපනය කරන්නට යෑමයි. එහෙත් ඒ සදහා වැයවන කාලය මෙන්ම අන්තර්ජාල පහසුකම් සේවා සපයන ආයතනය ලබාදී තිබෙන සීමිත දත්ත ප්‍රමාණයද වැයකරමින් සිදුකරන කාර්යයට වඩා පහසුවෙන් Offline ලෙස .Net Framework 3.5 ස්ථාපනය කර ගන්නා අයුරු පවසා සිටින්නම්.

මුලින්ම ඔබ සතුව ඇති Windows 8 පරිගණකයේ පිහිටුවීමට යොදාගත් DVD එක ධාවකයට ඇතුළු කරන්න. ඉන්පසුව එම ධාවකයට අදාල drive letter එක Computer හිදී ඔබට දැකගත හැකිය. එය පසුවට අවශ්‍ය වේ.

දැන් Command Prompt Windows එකක් Run As Administrator ලෙසට ලබා ගන්න. 

ඉන්පසුව මෙම විධානය එහි Command Prompt හරහා ක්‍රියාත්මක කළ යුතු අතර මෙහි E: ලෙසට දැක්වෙන Drive Letter එක වෙනුවට ඔබගේ පරිගණකයේදී පෙරකී ලෙස ලැබෙන Drive Letter එක භාවිතා කළ යුතුවේ.

Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source:E:\sources\sxs /LimitAccess

ඉන්පසුව අදාල ස්ථාපනය සිදුවන ආකාරය ඔබට දැකගත හැකිවන අතර අවසානයේ සාර්ථක ලෙස එය ස්ථාපනය වූ බවද තිරයේ දිස්වනු ඇති. තවදුරටත් එය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් Control Panel හි Program and Features හි Turn Windows Features on or off හිදී අදාල .Net Framework 3.5 (includes net 2.0 and 3.0) ස්ථානය සක්‍රීය වී ඇති ආකාරය දැකගත හැකිවනු ඇත.