Thursday, October 4, 2012

සත් සමුදුරට නිතර පැමිණෙන සහ පැරණි ලිපි කියවීමට කැමති ඔබට වැදගත් පණිවියක්....

මුලින්ම ඔබට ස්තූතිකරන්න කැමතියි ඊයේ දින‍යේ පසුකර කඩයිමක් ගැන පවසමින්. ඒ තමයි සත් සමුදර හිට්ස් 400,000 සීමාව ඊයේ පසුකර ගියා. අධ්‍යාපනික ලෙස වර්ගීකරණය කළ හැකි හෝ මේ සීමාව ඉක්මවා ගිය බ්ලොග් අඩවි සංඛ්‍යාව තවම අඩුනිසා සහ මෙතරම් කාලයක් ඔබේ සහයෙන් සහ අනගි සහයක් දෙන සින්ඩි සහ සහෝදර බ්ලොග් අඩවි සහ වෙබ් අඩවිවලින් ලබා දෙන සහය නිසා මෙම සැතපුම් කණුවද පසුකර ඉදිරියට ගිය බව ස්තූතිපූර්වකව මතක් කිරීමට කැමතියි.

ඒවගේම කියන්න ඕන කාලයක සිට කිහිප දෙනෙකුම ඉල්ලා සිටි පැරණි ලිපි කියවීමට පහසු ක්‍රමයක් වගේම මෑතක මිතුරෙකු ඉල්ලා සිටි බ්ලොග් ඉඟි ලෙස වර්ග කර තිබෙන බ්ලොග් අඩවි කාර්යක්‍ෂම කර ගැනීමට හෝ අලංකාර කරගැනීමට හෝ භාවිතා කළ හැකි HTML/CSS ක්‍රමවේදයන් ‍පහසුවෙන් ඕනෑම අවස්ථාවක බැලිය හැකි ආකාරයකට Menubar එකක් ආධාරයෙන් දැන් පිවිසිය හැකිය. එය සත් සමුදුර banner එකට පහළින් සකස් කර තිබෙන අයුරු ඔබ දැනටමත් දැක තිබෙන්නට පුළුවන්. 

ඉතින් ඒ කුඩා පණිවිඩය ලබා දෙන්නට තමයි මේ ලිපිය ලිව්වේ. එහෙනම් ඉක්මනින් නැවත ලිපියකින් හමුවන අපේක්‍ෂාවෙන් දැනට නවතින්නම්...

ස්තූතියි!

36 comments:

  1. සුභ පැතුම් සහෝදරයා. මම ඔයාගේ බ්ලොග් එකට අලුතෙන් එකතු වුන කෙනෙක්. ඉතින් මටනම් ගොඩක් වැදගත් වෙනවා Menubar එක, ඔයාගේ පැරණි ලිපි බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ඔබට මෙම ගැජට් එක ප්‍රයෝජනවත් වේවි පරණ ලිපි බලන්න...

      Delete
  2. මගේ සුබපැතුම් සහෝදරයා...

    ReplyDelete
  3. මට නම් ඔය ගැජට් ගැන මේ ලෝකේ දෙයක් තාමත් තේරෙන්නෙ නෑ අප්පා... මෙනුබාර් එක නම් මරු.. විශේෂයෙන්ම මේකට.....

    ReplyDelete
    Replies
    1. ම් ටිකක් මේවා නිතර දකින කොට අදහසක් ඒවි. මටත් මුලින් කවුරුහරි ලියපු කේතයක් එහෙමම භාවිතා කළා මිසක් ඒ හැටි අදහස් තිබුනේ නැහැ. හැබැයි දැන්නම් මමම ගොඩක් ඒවා ලියල, එහෙම නැත්නම් ලියලා තියෙන ඒවා අධ්‍යනය කරල වෙනස්කම් කරල තමයි පළකරන්නේ.මෙනූ බාර් එක නම් ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි කියා සිතනවා. ඒ එක්කම වෙන් වෙන වශයෙන් සියළු ලිපි වලින් ඕනෑම එකකට ඕනෑම අවස්තාවක එන්න පුළුවන් ක්‍රමයක් ගැනත් හදන්න ඔළුවේ තියාගෙන ඉන්නවා...

