Thursday, January 3, 2013

2013 වසරේ පළමු ලිපිය ඔබ කැමතිම ඇමරිකානු ඉංග්‍රීසි පා‍ඩමෙන් පටන් ගමු - ඉංග්‍රීසි පාඩම් අංක.06

මෙන්න ඉංග්‍රීසි පාඩමේ හය වැනි ලිපිය. මේ අවුරුද්දේ පළමු ලිපිය ලියන්න අවුරුද්ද පටන් අරන් දවස් තුනක්ම ගිය එක ගැන නම් ප්‍රසාදයක් නැහැ. එත් ටිකක් වෙනස් විදියේ අවුරුදු සුභ පැතුමක් මෙම ලිපියට ඔබ එනකොටම ඇහැ ගැහැන්න ඇති. ලස්සන නම් නැහැ. හැබැයි පොඩි වෙනසක් කරොත් හොදයි කියල හිතුන නිසා ඉතා සරළ Javascript කේතයකින් තමයි ලිව්වේ. ඉදිරියේදී බොහොම අලංකාර වගේම නිර්මාණාත්මකව මේවගේ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන බව කියන අතරේම 2013 වසරේ පළමු ලිපිය එහෙනම් ආරම්භ කරමු.  

(to) cheer someone up - කවුරුන් හෝ සතුටට පත් කිරීම (to make someone happy)

  • Susan called her friend in the hospital to cheer her up.  
  • My father has been depressed for weeks now. I don't know what to do to cheer him up
ඒ වගේම කවුරුන් හෝ සිත් තැවුලෙන් සිටීනම් එයින් ඔහුට හෝ ඇයට මිදීම සදහා "Cheer up!"  කියාත් පවසන්නට පුළුවන්.

(to) give (someone) credit - යමෙකුගේ දායකත්වය අරඹයා ප්‍රශංසා කිරීම (to acknowledge someone's contribution or to recognize a positive trait in someone)
  • The scientist gave his assistant credit for the discovery.
  • I can't believe you asked your boss for a raise when your company is doing so poorly. I must give you credit for your courage!
(to) give credit where credit is due - ප්‍රශංසාව ලැබිය යුත්තාට ප්‍රශංසාව/ගරුත්වය ලබාදීම (to give thanks or acknowledgement to the person who deserves it)‍.
  • I will be sure to thank you when I give my speech. I always give credit where credit is due

(to) go into business - ව්‍යාපාරයක් ආරම්භ කිරීම (to start a business)
  • Jeff decided to go into business selling baseball cards.
  • Eva went into business selling her homemade muffins.
  • You should go into business selling cookies.
good thinking - හොද අදහසක්, හොද සැලැස්මක් (good idea; smart planning)
  • I'm glad you brought an umbrella — that was good thinking!
  • You reserved our movie tickets over the Internet? Good thinking!
(to) have a heart of gold - බොහොම කාරුණික කෙනෙක් කියන අර්ථය ලබා දෙයි (to be very kind and giving)
  • Alexander has a heart of gold and always thinks of others before himself.
  • You adopted five children from a Romanian orphanage? You've got a heart of gold! 
  • Thanks for baking cookies for me. You've got a heart of gold.
Help yourself - ඔබ විසින්ම කරුණාකර අරගන්න/ කරගන්න වගේ අරුතක් ලබා දෙයි (serve yourself)
  • "Help yourselves to cookies and coffee," said Maria before the meeting started.
  • You don't need to wait for me to offer you something. Please just help yourself to whatever you want.
  • I baked these cookies. Help yourself!
(to be) in a bad mood - අසතුටෙන් හෝ කනස්සල්ලෙන්, කණගාටුවෙන් සිටීම (unhappy; depressed; irritable)
  • After her boyfriend broke up with her, Nicole was in a bad mood for several days.
  • I don't like to see you in a bad mood. How can I cheer you up?
just what the doctor ordered - මෙයින් දොස්තර මහතා නිර්දේශ කරනු ලැබූවක් ගැන කියන්නේ නැහැ. මෙයින් කියන්නේ යමෙක් වඩාත් ප්‍රියකරන දෙයක් ගැන පැවසීමයි (exactly what was needed)
  • Martin wanted a hot drink after spending the day skiing. A cup of hot cocoa was just what the doctor ordered.
  •  Our trip to Florida was so relaxing. It was just what the doctor ordered!
  • I was thirsty. This iced tea is just what the doctor ordered.
(to) make a bundle - ගොඩක් මුදල් උපයා ගැනීමට තමයි මෙහෙම කියන්නේ (to make a lot of money)
  • Bob's friend Charles made a bundle in the stock market and retired at age 45.
  • Sara made a bundle selling her old fur coats on eBay, a website where you can buy and sell used things. 
  • If you went into business selling these delicious cookies, you'd make a bundle.
(to be) on edge - කම්පනයකින්, මානසික ආතතියකින් හෝ නොරුස්නා සුළු බවකින් පෙළිම දැක්වීමට යොදා ගනී (nervous; irritable)
  • Whenever Susan feels on edge, she takes several deep breaths and starts to feel more relaxed.
  • Ever since his car accident, Neil has felt on edge
out of this world - යම් ආහාරයක් හෝ පානයක් ඉතා රසවත් බව දැක්වීමට යොදා ගනී. (delicious)
  • Mrs. Field's oatmeal raisin cookies are out of this world!
  • Mmmm, I love your chicken soup. It's out of this world! 
(to) pig out [slang] - බොහොම පෙරේත කමකින් යමක් කාගෙන කාගෙන යාමට වගේම ඔන්න කාල දාන්න ‍වගේ දෙයක් කීමටත් යොදා ගන්නට පුළුවන් (to eat greedily; to stuff oneself)

  • Ted pigged out on hot dogs and hamburgers at the barbeque and then got a stomachache.
  • "Nicole, stop pigging out on cookies or you'll never be able to eat your dinner!"
  • One can pig out on hotdogs, pig out on candy, pig out on ice cream.
  • I baked these cookies for you. Why don't you pig out?
එහෙමනම් මේ අවුරුද්දෙත් විවිදාකාරයේ ‍‍තේමා ඇති වගේම වෙනස් විදියේ මාතෘකා ඇති ලිපි වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් මෙම වසරේ පළමු ලිපිය අවසන් කරන්නම්.
 


9 comments:

  1. tnx wewa.
    wish eka podi vunath shoi vadak.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ටිකක් අළුත් අත්දැකීමක්.ඒත් තව අලංකාර කරන්න තිබුනා නම් හොදයි. බලමු ඉදිරියේ ඒ අඩුපාඩුවත් හදාගන්න...

      Delete
  2. අහන්න හිටියෙ මොකෝ පරක්කු කියලා.

    නව වසර සුබ වේවා....!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ වසරක්.. අවුරුද්ද පටන් ගන්න‍කොටම තිබුන මහන්සි ගතිය නිසා ටිකක් පරක්කු වුනා...

      Delete
  3. සුබ නව වසරක් වේවා ඔබටත්...අපේ පාඩම ආයිමත් ඇවිත්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වරසක්. ඔව් තව පාඩම් රැසක් මෙහි තිබෙනවා...

      Delete
  4. 2013 ට සුබ පැතුම් . අසාවෙන් කියවනවා. ප්‍රයෝගිකව යොදා ගන්න තැනක් නැතිව ලත වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වරසක්. කවදා හෝ එම දවස උදාවේවි‍්‍...

      Delete
  5. අපූරු ලිපි වෙනදා වගේම ගෙන එන්නට නව වසරට සුභ පැතුම්..

    ReplyDelete