Tuesday, August 21, 2012

බ්ලොග් පෝස්ට් එකක අකුරු අවශ්‍ය විට Blink වීමට සකසා ගැනීම - How to Blink Your Blog Text -

මේ පෝස්ට් එකත් බ්ලොග් එකේ අකුරු සම්බන්ධවයි. මෙහිදී කරන්නේ අපිට අවශ්‍ය ස්ථානයක්, උදාහරණයක් විදියට කියනවා නම් යම් මාතෘකාවක්, කැපී පෙනෙන සේ යමක් හැඟවිය යුතු තැනක් හෝ යම් සබැඳියක් වඩා කැපී පෙනෙන සේ මෙන්න මේ ආකාරයට blink කර ගැනීමේ ක්‍රමය තමයි කියලා දෙන්න යන්නේ.

මේකත් ක්‍රම දෙකකට කර ගන්නට පුළුවන්. අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් class එකක් Blogger Template Designer වලදී Add CSS වලට එකතු කිරීමෙන් හෝ පෝස්ට් එකේ අවශ්‍ය ස්ථානයේදී HTML Mode එකේදී CSS code එකක් භාවිතයෙන් මේ කාර්යය කර ගැනීමට සැකසිය හැකියි.

පළමුවෙන්ම Add CSS වලට class එකක් එකතු කරන විදිය බලමු. සුපුරුදු පරිදි මෙයට අවශ්‍ය මූලික පියවරයන් වන අදාල ස්ථානයට පිවිසීම
බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්...

සහ
පින්තූර වලට Bump Effect එකක් දෙන්න කැමතිද?
යන පෝස්ට් වලින් දැන ගැනීමට පුළුවන්.

ඉන්පසු එම ස්ථානයට මෙන්න මේ කේතය අලවන්න.

ඉන්පසුව යම් ස්ථානය අකුරු blink කර ගන්න ඕන නම් මෙන්න මේ විදියට HTML Mode එකේදී භාවිතා කරන්න.

මෙන්න Blink විය යුතු අකුරු

මෙන්න Blink විය යුතු අකුරු

ඔබට යම් සබඳැයික් මේ විදියට Blink කර ගන්න ඕන නම්; උදාහරණයක් ලෙස Google.lk සබැඳිය භාවිතා කර ඇත.
Google

Google

ඔබට යම් මාතෘකාවක් මේ විදියට Blink කර ගන්න ඕන නම්;

මාතෘකාව

එතකොට මෙන්න මේ විදියට ලැබේවි -

මාතෘකාව

ඒ වගේම ලිපියේ ආරම්භයේ කියන ලද දෙවන ක්‍රමය වන Class එකක් භාවිතා කරන්නේ නැතුව අවශ්‍ය ස්ථානයේදී blink කර ගන්නෙ මේ විදියටයි.

https://www.google.lk/

ප්‍රතිඵලය කලින් පරිදිමයි -
https://www.google.lk/
(මෙහි https://www.google.lk/ යන්න දක්වා ඇත්තේ උදාහරණයක් ලෙස වන අතර එයට ඔබට මුලින් පැවසූ ආකාරයට යම් වචනයක්, මාතෘකාවක් හෝ කැමති ස්ථානයකට උචිත ආකාරයෙන් උපයෝගී කරගන්න).
දැන් ඔබට මේ දේවල් අත්හදා බැලීමේ අවස්ථාවයි...

7 comments:

1. ඇත්තටම දිනේෂ් ඔබ කියානොදිය යුත්තක් මේ කියා දුන්නේ. බලන්න අද ලංකාවේ වෙබ්සයිට් දිහා. ඇස්දෙක කඩලා යනවා එව්වා දැක්කාම. ලංකාවේ එව්වට බනිනවා නෙවෙයි. නමුත් නිමෙන පත්තුවෙන පින්තූර පිරවීම නෙවෙයි වෙබ් අඩවියක් කියන්නේ. කොටින්ම කියනවනම් ලංකාවේ ජනප්‍රියයි කියන එක වෙබ් අඩවියක්වත් ප්‍රොෆෙෂනල් නෑ. හරියට ලංකාවේ ජනප්‍රියම සිංදු ටික වගේමයි. සද්දේ විතරයි. හිස්. දැන් මේගැන නොදැන හිටිය කොල්ලො කුරුට්ටො ටික වෙබ්සයිට් එකම බ්ලින්ක් කරයි.

තව ඌන පූරණයක් එකතු කරන්නම් ඔය බ්ලින්ක් කියන එකෙන් පින්තූරයක් වුනත් බ්ලින්ක් කරන්න පුළුවන්.

ReplyDelete
Replies
1. වරද තියෙන්නේ කියලා දුන්න කෙනාගෙ නෙවෙයි ඇනෝ, භාවිතා කරන කෙනාගේ. ඇත්තටම ඔයා කිව්වත් වගේ ලංකාවේ බහුතරයක් සයිට් වලට යන එකත් එපා වෙනවා දැක්කාම.

දිනේෂ්.. ප්‍රයෝජනවත් ලිපියක්.

Delete
2. මෙහෙමයි, ‍මේවා හංගන්න හෝ හංගාගෙන සිටින්න ඕන දේවල් නෙමෙයි. ඒ වගේම අද අන්තර්ජාලය හා වෙබ් නිර්මාණය පිළිබදව පොත් පත් ඕනෑතරම් තියෙන නිසා අවශ්‍ය කෙනාට, දෙයක් ගැන කුතුහලයෙන් සිටින කෙනාට ‍වැඩි අමාරුවක් නැතුව සොයා ගන්නත් පුළුවන්. ඒවගේම තමන් දැන ගන්න ඕන මේවා දාන්න ඕන තැනයි එපා තැනයි‍. වෙනකක් තියා මම මේවගේ දේවල් භාවිතා කරන්නේ අවශ්‍යම යයි හැගෙන, ඒවගේම දීර්ඝ ලිපියක සමහර විට වැදගත් සබැදියක් දැම්මත් කියවාගෙන යන අතරේ මඟහැරෙන්න ඉඩ තියෙනවා නම් ඒක ටිකක් උළුප්පලා පෙන්වන්න වගේ අවශ්‍ය තැනට විතරයි.

"අපිට පිහියක් දුන්නොත් අපි දැනගන්න ඕන ඒක අපිටත් අනුන්ටත් කරදරයක් නොවෙන විදියට භාවිතා කරන්න. එහෙම නැතුව ඉතින් පිහිය කැපෙනවයි කියල පිහිය භාවිතයෙන් ඉවත් කරන එක නොවෙයි කරන්න ඕන".

Delete
2. බ්ලොග් රයිටර්ස්ලට විතරද නැත්නම් කමෙන්ට් එකකටත් මේ කෝඩ් එකක් වැඩකරන විදියට දාන්න පුළුවන් ද? බොරු මොටද, මට නම් මේව ගැන එච්චර දැනීමක් නෑ.

ReplyDelete
Replies
1. බැරිකමක් නැහැ. ඒත් ඕනෑම භාවිතයක් ප්‍රායෝගික හා ප්‍රයෝජනවත් සහ පරිශීලකයාට බාධාවක් නොවීම තමයි වැදගත්...

Delete
3. වටිනවා දිනේෂ්.....
බොහොම ස්තූතියි..

ReplyDelete
Replies
1. ස්තුතියි! තවත් මේ වගේ විවිද උපයෝගීතාවයන් ඉදිරියේදිත් ලබා දෙන්නම්...

Delete