      Delete
  4. ඔබටත් ස්තූතියි හැකි සෑම වෙලාවකම පැමිණ දෙන ධෛර්යයට...

    ReplyDelete
  5. හිට්ස් 400,000 ට සුභපැතුම්.... අපි දිගටම ඔබත් සමග...

    ReplyDelete
  6. මම මුලින්ම කියවපු බ්ලොග් වලින් ඒකක් සත්සමුදුර. ඊශ්‍රායලය කියලා ගූගල් කරලා තමයි මේකට මුලින්ම ආවේ.

    ReplyDelete
    Replies
    1. ඔව් විවිද විශයන් සම්බන්ධයෙන් ලියලා තිබෙන නිසා Google සෙවුම් වලදී ඉදිරියෙන්ම සත් සමුදුර සිටිනවා...

      Delete
  7. සුභ පැතුම් දිනේෂ්. ඉස්සරහටත් හොඳ ලිපි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුර, ඔබ වරක් ඉල්ලා තිබූ පරිදි ඕනෑම කාලයකදී බ්ලොග් ලියන්න පටන් ගන්නා කෙනෙකුට ප්‍රයෝජනවත් බ්ලොග් ඉඟි ඔන්න වෙනමම පහසුවෙන් බලාගන්න මෙනුවෙන් දැන් පුළුවන්...

      Delete
  8. තවත් දිගු කාලයක් ලියන්න සහෝ
    ඔබට ජයෙන් ජය

    ReplyDelete
  9. දැන් සත්සමුදුර වඩාත් පහසු තැනක් අපට. ලේසියෙන් ලිපි හොයා ගන්න පුළුවන්. ස්තූතියි ඒ වෙන්වෙන් සිතා කටයුතු කලාට. සුබ පැතුම් ඔබේ සාර්ථකත්වයට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරියේදී ඕනෑම ලිපියකට ලේසියෙන් යාමට හැකි වන අයුරින් සකස් කිරීමටත් සිතා සිටිනවා...

      Delete
  10. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! රාජ සම්පත් ම් ම් ඒකත් නරකම නැහැ...

      Delete
  11. උණුසුම් සුබපැතුම් දිනේෂ් .. මම ගොඩ කාලයක් ඉදන් ඔයාගේ ලිපි කියවනවා...කොමෙන්ටුවන්නම් දැම්මේ නැ... මේ අවගේ අවස්ථවක ඔබට සුභ පතා කොමෙන්ටුවක් නොදා යන්න හිත දුන්නේ නැ..ඉදිරියේදී කාල වෙලාව ලැබුනොත් කොමෙන්ටුවන් දමන්නම් ...නැවතත් සුභ පැතුම් දිගටම ලියන්න ශක්තිය දහිර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැකි වෙලාවට එන්න කමෙන්න්ටු කරදරයක් නොවේ නම් ලියන්න....

      Delete
  12. සුබ පැතුම් දිනේශ්....තොරතුරු සහ නව දැනුම ලබාදීමට ඔබගේ වටිනා කාලය සහ ශ්‍රමය කැපකොට කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී ඔබ කරන මේ මෙහෙය අගය කිරීමට මට වචන නොසෑහෙන බව කිව යුතුමයි.

    ඔබ බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ මීට පෙර ලිපි පලකලාද දිනේශ්?..සමාවෙන්න එහෙම නම්..මම දැක්කෙ නැති වෙන්න පුළුවන්..එහෙම නැත්නම් ඒ ගැන කරුණාකරල සටහනක් ලියන්න පුළුවන්ද?

