Thursday, September 6, 2012

අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න)

මීට කලින් ලියූ ලිපියේදිත් කතා කළේ මෑත ඉතිහාසයේ ලෝකයේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩන ක්‍රම සහ පුරාණ ලක්දිව ක්‍රියාත්මක වුනා යැයි පැවසෙන් දෙතිස් වදයන් පිළිබදවයි. එම ලිපියෙන් පසු නැවත ඒ ගැන කතා කිරීමට තරම් අවධානයක් යොමූ නොවූවත් එහිදී උදාර මිතුරා ලබාදුන් තොරතුරකට අනුව අප නොදන්නා තවත් කොපමණ දරුණු සහ කුරිරු ක්‍රම ඉතිහාසයේ සහ මෑත කාලය දක්වාම ක්‍රියාත්මක වුනි දැයි දැක ගන්නට ලැබුන නිසා එම කරුණු රසවත් නොවූවත් ඔබගේ දැන ගැනීම පිණිස "සැර" අඩු කොට ඉදිරිපත් කිරීමට සිතුනා.

Garrote - ඉන් එක ක්‍රමයක් තමයි Garrote කියන උපකරණය භාවිතයෙන් මරණයට පත්කිරීම. අපේ රටට නුහුරු දෙයක් වුනත් අසල්වැසි ඉන්දියාවේ 19 වන ශතවර්ශය පමණ වන තෙක් මෙම ක්‍රමය භාවිතා කර තිබෙන අතර ස්පාඤයේ නම් වසර සිය ගණනක් යන තෙක් ප්‍රධානම මරණීය දණ්ඩන ක්‍රමය මෙය බවත් පැවසෙනවා. පු‍ටුවක ඉන්දවා එහි පිටුපසට සවිකර ඇති යාන්ත්‍රණයකින් බෙල්ල බිද දැමීමෙන් "නිශ්ෂබ්ද" ලෙස මරණය ලඟකර දෙන ක්‍රමයක් ලෙස මෙය හැදින්වෙනවා. රූපයේ දැක්වෙන අයුරින්ම මෙම ක්‍රමය කොයි ආකාරයට භාවිතා කරනවාදැයි ඔබටම වටහා ගත හැක. ස්පාඥයේ ෆැන්සිස්‍ ෆැන්කෝගේ ඒකාධිපති පාලන සමයේදී මෙම ක්‍රමය බහුලව භාවිතා කර තිබෙන අතර 1930 ගණන් වල සිදුවූ ස්පාඥය කැරැල්ලෙන් පසුව මෙම යන්ත්‍රවලට "විවේකයක්" තිබුනේම නැති බවත් පැවසෙනවා.
http://en.wikipedia.org/wiki/Garrote



(The garrote very common once, is no longer sanctioned by law in any country though training in its use is still carried out in the French Foreign Legion. The garrote is a device that strangles a person to death. It can also be used to break a person’s neck. The device was used in Spain until it was outlawed in 1978 with the abolition of the death penalty. It normally consisted of a seat in which the prisoner was restrained while the executioner tightened a metal band around his neck until he died. Some versions of the garrote incorporated a metal bolt which pressed in to the spinal chord, breaking the neck. The victim may pass into a state of severe and painful convulsions and then pass into death. This spiked version is known as the Catalan garrote. The last execution by garrote was José Luis Cerveto in October 1977. Andorra was the last country in the world to outlaw its use, doing so in 1990. However garroting is still common in India according Indian author and forensic expert Parikh.)


Scaphism - මෙය අමුතුම ක්‍රමයක්. මටත් මේක හරියටම තේරුනේ නැහැ. ඒත් මට වැටහුන විදියට කියන්නම්. මෙය ක්‍ෂනිකව මරණය ගෙන නොදෙන හා වේදනා විද මරණයට ලඟා වෙන සහ එක් හේතුවක් හේතු කිහිපයක සංකලනයක් නිසා මරණයට පත්වන ම්ලේච්ඡ ක්‍රමයක්. පුරාණ පර්සියාවේ මෙම ක්‍රමය භාවතා කළ බව පැවසෙනවා. මෙහිදී නිරුවත් පුද්ගලයා බෝට්ටු දෙකක අත් සහ පාද ගැටගසා ඊට පස්සේ බලහත්කාරයෙන් කිරි සහ පැණි කන්න දී තිබෙනවා පාචනය හැදෙනකම්ම. ඒ ‍වගේම තව වැඩිපුර ප්‍රමාණයක් ශරීරය පුරා තැවරීමකුත් සිදුකර තිබෙනවා. මෙම ක්‍රම වලින් බලාපොරොත්තුවූයේ මැස්සන් වැනි කෘමීන් මොහු වෙතට ගෙන්වා ගැනීමයි. එසේ පැමිණෙන මැස්සන් මෙම නිරාවරණය වූ පුද්ගලයා මත බිත්තර දමන අතර ඉන් ඇතිවන පනුවන් මෙම පුද්ගලයාගේ මසද කා දමමින් වැඩෙන්නට පටන් ගන්නා අතර පුද්ගලයාගේ සිරුර මත තුවාල හටගැනීමත් සිදුවෙනවා.මෙසේ දවස් කිහිපයක්ම තිබෙන්නට හරින විට තුවාල වලින් පීඩාවට පත්වනවාට අමතරව විජලනය සහ ආහාර නොමැති කමින් හාමත් වීමෙන් පුද්ගලයා ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගන්නවා. මෙසේ විජලනය, තුවාල ආසාදනය, නිරාහාරව සිටීම හා කම්පනයෙන් පුද්ගලයා මිය යන්නේ අමානුශික හා වේදනාකාරී අයුරකිනි.
http://en.wikipedia.org/wiki/Scaphism

(Scaphism, also known as the boats was an ancient Persian method of execution designed to inflict torturous death. The naked person was firmly fastened within a back-to-back pair of narrow rowing boats (or a hollowed-out tree trunk), with the head, hands, and feet protruding. The condemned was forced to ingest milk and honey to the point of developing severe diarrhea, and more honey would be rubbed on his body in order to attract insects to the exposed appendages. He or she would then be left to float on a stagnant pond or be exposed to the sun. The defenseless individual’s feces accumulated within the container, attracting more insects, which would eat and breed within his or her exposed and increasingly gangrenous flesh. The feeding would be repeated each day in some cases to prolong the torture, so that dehydration or starvation did not provide him or her with the release of death. Death, when it eventually occurred, was probably due to a combination of dehydration, starvation and septic shock. Delirium would typically set in after a few days. Death by scaphism was painful, humiliating, and protracted.)



Flaying නැත්නම අපේ භාෂාවෙන් නම් හිසේ සිට දෙපතුල දක්වා හම ගැසීම නැත්නම් තේරෙන්නම කියනවා නම් "ඉහේ ඉදන් පට්ට් ගැසීමත්" ඉතා පෞරානික දඩුවමක්. ඇසිරියන්වරු‍ මෙන්ම චීනයේ මින්ග් අධිරාජ්‍ය සමයෙත් සිදුකෙරුණු අතිශයින් වේදනාත්මක හා අමානුශික දඩුවමක් ලෙස මෙය සටහන් කරන්නට පුළුවන්.

(Flaying is the removal of skin from the body. Like an animal is flayed in preparation for human consumption, or for its hide or fur; this is more commonly called skinning, flaying is similar method applied onto humans. Flaying of humans was used as both a method of torture and execution, depending on how much of the skin is removed. Flaying is an ancient practice, used by Assyrians and Ming Dynasty.)

මේ දඩුවම විවිදාකාරයට සිදුකරල තියෙනවා. ඇසිරියන්වරු විශේෂයෙන්ම මෙය සිදුකරල තියෙන්නේ තමන් අල්ලා ගත් සතුරන්ට මෙම දඩුවම දීම තුලින් තම බලය හා සතුරා බියවැද්දීමටයි. ඊට අමතරව ඇසිරියන්වරු යමෙකු හම ගැසීමට ප්‍රථම ඔහුට සිය දරුවා තමන් ඉදිරියේදීම හම ගැසීම නැරඹීමට ලබා දෙන තරම් කුරිරු වෙලා තියෙනවා . ඒ එක්කම මෙක්සිකෝවේ ඇස්ටෙක්වරු පූජනීය වශයෙන් මිනිසුන් බිලි දීමෙදිත් මෙම "ශුද්ධ" වූ ක්‍රමය භාවිතා කරන්නට තරම් බැතිබර වෙලා තිබෙනවා. හැබැයි ඔවුන් නම් යම් තරමකට මානුශික වෙලා තියෙනවා. මොකද හම ගැසීම සිදුකර තිබෙන්නේ "මනුස්ස බිල්ල" මිය ගියාට පසුවයි  (මෙන්න ඔය සමහරුන් ආඩම්බරයෙන් නැවත ස්ථාපනය කරන්න දගලන ඉතිහාස ශිෂ්ඨාචාරවල සැබෑ ස්වරූපය). වෙනකක් තබා දියුණු යයි සම්මත යුරෝපයේ පවා 18 වන සියවසේදිත් මෙම ක්‍රමය අනුගමනය කර තිබෙනවා. ප්‍රංශය එයට උදාහරණයක්.
http://en.wikipedia.org/wiki/Flaying


Lingchi - නමින්ම තේරෙන විදියට මේක චීනයේ භාවිතා කළ ක්‍රමයක් ක්‍රි.ව. 900 සිට 1905 දක්වා මෙම ක්‍රමය භාවිතා කර තිබෙන අතර මෙහිදී පුද්ගලයා කනුවක වැනි යමක ගැටගසා විටෙන් විට සිරුරේ තැන් තැන් වලින් කැපීම, ඉරීම, ඇදීම, අවයම පිටතට ගැනිම යනාදී වේදනාකාරී හා අමානුශික අයුරකින් සෙමින් මරණයට පත් කිරීම සිදු කර තිබෙනවා.

(Also known as slow slicing, Lingchi was reserved for crimes viewed as especially severe, such as treason and killing one’s parents. Also translated as slow process, lingering death or death by a thousand cuts, was a form of execution used in China from roughly AD 900 until its abolition in 1905. The process involved tying the person to be executed to a wooden frame, usually in a public place. The flesh was then cut from the body in multiple slices in a process that was not specified in detail in Chinese law and therefore most likely varied. In later times, opium was sometimes administered either as an act of mercy or as a way of preventing fainting. The punishment worked on three levels: as a form of public humiliation, as a slow and lingering death, and as a punishment after death. In variable forms, it also involved dismemberment i.e cutting, tearing, pulling, wrenching or otherwise removing, the limbs of the condemned.)
http://en.wikipedia.org/wiki/Slow_slicing


Breaking Wheel  - මෙම දණ්ඩනයත් වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ අමානුශිකයි. මට තේරෙන ආකාරයට නම් රෝදයක් වැනි දෙයක් ගැටගසා ඉතා දරුණු ලෙස පහර දීමකින් ඇට කුඩු පට්ටම් කර මරා දැමීම විය යුතුයි. යුරෝපයේ රටවල් ගණනාවක සහ ඇමරිකාවෙත් ඉස්සර මෙම අපූරු ක්‍රමය භාවිතා කර තිබෙනවා.

(Breaking wheel or the Catherine wheel was a torture device used for capital punishment in the Middle Ages and early modern times for public execution by cudgelling to death. It was used during the Middle Ages and was still in use into the 19th century. Breaking on the wheel was a form of torturous execution formerly in use in France, Germany, Denmark, Sweden, Romania, Russia, the US, and other countries. The wheel was typically a large wooden wagon wheel with many radial spokes, but a wheel was not always used. In some cases the condemned were lashed to the wheel and beaten with a club or iron cudgel, with the gaps in the wheel allowing the cudgel to break through. Alternatively, the condemned were spreadeagled and broken on a St Andrew’s cross consisting of two wooden beams nailed in an “X” shape, after which the victim’s mangled body might be displayed on the wheel.)
http://en.wikipedia.org/wiki/Breaking_wheel

Brazen Bull - මේකත් ග්‍රීක අධිරාජ්‍ය පැවතුන කාලය තරම් දීර්ඝ ඉතිහාසයක් ඇති ක්‍රමයක්. මෙහිදී පුද්ගලයා ලෝකඩ වලින් තැනූ එක් පැත්තක දොරක් ඇති ගවයෙකුගේ පිළිරුවක් තුලට දමා දොර වසා යටින් ගිනි අවුළුවා පුද්ලයා එය තුල "රෝස්" වන්නට හරනවා. මෙහි ඇති අපූරුබව තමයි මෙම ගවයාගේ හිස ප්‍රදේශයේ සකස් කර ඇති සංකිර්ණ නල පද්දතියක් නිසා පුද්ගලයා ‍වේදනාවෙන් කෑගසන හඩ වෙනුවට පිටතට ඇසෙන්නේ කුලප්පු වූ හරෙකෙකු තප්පුලන ශබ්දය බවද පැවසේ.
http://en.wikipedia.org/wiki/Brazen_bull

(Brazen Bull or the Sicilian Bull is a  execution device designed in ancient Greece. Perillos of Athens, a brass-founder, proposed to Phalaris, the tyrant of Akragas, Sicily, the invention of a new means for executing criminals. Accordingly, he cast a bull, made entirely of brass, hollow, with a door in the side. The condemned were shut in the bull and a fire was set under it, heating the metal until it became yellow hot and causing the person inside to roast to death. The bull was  designed in such a way that its smoke rose in spicy clouds of incense. The head of the ox was designed with a complex system of tubes and stops so that the prisoner’s screams were converted into sounds like the bellowing of an infuriated bull. It is also said that when the bull was reopened, the scorched bones of the remains shone like jewels and were made into bracelets.)

Disembowelment - මෙම ක්‍රමය ජපානය වැනි රටවල භාවිතා කර තිබෙනවා. මෙහිදී අවයව එකක් හෝ කිහිපයක් සිරුරෙන් එලියට ඇද දැමීම තමයි සිදුකර තිබෙන්නේ.
http://en.wikipedia.org/wiki/Disembowelment

(Disembowelment or evisceration is the removing of some or all of the vital organs, usually from the abdomen. On humans, as a method of death penalty, it is fatal in all cases. It has historically been used as a severe form of capital punishment. The last organs to be removed were invariably the heart and lungs so as to keep the condemned alive (and in pain) as long as possible.  Disembowelment played a part as a method of execution and ritual suicides once in Japan.)

Boiling - මෙය අපේ රටෙත් භාවිතා වුන ක්‍රමයක්. ‍අපි ඉතිහාසය ගැන හදාරන කොට පැවසුන කැලණි තිස්ස රජතුමා භාවිතා කළ ක්‍රමය තමයි මෙම ක්‍රමය. එනම් උණු තෙල් හෝ ඇසිඩ් හෝ වතුර ‍හෝ බැස්සවීමෙන් මරණයට ලක්කිරීම. බොහෝවිට මෙය සිදුකර තිබෙන්නේ විශාල කල්දේරමකට ඉහත කී ද්‍රවය දමා එය දැඩි සේ රත් කිරීමේන. යුරෝපයේ හා රුසියාවේ මීට වසර 300 කට පෙර මෙම ක්‍රමය භාවිතා කර තිබෙන අතර ඉහත කී ද්‍රව වලට අමතරව තාර හෝ සත්ත්ව තෙල් යනාදියත් භාවිතයට ගෙන තිබෙනවා.

(Where the victim is dipped in a big bowl. This method was used in Russia and Europe 3000 years ago and they used oil, acid or water. This type is considered slow and extremely painful. This penalty was carried out using a large cauldron filled with water, oil, tar, tallow or even molten lead. Sometimes the victim was immersed, the liquid then being heated, or he was plunged into the already boiling contents, usually head first. The executioner could then help speed their demise by means of a large hook with which he sank the person deeper. An alternative method was to use a large shallow receptacle rather than a cauldron; oil, tallow or pitch then being poured in. The victim was then partially immersed in the liquid and fried to death.)


Impalement - මේ තමයි උල තැබීම. අතිශයින්ම වේදනාකාරී සහ මරණීය වේදනාව දිගු වේලාවක් දරා සිටින ක්‍රමයක් ලෙස හැදින්වෙන මෙය ග්‍රීක, රෝම ආදී අධිරා‍ජ්‍ය සමයන්හිදී සහ අපේ රටේ පවා පැවති ක්‍රමයක් ලෙස හැදින්වෙනවා. ඇතැම්විට දින ගණනවක් පුරා වුවත් මෙම උලෙහි දැවටී වේදනාව විද මරණයට පත්වීමට සිදුවන බවද සදහන්.

(Now here is probably the most painful and interesting death method. Impalement as a method of  execution involves a person being pierced with a long stake. The penetration could be through the sides, through the rectum, through the vagina, or through the mouth. This method leads to a painful death, sometimes taking days. The stake would often be planted in the ground, leaving the impaled person suspended to die.  In some forms of impalement, the stake would be inserted so as to avoid immediate death, and would function as a plug to prevent blood loss. After preparation of the victim, perhaps including public torture and rape, the victim was stripped and an incision was made in the perineum between the genitals and rectum. A stout pole with a blunt end was inserted. A blunt end would push vital organs to the side, greatly slowing death. The pole would often come out of the body at the top of the sternum and be placed against the lower jaw so that the victim would not slide farther down the pole. Often, the victim was hoisted into the air after partial impalement. Gravity and the victim’s own struggles would cause him to slide down the pole. This method is extremely painful and was used by Neo-Assyrian Empire, Greek empire, and Roman Empire.)

මෙන්න මේ ගැන තව විස්තර මෙහි තිබෙනවා - http://en.wikipedia.org/wiki/Impalement

Drawing and Quartering - මෙම ක්‍රමය තරමක් ව්‍යාකූලයි. මට තේරුන හැටියට නම් යමෙකු එල්ලා මරණයට පත්වන තෙක් සිට හෝ ඊට ප්‍රථම සිරුර කෑලි වලටත් කපා හෝ පිලිස්සීම යනාදී තවත් විවිද වද බන්ධන ලබාදීමෙන් වේදනාව වැඩි කිරීම සිදු කර මරණයට පත් කර තිබෙනවා. මධ්‍යතන යුගයේ බ්‍රිතාන්‍යයේ බහුලව භාවිතා කර තිබෙනවා. http://en.wikipedia.org/wiki/Hanged,_drawn_and_quartered

(To be hanged, drawn and quartered was the penalty for high treason in medieval England, and remained on the statute book but seldom used in the United Kingdom and Ireland until abolished under the Treason Act of 1814. It was a spectacularly gruesome and public form of torture and execution, and was reserved only for this most serious crime, which was deemed more heinous than murder and other capital offences. It was applied only to male criminals, except on the Isle of Man. Women found guilty of treason were sentenced to be taken to a place of execution and burned at the stake, a punishment changed to hanging by the Treason Act of 1790 in Great Britain. First the convict is dragged on a hurdle (a wooden frame) to the place of execution. This is one possible meaning of drawn, then he is hanged by the neck for a short time or until almost dead. After that he is disembowelled (described above) and emasculated and the genitalia and entrails burned before the condemned’s eyes. Finally the body beheaded and divided into four parts. Typically, the resulting five parts (i.e., the four quarters of the body and the head) were gibbeted (put on public display) in different parts of the city, town, or, in famous cases, in the country, to deter would-be traitors who had not seen the execution.)

මෙම ආකාර පමණක් නොවේ තවත් ආකාර ගණනාවකට ඉස්සර මරණ දඩුවම් ලබාදී තිබෙනවා. අලියෙකුට පෑගවීම, කුරුසයේ ඇන ගැසීම, මාංශ භක්‍ෂයක සතුන් ලබා කෑමට සැලැස්වීම, විශකුරු සර්පයන් ලවා දෂ්ඨ කරවීම තවත් උදාහරණයි.

මෙයට වඩා මෙම අමිහිර මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්නට යන්නේ නැහැ. කැමති නම් මෙන්න මේ අඩවියෙත් මේ වගේ ම්ලේච්ඡ ක්‍රම කිහිපයක් තිබෙනවා දැක ගත හැකියි.
http://malct32.blogspot.com/2010/06/ancient-punishment.html

61 comments:

