Sunday, October 14, 2012

ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old & some Modern Currency Notes and coins of Sri Lanka)

මම මේ පෙන්වන අපේ රටේ 30 දශකයේ සිට ආණ්ඩුවෙන් නිකුත් කළ මුදල් නෝට්ටු සමහර විට ඔබ නෝට්ටු ලෙසම හෝ පින්තූර වලින් හෝ වෙනයම් වෙබ් අඩවියකින් දැක තිබෙන්නත් පුළුවන්. ඒත් හැම එකක්ම නම් මම නම් දැක නැහැ. මට ලගදී දවසක මිතුරෙකු එවූ email පණිවිඩයක තමයි මේ දුර්ලභ මුදල් නෝට්ටු වල ඉදිරිපස පින්තූර රැස ලැබුනේ. මෙන්න එම පින්තූර.

































 මේ රු.200/= නෝට්ටුව නම් මෑතක නිකුත් කළ එකක් වුවත් දැන් එයත් භාවිතයේ නැති තරම්...













මෙහිදී මට ලැබුන  සමහර පින්තූර පැහැදිලි නොමැති නිසා ඒ ගැන සොයන කොට සමහර මුදල් නෝට්ටු වල පින්තූර http://wideshaseva.com/home/old_money.html සහ http://www.arunella.net/old_money/index.htm කියන වෙබ් අඩවි වලින්ද ලබා ගත්තා.ඒවගේම http://blog.malindaprasad.com/2011/03/13/sri-lanka-old-currency-note/ අඩවියේ මෙහි පළ නොවූ මුදල් නෝට්ටු කිහිපයකුත් තිබෙනවා.

ඒ එක්කම මෙම කාසි බොහෝමයකුත් භාවිතයෙන් ඉවත්ව ගොස් ඇති අතර තව ටික කලකින් දුර්ලභ විය හැකි ශත 25 සහ ශත 50 කාසි මෙන්ම රිදියෙන් නිමකරන ලදැයි පැවසෙන පැරණි ශත 50 කාසියත් මෙතන තිබෙනවා.

වර්ථමානයේ භාවිතාන වන මුදල් නෝට්ටු වල පින්තූරත් මෙතන තිබුනොත් තවත් හොද නිසා ශ්‍රී ලංකා මහ බැංකු‍වේ http://www.cbsl.gov.lk/htm/english/06_cm/c_4.html#fivethousand අඩවියේ පළ කර තිබූ එම මුදල් නෝට්ටු වල ආදර්ශයන්ගේ පින්තූරත් මෙන්න.













34 comments:

  1. ලස්සනයි. මෙයින් දෙක තුනක් තමයි මම අඩු ගන්නේ දැකලාවත් තිබුනේ. මෙතන නැති කාසි නම් දෙක තුනක්ම මගේ ළඟ තිබුනා.

    ReplyDelete
    Replies
    1. සත් සමුදුර: ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old And Some Modern Currency Notes And Coins Of Sri Lanka) >>>>> Download Now

      >>>>> Download Full

      සත් සමුදුර: ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old And Some Modern Currency Notes And Coins Of Sri Lanka) >>>>> Download LINK

      >>>>> Download Now

      සත් සමුදුර: ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old And Some Modern Currency Notes And Coins Of Sri Lanka) >>>>> Download Full

      >>>>> Download LINK Bi

      Delete
  2. ලස්සනයි..නොදැකපු අය ඕනතරම්..!

    ReplyDelete
  3. මම නම් කලින් දැකල තිබුණ ඔය ටික. ඒ වගේම මෙතන නැති තව කීපයක ඡායාරූප තිබුණ මගේ ළඟ, ඔබේ ඊමේල් ලිපිනය සඳහන් කරානම් මම මේලක් දාන්නම් ඒ ටික.

    ඒ වගේම ඔතන තිබෙන නෝට්ටු කීපයක් මගේ ළඟ තිබෙනව. කාසිත් ටිකක් තිබෙනව. පැරණිම කාසිය 1736 දි නිකුත් කරපු VOC එකක්. තව පස්වෙනි ජෝජ්, හයවෙනි ජෝජ්, රැජිණ ඉන්න ශත ගණන්වල (ශත භාගෙ, කාලෙත් ඇතුළු) කාසිත් ටිකක් තියෙනව.