    අන්තර් ජාලයෙන් තොරතුරු සොයාගන්න එක ඒ තරම් දෙයක් නෙවෙයි...ඒත් ඔබගේ රචනා ශෛලිය නිසාම ඔබ ලියන සටහන් කියවීමේදී අමුතුම ආශ්වාදයක් ලැබෙනව.....:) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවී. පෑරණිම පාඨක මිතුරෙක් ලෙස හා මධ්‍යස්ථ මතදාරියෙකු ලෙස ඔබෙන් ලැබෙන සහයත් මේ මොහොතේ අගය කරනවා. මම තවම Bermuda triangle එක ගැන නම් ලියලා නැහැ. මතක හැටියට මම ගාව ඒ සම්බන්ධයෙන් යම් යම් මුලාශ්‍ර කිහිපයකුත් තිබුනා. මම ඒ ගැනත් හැකියාව ලැබුන විගස ලියන්නම්....

      Delete
  13. ඔබේ ලිපි නිතර කියවමි. ඔබ ලබා දුන් දැනුමට සහ තොරතුරු වලට ස්තූතියි. ඔබට සුභ පතමි. ඔෂාන්සිල්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදියේදිත් වෙනස් වගේම අළුත් දේවල් මෙහි තිබේවි..

      Delete
  14. මම බලාගන, ඊයෙ රෑ දිනේශ් testing කියලා දාගන මේක හදමින් හිටියා.. මේක නියම වැඩක්.. පුළුවන්නම් මෙහෙම හදාගන්න විදිහ අපිටත් කියන්න..

    ReplyDelete
    Replies
    1. ඔව්‍ ‍මේක වෙනස්කම් සහ බ්ලොග් එකට ගැලපෙන ආකාරයට හදමින් තමයි හිටියේ. ඒවගේම තව අළුත් දෙයක් අද එකතු කරා. ඒ තමයි කැමති තේමාවකින් කැමති ඕනෑම ලිපියක් බලන්නටත් දැන් මෙම මෙනුවෙන් පුළුවන්. අනිවාර්යයෙන්ම මේ ආකාරයට මෙනුව සදා ගන්නා ආකාරය ඉදිරියේදී කියන්නම්....

      Delete
  15. අලුත් වෙනස හැමෝට ම වගේ වටියි කියල හිතෙනවා. ඒ වගේ ම සත් සමුදුර නව කඩ ඉමක් පසු කිරීමත් ලොකු සතුටක්. ඉස්සරහටත් ඔබගේ වටිනා සේවය අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර, මුල් කාලයේ පටන් මෙහි නිතර ආගිය ඔබ, දැන් යෙදී තිබෙන වැඩ රාජකාරී බහුලවීම නිසා එසේ පැමිණෙන්නට නොහැකි බවත් මා දන්නවා. ඒත් හැකිවෙලාවට පැමිණෙන ලෙසද ඉල්ලා සිටිනවා...

      Delete
  16. සුභ පැතුම් දිනේෂ්, මේ කර ඇති වෙනස නම් මටත් ඉතාමත් වටිනවා..ගොඩක් වෙලාවට මම පෝස්ට් බලන්නේ දවස් 2,3ක් පහු වෙලා නිසා ගොඩක් ඒවා මඟ ඇරෙනව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්. මම මේ දැන් ටිකකට කලින් තවත් පහසුවෙන වෙනස් කමක් කරා කැමති ලිපියකට කියා. ඒත් හැබැයි ඒක එක්කරාට පස්සේ Load වීමේදී කිසියම් මන්දගාමී බවත් ඇතිවුනාද කියලා හිතෙනවා. බලමු එහෙම වුනොත් වෙනස් කමක් කරන්නම්...

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පැරණි ලිපි තෝරා ගන්න පහසු කලාට ස්තුතියි. ඒ වගේම සුබ පතනවා ඔබට!!

      Delete
    2. ස්තුතියි! ඉදිරියේදිත් හමුවෙමු...

      Delete
  18. සුබ පැතුම්....!

    මම, මේ බ්ලොග් එකේ තියෙන සගරාමය ගතියට බොහොම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ‍තවත් බ්ලොග් අඩවියක් වනවාට වඩා වෙනසක් තිබෙන එක නිසා විවිදත්වයක් ඇතිවේවි..

      Delete