  1. භයාණකම දේ තමා නිවැරදි කාරයෙක් වැරදිකාරයෙක් උනොත් ඇති වෙන තත්වේ! වැරදි කාරයා වුනා මදිවට වද විදින්නත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බුද්ධි, මම හිතන්නෙ ලෝකයෙ සියළුම රටවල්වලම වගේ මරණ දඬුවමට විරුද්ධ අය ඉදිරිපත් කරන ප්‍රබලම තර්කයත් ඕකම තමයි. එතනදි ආයෙ කිසි ලෙසකින් නිවැරදි කරන්න බැරි වැරැද්දක් සිද්ධ වෙන්නෙ. මම අහල තියෙන හැටියට ලෝක ඉතිහාසයෙ ඒ වගේ නිවැරදිකරුවන් වැරදි සාක්‍ෂි මත මරණ දඬුවමට යටත් කළ සිදුවීම් එතරම් දුර්ලබ දෙයක් නෙවෙයි. මරණ දඬුවම, ජීවිතාන්ත දක්වා සිර දඬුවමක් ලෙස පරිවර්තනය වෙන්න ඒ කාරණයත් බෙහෙවින් ඉවහල් වෙන්න ඇති.
      අනෙක වැරදි වැටහීම් මත හා දුෂ්ඨ චේතනා නිසා දැන දැනම නිවැරැද්දෙ මිනිස්සුන්ට වද දීල මරපු අවස්ථා ඉතිහාසයෙ ඕන තරම් තියෙනව නේ.

      Delete
    2. ඉස්සර නම් එහෙම වෙලා තිබෙනවා. වැරදිකාරයා වෙනුවට කිසිසේත්ම සම්බන්ධයක් නැති නිවැරදිකාරයෝ මරණයට ලක්කරලා තිබෙන අවස්ථා ඉතිහාසයේ හමුවෙනවා. සමහර වෙලාවට වසර සියයකටත් පසුව ඉස්සර කරපු වැරදි වලට නිකරුනේ මැරුම්කාපු නිර්දෝශ මිනිස්සු ගැන තොරතුරු දැක තිබෙනවා. ඒත් අද විද්‍යාවේ දියුණුවත් එක්ක DNA පරීක්‍ෂන සහ තවත් නවීන ක්‍රමවලින් නියම වැරදිකාරයා කොටුකරගන්න පුළුවන් නිසා නැවත සමාජගත කරන්න බැරි අයට ඉතින් "අවසාන විසදුමක්" දෙන්න බැරි කමක් නැහැ...

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  2. Quatering නම් අපි අහලා තියෙන ජනප්‍රවාද වලත් තිබුනා නේද? (සිරුර සතරට කපා සතර වාහල්කඩ එල්ලීම)

    ReplyDelete
    Replies
    1. ඔව් මම හිතන්නේ දෙතිස් වද වලටත් මෙය ඇතුලත් වුනා. හැබැයි එල්ලීමෙන් පසුව කරන එක තමයි ව්‍යාකූල...

      Delete
  3. මම  හිතන විදිහට නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන අපේ රටෙත්

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන දේවල් හැටියට නම් ක්‍රියාත්මක නොකර බැරි හැඩයි...

      Delete
    2. මොන තත්ත්වයක් යටතේවත් අපේ රටේ මරණ දඬුවම නැත ක්‍රියාත්මක කරනවට මම නම් කැමති නැහැ. තවත් කෙනෙක්ගෙ පන නසන්න කිසිම කෙනෙකුට අයිතියක් තියෙන්න බැහැ, තවත් පුද්ගලයෙක්ට ඒ වගේ තීරණයක් දීමේ අයිතියක් තියෙන්න පුළුවන් කමකුත් නැහැ. මිනිස්සු වැරදි කරනව තමයි ඒත් ඒකට අවසාන විසඳුම මරණීය දණ්ඩනය නෙවි. (බොහෝ විට අපරාධ කරන්නෙ අසු නොවෙයි කියන චේතනාවෙන්, එතකොට ඉතිං ඒකට ලැබෙන දඬුවම මොකක්ද කියන එක අපරාධ කරන්න කලින් ඔවුන් සිතනව කියල හිතන්නත් බැහැ නේද?)
      අනෙක අපේ රටේ නම් අද වෙලා තියෙන්නෙ නීතියෙ ආධිපත්‍ය නැතිවීම, සමහරු නීතියට උඩින් සිට වැඩ කිරීම. රටක් තියා කුඩා පාසලක්වත් විනයක් නැතුව පවත්වගෙන යන්න බෑ. නීතිය සැමට සමානව සාධාරණව ක්‍රියාත්මකවෙන හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන සමව සලකන මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා ඉටුවෙච්ච සමාජයක මීට වඩා දූෂණ, අපරාධ අඩුවේවි.

      Delete
    3. යමෙකුගේ පර පණ නීතිය සාධාරණව විසදා තිබියදීත් නසන්නට නොහැකි යයි පවසයි නම්, ඒ පුද්ගලයා මිනීමැරූ අයෙකු නම් සහ කුඩා දරුවෙකුගේ ජීවිතය හා සෙල්ලම් කළ අයෙකු නම් ඔහුට කළ යුත්තේ කුමක්ද? මීට වසරකට පමණ පෙර තෙලිජ්ජවිල අවුරුදු 10 ක පමණ කුඩා පාසල් දැරිය කෙලෙසූ අයට මෙන්ම දැනට දින දෙක තුනකට පෙර කුඩා දරුවන් දෙදෙනෙකු මරා දැමූ පාපිෂ්ඨයාට දියයුතු දඩුවම කුමක්ද? මා ඔබව විවේචනය කරනවා නොවෙයි, හැබැයි ඔබ දක්වා ඇති අයුරින් ලිහිල් අන්දමින් අපරාධකරුවෙකුට සැලකීමේ හැකියාවක් කුමන හෝ යුගයක, කුමන හෝ සමාජයකට නොහැකි බවත් සලකන්න. නීතිය බොහෝ දුරට සාධාරණව ක්‍රියාත්මක වන රටවල පවා අපරාධ සිදුවන බවත් සිහියේ තබා ගත යුතු කරුණකි...

      Delete
    4. ඔව් දිනේෂ්, නීතිය සාධාරණව ක්‍රියාත්මක වන රටවලත් අපරාධ සිදුවෙනව, ඒ වගේම මරණීය දණ්ඩනය ක්‍රියාත්මකකරන රටවලත් අපරාධ සිදුවෙනව. (ඉලක්කම් විජ්ජාවකට වැඩි දෙයක් එතැන නැහැ කියලයි මට හිතෙන්නෙ) හොර මැරකම් වංචා දූෂණ මිනීමැරුම් මේවා ඕනම සමාජයක වෙන්න පුළුවන්, ඒක නැති කිරීම අසීරු වුනත් මම හිතන හැටියට මම උඩ කියපු වගේ සමාජයක ඒවා අවම වෙන්න පුළුවන් කියලයි මම කිව්වෙ. දශක තුනකට වැඩි අමිහිරි යුද්ධයක් සමඟ ඇතිවුණ මානසිකත්වයන් සමඟ අද අපේ සමාජය යම් තරමක අශිෂ්ඨ, නැත්නම් මිලේච්ඡ තැනක ඉන්නව කියලයි මට හිතෙන්නෙ. සියගණන් එකතැන කපා කොටා දැමූ, බෝම්බවලට හසුව මියගිය, වෙඩි වැදුනු අතපය අහිමිවුනු අය, මහ මඟ මිනිස්සු ටයර් සෑවල දැවුනු අඳුරු යුග, යුද්ධය නිසා රට තුළ බහුල වුනු ආයුධ රට වටා පාතාලයට ලෙහෙසියෙන්ම විසිරිල ගිය, කොටින්ම මරණය සිල්ලර වුනු යුගයක් අපි පසුකරමින් ඉන්නෙ. ඒ නිසා අපරාධ වැඩි වීමේ යම් ප්‍රවණතාවයක් තිබෙනව. ඒවා එකිනෙක වෙන වෙනම පුද්ගලානුබද්ධව පමණක් සැලකීමේ යම් ගැටළුවකුත් තිබෙනව නේද? සමාජයක් වශයෙන් අපි හැමෝටම වගකීමක් තිබෙනව. වඩා ශිෂ්ඨ සම්පන්න අවස්ථාවකදි ඔය අපරාධ ක්‍රමයෙන් අවම විය හැකියි කියලයි මම මුලදි සරලව කිව්වෙ, ඒ තත්ත්වය ළඟාකර ගැනීමට ක්‍රියාකිරීම පාලකයන්ගෙ සිට අපි හැමෝගෙම වගකීමක්.
      කෙහොම වුනත් මේක මගේ පුද්ගලික මතය විතරයි දිනේෂ්, මොන තත්ත්වයක් යටතේවත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවට මම අකමැතියි.

      Delete
  4. හාපෝ.... අර බුද්ධි කියල තියෙනව වගේ හැමතිස්සෙම දඬුවමට ලක්වෙන්නෙ වැරදිකාරයොම නෙවේනෙ... ඒ උනාට අපරාධකාරයෙක් උනත් මනුස්සයෙක්නෙ අප්පා....

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වලට දඩුවම් නොදී බැහැ.ඒත් අමානුශික නොවිය යුතුයි...

      Delete
  5. අපේ රටේ පොඩි එවුන් විනාශ කරන එකාලටත් මේ දඩුවම් දෙන්න ඕන බුදධි කියන විදිය ගැනත් ටිකක් හිතන්න වෙනව මොකද අද කාලේ තර්ක මත පදනම් වුණ වැරදි කාරයා කිරීමේ කුමයක් තියෙන්නෙ ඒ තර්ක සමහර අවස්ථාවලදී නිවැරදි අය වැරදි අය කරනවා එහෙම වුණොත් නම් අපරාදයක්ම තමා.. ඒත් අනිවාරයෙන් ඒ වැරද්ද කළ බව දැනගත්තොත් මේ වගේ බරපතල දඩුවමක් දුන්නනම් අනිත් අයත් මේවගේ වැරද්දක් කරන්න කළින් දෙසරයක් හිතනවා කියන එකයි මගේ මතය

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැබැයි විද්‍යාවේ දියුණුවත් එක්ක අපරාධකාරයෝ සොයන එක එදාට වඩා අද පහසු මෙන්ම ස්ථිර නිගමනයකට එන්න පහසුවක් වෙනවා ඇතැයි සිතනවා...

      Delete
  6. සිරා ලිපියක් මචෝ.....

    ReplyDelete
  7. මේ ඔක්කෝම ටික මීට කලින් අහල තිබුනට කියවගෙන යද්දි දාඩියත් දැම්මා.....

    ඉර එළියෙන් පුච්චන ක්‍රමයෙකුත් තිබුනලු කාන්තාර රටවල... ඊජිප්තුවේ එහෙම...

    ReplyDelete
    Replies
    1. ඔව් අපි නොදන්න ක්‍රම තව රාශියක් තිබෙනවා ඇති අනිවාර්යයෙන්ම. ඊජිප්තුව වගේ උශ්නාධික රටවල ඉර එළියෙන් පුච්චල මරණ එක ලේසිත් ඇති...

      Delete
  8. ඊයේ කරපු යෝජනාවට මේ තරම් හොඳ ප්‍රතිචාරයක් මෙච්චර ඉක්මනට ලැබෙයි කියල කොහොමටවත් හිතුවේ නැහැ. ඒ ගැන මුලින්ම ඔබට ස්තූතිවන්ත වෙන්න කැමතියි.
    ඒ වගේම ඔබ ඉහළින් සඳහන් කරල තියෙන Lingchi යන දඬුවම චීනයේ දී හැබෑවටම සිදු කෙරෙන අවස්ථාවක දී ලබා ගත්ත පින්තූර කිහිපයකුත් මට හම්බ වුණා.මෙන්න ලින්ක් එක.http://www.chinasmack.com/2010/pictures/slow-slicing-photos-female-criminal-late-qing-dynasty.html
    හුඟක් සංවේදී අය නම් මේ පින්තූර නොබලන එක හොඳයි.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මේ මොහොතේම එම ලිපියත් ලියල දැම්මොත් වඩාත් ක‍ලෝචිතයි කියල සිතුනා. ඒවගේම හොද ප්‍රතිචාරයකුත් මෙම ලිපියට ලැබී තිබෙනවා. ඔබ ලබා දී තිබෙන අඩවියේ පින්තූර දුටුවා. එතකොට නම් සිතුනා අප ජීවත්වන්නේ මොනතරම් කුරිරු ලෝකයකද කියලා...

      Delete
  9. see " death penealty & executions " for further details.

    ReplyDelete
  10. Brazen Bullමේක දැක්කා ෆිල්ම් එකක හරියටම මොකේද් කියල මතක නෑ

    ReplyDelete
    Replies
    1. කරුණාකර එය දැනගැනීමට ලැබුනොත් කියන්න...

      Delete
    2. Immortals (2011)

      http://www.imdb.com/title/tt1253864/

      Delete
    3. ස්තූතියි! බාමින් පවතිනවා...

      Delete
    4. මාත් ඒක කියන්න හැදුවා තමා :)

      Delete
    5. Drawing and Quartering මේක මම film එකක දැක්ක, Braveheart 1995

      Delete
  11. බලන්න බැරි තරම් භයානකයි. මේව කළේ මිනිස්සුමද කියල හිතෙනව.

    ReplyDelete
  12. අද කාලේ වැරදි කරන අයට මෙයින් දඩුවමක් දෙන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. පූර්ණ වශයෙන් එකඟවීමට නොහැක. දරුවන් දූෂනය කර ඝාතනය කරන, අමානුශික ලෙස දැන දැනම මිනීමරණ අයට නම් මරණ දඩුවම හොද වැඩියි. ඒත් එකවර මරණය ලගකරදීම මිසක් වද දි දී මරණ එක නම් සුදුසු නැහැ...

      Delete
  13. මිනිසා තිරිසනාගෙන් වෙන් කරලා පෙන්නන ප්‍රධාන සාධකයක් මේ.. තිරිසනා කවදාවත් තමුන්ගේ ජාතියේ සතෙක් හෝ වෙන ජාතියක සතෙක් මේ වගේ වද හිංසා දීලා මරන්නේ නැහැ. සිතන්නට හැකි වීමේ අනිසි පිපාකයක් තමයි මේ..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි. සමහර වැරදි සහ සමහර අපරාධකාරයන් සිටිනවා මරණීය දණ්ඩනය දීමට සිදුවන ඒත් වද දී මැරීම නම් අනුමත කරන්න බැහැ...

      Delete
  14. මිනිස්සු මරන්න මේ තරම් දේවල් කරන එක නම් ගොඩක් කෲරයි.

    ReplyDelete
  15. මම නම් කොහොමත් මරණ දඩුවමට සහ කෲර වදහින්සාවලට තරයෙම විරුද්ධයි.... දැන් තාක්ෂණය දියුනු නිසා වරද කරුවන්ව හරියටම සොයාගන්න පුලුවන්, එ වගෙම දඩුවමුත් මානුෂික කලොත් ගොඩක් හොඳයි උදා:- ස්ත්‍රි/ළමා දුෂණ සිද්දියක වරදකරුවෙක්ට එන්නතක් මගින් ජිවිත කාලයටම ලිංගික අප්‍රාණිකත්වය ඇති කිරිම වගේ ඳඬුවම් හොඳයි (මෙම ඳඬුවම ලඟකදි එන්ගලන්තයේ උසාවියකින් දිලා තිබුනා පුවත් පතක දු‍ටුවා)

    ReplyDelete
    Replies
    1. මාත් මරණ දඩුවමට 100% එකග නෑ... හැබැයි කූෂී මෙහෙම එකක් මට හිතෙනවා... ඔය වගේ දඩුවමක් දීලා මරණ දඩුවම නොදී ඉන්න එක ඊටත් වැඩිය වධහිංසාවක් කියලා .... ඔය වගේ දඩුවමක් දුන්නට පස්සේ පුද්ගලයා විදවන්නෙ මානසිකව... ඒකෙන් පහුවෙනකොට මානසික රෝගියෙක් වෙලා මීටත් වඩා දරුණු අපරාධවලට යොමු වෙන්න පුළුවන්... මොකද සමහර සිද්ධි වාර්තා වෙලා තියෙනවා ලිංගික බෙලහීනතාවය නිසා සහ ඒ වගේ වෙනත් අඩුපාඩු නිසා වෙනත් ක්‍රම වලින් ( ගහලා, වෙන වෙන ආයුධ යොදාගෙන වද දීලා ) සතුටු වෙන අසහනකාරයොත් ඉන්නවා කියලා... මේ වගේ දඩුවමකින් ඒ වගේ කෙනෙක් බිහි වෙන්නත් ඉඩ තියෙනවා කියලයි මගේ අදහස....

      Delete
    2. හිරුගේ කතාවට මාත් එකඟයි. සමහර දේවල් තියෙනවා කොතරම් අමිහිරවුනත් විනාශ කර දමන්නට සිදුවන. සමහර විට ඒ පුද්ගලයා ලිංගිකව අකර්මන්‍යවූවත් ඔහුගේ පාප ක්‍රියාකාරී මොලය අකර්මන්‍ය ‍වී නොමැති නිසා අන්‍යයෙකුගේ ජීවිතයට නැවතත් හානියක් සිදුකිරීමට අවස්ථාව තිබෙනවා. ඒ නිසා අවස්ථාව හා ක්‍රියාව අනුව ඒ ඒ දඩුවම් ක්‍රියාත්මක කරන්නට සිදුවේවි...

      Delete
  16. හරිම අමානුෂිකයි තමයි.ඒත් මරු ලිපිය

    ReplyDelete
  17. 89 තිබිච්චා මීට දරුණුයි ළමයා.

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන පොඩි ව්ස්තරයක් කියන්න...

      Delete
  18. ලංකාවේ පේරාදෙණියේ උද්භීත උද්‍යානයේ තියන යෝධ උණ ගහ උල තියන්න භාවිතා කල බව දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන දැන සිටියේ නැහැ. සොයලා බලන්නම්...

      Delete
  19. සමහර පුද්ගලයන් නම් සමාජයෙන් තුරන් කල යුතුයි තමයි. ළමා අපයෝජකයන්ට නම් මරණ දඬුවම දිය යුතුමයි. නමුත්, නීතිය වල් වැදිච්ච සමාජයක, මරණ දඬුවමත් වල් වැදෙන බවට අයෙත් කතා දෙකක් නැහැ. විරුද්ධ මතධාරීන්, ක්‍රියාකාරීන් අභිරහස් ලෙස අතුරුදන් වන රටකට මරණ දඬුවම හඳුන්වා දීමෙන් සිද්ධවෙන්නෙ යහපතක් නෙමෙයි. අභිරහස් අතුරුදන්වීම් නීත්‍යානුකූල මරණ දඬුවම් බවට පත්වීමට තියන ඉඩකඩ වැඩියි.

    ReplyDelete
  20. මුස්ලිම් අන්තවාදයට වඩා ඇමෙරිකානු ප්‍රජතන්ට්‍රවාදය කොඉතරම් හොදද.ලෝක නායකත්වය මුස්ලිම්ලට ගියෝට් එක දිනකින් කුරානයේ සදහන් ආකාරයට අනෙක් ආගමිකයන් විනාෂකරනවා. ඊට පසුව සුන්නි සියා ගැටුම. මුස්ලිමුන් කොඉ තරම් අන්තවදීද බලන්න මේ ප්‍රමාණවත්.http://www.youtube.com/verify_age?next_url=/watch%3Fv%3DycNBm5thATM

    ReplyDelete
  21. same post
    http://www.smashinglists.com/10-most-torturous-methods-of-execution/

    ReplyDelete
  22. Quatering කියන්නේ වරදකරුගේ අත් වලටත් පාද වලටත් දම්වැල් දමා ඒවා අශ්වයන් යොදා ඇද ඔහුව හතරට කැඩීමටයි

    මම ඔයාගේ බ්ලොග්ු එක ලගදී දැක්කේ මධ්යතන යුගයෙදී රෝම අධිරාජ්යය විනාශ කරපු බාඛේරියන් වරුන්ට මොකද වුනේ ඔවුන්ද පසුව බැරන්වරු වුනේ
    ඒක කියල දෙන්න පුලුවන්ද

    ReplyDelete
  23. スリランカ
    にほんきれいだ
    ごはんとき

    ReplyDelete
  24. attma godak watina karunu wagayak....

    ReplyDelete
  25. මට නම් හිතෙන්නේ ඒ වගේ දඩුවම් දෙන්නේ මනස ගොඩක් දුර්වල අය කියලා...

    ReplyDelete

  26. Thanks for sharing such a great information with us. Your Post is very unique and all information is reliable for new readers. Keep it up in future, thanks for sharing such a useful post.
    Here Is Daily Latest Updated Mobile Price for Bangladeshi People Who are looking for mobile price list,mobile price all,all mobile price to buy smartphone. I hope you guys will be like this Mobilepriceall Website. Thanks again.

    ReplyDelete
  27. Your article is very helpful.You can visit my website:yes movies app

    ReplyDelete
  28. I have been using this app IP Subnetting Practice Apk : and downloaded and playing it regularly.

    ReplyDelete
  29. You must try out the best video editor Kinemaster Pro Apk premium unlocked version for Android.

    ReplyDelete