    ReplyDelete
  4. අන්තිම රුපියල් දහය නං මං ලග තියෙනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මේ විස්තරයට සහ අතීතය මතක කර දුන්නාට. මේ එක් එක් නෝට්ටුවේ අපේ රටේ ඉතිහාසයට සම්බන්ධ වැදගත් තොරතුරු තිබෙනවා. ඉඩක් ලැබුනොත් ඒ විස්තරත් සොයා පලකරන්න. ඒවා හරිම රසවත් තොරතුරු. මෙහි දක්වා ඇති නෝට්ටුවල පින්තුර ඉහල සිට පහලට 1,2,3,4, වශයෙන් ගණන කලොත් මම දැක නැත්තේ 2,4,5,17,18,20,21,22, යන නෝට්ටු පමණයි. කාසි ඔක්කොම දැකලා තියනවා. මෙතන නැති තව නෝට්ටුවක් තියනවා ඒ තමයි මැදින් හිල් පේලියක් විදලා තිබුන සත 10 නෝට්ටුව. එය දෙකට ඉරලා දුන්නම එක කෑල්ලක් සත 5 යි. දැන් 1000 නොට්ටුව්ක්‌ එහෙම හදලා තිබුනොත් මොනවා වෙයිද? 5000 නෝට්ටු ගොඩක් අපේ නෝනාට ලබුනා එයාගේ විශ්‍රාම පාරිතෝෂිකය ස්ථාවර තැන්පතුවක් කරන්න ගියාම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මොනවා වෙන්නද විචාරක තුමා? දාහේ නෝට්ටුව දීපුවාම ඉතුරු දෙන්නේ සත පනහෙන් වෙච්චි කොට ඔය නෝට්ටුව මොකට ඉරන්නද?

      Delete
  6. ගොඩක් වැදගත්... මේව එක තැනකට එකතු කරල පෝස්ට් එකක් දාපු එකනම් ගොඩක් හොඳයි..
    ස්තූතියි.

    ReplyDelete
  7. අනේ හරි ලස්සන නෝට්ටු ටිකක් බොහොම ස්තූතියි..

    ReplyDelete
  8. ගොඩක් ඒවා කලින් දැකලා තිබුනා ඔය වගේ ආපු හීයකින්. ඇත්තටම මේ නෝට්ටු දකිද්දි නිකම්ම ළමා කාලය මතක් වෙනවා.. ඉස්සර රුපියල් පහක කොලයක් හම්බුනාම එහෙම අපිට කොච්චර සතුටුද ?

    මේ නෝට්ටු පිටිපස්සෙන් අපේ ආර්ථික අවපාතයේ කතාවත් හීනියට ගලාගන යනවා.

    හෙට අනිද්දම මිලියනේ, බිලියනේ ඒවත් එන්ඩ බැරිකමක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ මචං අර සිම්බාබ්වේ ද කොහෙද වගේ අපේ එවුන් මිලියන් ගණන් ඇරගෙන එයි නේ ටොපියක් ගන්න එහෙම?? මේ යන විදියට ඒකත් වැඩි ඈතක් නෑ වගේ..

      Delete
  9. අගනා පෝස්ටුවක්...හොඳ එකතුවක්...බෙදාගත්තට ස්තුතියි....

    ReplyDelete
  10. ගොඩක් වටින ලිපියක් අයියේ. ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
  11. මයින්ඩර් මාමා හොඳයිනෙ බලාගෙන ගියාම ;-)

    ReplyDelete
  12. මෙතන ඇති නෝට්ටු වලින් තුනක් හැර අනෙක් හැම නෝට්ටුවක්ම අඩුම වශයෙන් තුන බැගින්වත් මගේ කෞතුක භාන්ඩ එකතුවේ තිබෙනවා. දිනේෂ්, නැවත ලංකාවට ගිය විටෙක සත් සමුදුරේ ලිපියක් හැටියට පළ කරන්නට ඒවායේ ඡායාරූප ඔබට ලැබෙන්න සලස්වන්නම්.

    ReplyDelete
  13. ස්තූතියි දිනේශ් අනගි විස්තරයක් එකතු කළාට.

    ReplyDelete
  14. වටිනා ලිපියක්. මං නොදැකපු පැරණි නෝට්ටු කීපයක් ම මෙතන තියනවා.

    ReplyDelete
  15. Very useful article.I have seen only a very few notes out of all these pictures.

    ReplyDelete
  16. හැමෝටම ස්තූතියි. ඒ වගේම තවත් මෙතන නැති නෝට්ටු එවන්න ඉදිරිපත් වුන DDT, අමිල ඇතුළු මිතුරන්ටත් ස්තූති කරන අතරේ මගේ email ලිපිනය dguruge@gmail.com ට ඔබ සතුව තවත් දුර්ලභ මුදල් නෝට්ටු සහ කාසි වල පින්තූර එව්වොත් ඒවාත් පළ කරන්නම්...

