Friday, August 31, 2012

මෙම අධි බිනර පසලොස්වක පොහෝ දිනයේ ඔබට වටිනා දහම් කරුණු දැනගැනීමට මඟක් සටහන් කරමි...

අධි බිනර පසලොස්වක පොහෝ දිනයක් යෙදෙන අද දිනයේ ඔබට මම කියන්නට යන්නේ උතුම් බෞද්ධාගමික කටයුත්තක් පිළිබදව හා එයින් ඔබගේ දහම් පිපාසාව නිවා ගැනීමට හැකි බවයි. මෙම උතුම් කාර්යය තමයි භාෂා 65 ක් භාවිතා කර නිර්මාණය කළ "පින්සිරි" නම් දහම් වෙබ් අඩවිය. http://www.pinsiri.com/


මෙම වෙබ් අඩවිය ආරම්භකර තිබෙන්නේ ප්‍රංශයේ ඡේතවනාරාමයේ වැඩවසන මුරුංගස්යා‍යේ ඤානිස්සර හිමියන්ගේ අනුශාසනාවෙන්. මෙමගින් පැය 24 පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පිරිත්, බොදු බැති ගී ආදිය ශ්‍රවණය කිරීමේ අවස්ථාවත් සලසා තිබෙන බව පැවසෙනවා. ඒවගේම දහම් පොත පත කියවීමේ අවස්ථාවත් ලබා දී ඇති බව පැවසෙන අතර ඔබට යම් දහම් ගැටළුවක් පැන නැගුනහොත් එයත් මෙම වෙබ් අඩවිය යොමු කිරීමෙන් විසදා ගත හැකි බවත් පවසා තිබෙනවා. 

මම මේ කරුණ දැන ගත්තේ 2012 අගෝස්තු 28 වන දා අඟහරුවාදා ලක්බිම පුවත්පතෙන්.

ඉතින් මෙම ලිපිය ඉතා කෙටි වූවත් එයින් දීර්ඝකාලීනව ඔබගේ දිවියට ලබා ගත හැකි සැනසුම නම් කෙටි නොවනු ඇති....

5 comments:

  1. බොහොම පිං ඔබට , දැනුවත් කළාට

    ReplyDelete
  2. දහම් පිපාසයෙන් ‍ඉන්නා අපට මේ සොයා දීම වෙනුවෙන් පිං පුදමි.

    ReplyDelete
  3. හොඳ වැඩක් යාළුව. හැමෝටම පුවත්පත ඇස ගැටෙන්නෙ නෑනේ. මේ අඩවියට එන අයවත් මේකෙන් දැනුවත් වෙයිනේ.

    ReplyDelete
  4. සාදු සාදු සාදු - සබ්බ දානං ධම්ම දානං ජිනාති

    ReplyDelete