    ReplyDelete
    Replies
    1. මේල් දෙකක් දැම්මා, බලන්න.

      Delete
  17. උඩ ඉඳන් පල්ලෙහට යනකොට හමුවෙන 17වෙනි කොලයේ ලොකු වැරැද්දක් තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි!

    ReplyDelete
    Replies
    1. ඔබම ඒ වැරැද්ද කියන්න...

      Delete
    2. මම දැක්කා. එකේ සත පහ කියලා ලියලා තියෙනවා. ඉලක්කම තියෙන්නෙත් 5c කියලා. ඒ වුනාට කඩ්ඩෙන් තියෙන්නේ රුපියල් 5ක් ගෙවන්න පුළුවන් කියලා.

      Delete
    3. හරි හරි.. වෙනස තේරුනා. රුපියල් 5ක් දක්වා ගෙවන්න ගන්න පුළුවන්.. නියමයි!!!

      Delete
  18. මගේ මිතුරෙක් ළඟ මෙතන තිබෙන පැරණිම නෝට්ටු ටික තියෙනවා. ඒ නිසා දැක තිබුනත් මෙය අපේ ළමා පරපුරට ඉතා වටිනවා. අනිත් එක මම වැඩ කරන මහජන බැංකුවේ මුදල් කෞතුකාගාරයක් තිබෙනවා(තාම ගිහින් නෑ. :ද).

    මම හිතන්නේ ඇනෝ පෙන්වා දෙන වැරැද්ද ඒ කාලේ රජය පනවපු නීතියක් වෙන්න පුළුවන්. එහි සඳහන් විදියට රුපියල් පහට අඩු ගෙවීම් සඳහා පමණයි මෙය භාවිතා කරන්න පුළුවන්. ඔහුට පැටලෙන්න ඇත්තේ මෙය සත පහේ නෝට්ටුවක් රුපියල් පහ දක්වා ගෙවන්න කියන තේරුමෙන් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හිතෙන්නේ. එතන තියෙන විදියට නම් මෙම මුදල් නෝට්ටු සමූහයක එකතුවකින් ගෙවන්න පුළුවන් රු.5/= ක් දක්වා වූ ගෙවීමක් පමණයි. රු.5/= දක්වා වූ ගෙවීමක් කරන්නත් මෙවැනි නෝට්ටු 100 ක් උවමනා වන නිසා එයට වඩා ගෙවීම් ප්‍රායෝගිකව ගත්තත් මෙම නෝට්ටුවෙන් කරන්නට අපහසු වේවි...

      Delete
  19. නියමයි දුර්ලබයි පාසල් යන දරුවන්ටත් වටිනවා...

    ReplyDelete
  20. අද තමා මේ බ්ලොග් එක මං දැක්කේ.ගොඩාක් වටින බ්ලොග් එකක්.මාත් බ්ලොග් ගැන උනන්දු වුනේ මේ ලගකදී.

    ReplyDelete
  21. https://believeinyourselfcr.wordpress.com

    ReplyDelete
  22. ඉගෙන ගන්නා දරුවන්ට හොද අත්වැලක් ස්තුතියි

    ReplyDelete
  23. මා ලඟ ත් කාසි නෝට්ටු විශාල පුමානයක් තිබේ නවා සත බාගයේ සිට තවත් රිදී සත විසි පහ සත දාය සත පත හ හින්තල සත විසි පහ සත පනහ පිත්තල සත දෙක සත පහ සත දහය , සමරු කායි ලංකාවේ ප්‍රථම සමරු කායියේ සිට වර්ග රැසක් රුපියල් එකේ සිට නෝට්ටු චායාරෑප අවශ්‍ය නම් දන්වන්න තවද මා ලඟ වැඩිපුර ඇති කායි නේට්ටු නුව මාරු වට කැමතියි

    ReplyDelete
  24. සත් සමුදුර: ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old And Some Modern Currency Notes And Coins Of Sri Lanka) >>>>> Download Now

    >>>>> Download Full

    සත් සමුදුර: ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old And Some Modern Currency Notes And Coins Of Sri Lanka) >>>>> Download LINK

    >>>>> Download Now

    සත් සමුදුර: ඔබ ලංකාවේ භාවිතා වූ පැරණි මුදල් නෝට්ටු දැක තිබේද? මෙන්න දැක නැත්නම් බලන්න... (Old And Some Modern Currency Notes And Coins Of Sri Lanka) >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete