Wednesday, June 27, 2012

ලෝකයේ ආශ්චර්යමත් ස්ථාන රැසක නෙත් පිනායන පින්තූර - Amazing Places.

මෙන්න ලස්සනම පින්තූර කිහිපයක් ලෝකයේ ලස්සන ස්ථාන කිහිපයක. පින්තූර බලන ගමන්ම ඒ ගැන කතා කරමු...
පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.

ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි.

ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහිටියේ වියානා නුවරයි

ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි.

නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද

සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය
(මෙවැනිම ස්ථානයක් ලංකාවේ, දකුණු පළාතේ, වැලිගම පිහිටා ඇති අතර එය ගංදූව ලෙස හදුන්වයි)


මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි.
මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.

මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්

පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී

බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ
නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි

මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති.
සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.

උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි.
මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ

චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි

ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි

කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි

බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි.

ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි

ඇමෙරිකාවේ බපෝඞ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි.
ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි.

රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි

බ‍්‍රසීලයේ ඇති නැති පරතරය අතර

ඉන්දියා සාගරයේ ලාමු දූපත

මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ.

අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ.
මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය.

ප‍්‍රංශයේ මෙයාර්හි ප‍්‍රදීපාගාරයයි.

ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය

ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)
සැලකිය යුතුයි : මේ පින්තූර සහ එයට අදාල විස්තර මට  ලැබුනේ විද්‍යුත් තැපෑලෙන්. ඉතින් මීට කලිනුත් කවුරුහරි බ්ලොග් එකක් මේ පින්තූර ඇසුරෙන් තනා තිබෙනවා නම් මෙය ‍කොපි කිරීමක් ලෙස ‍නොසලකන මෙන් ඉල්ලන අතර ඇසට ප්‍රිය පින්තූර එය ‍මෙතෙක් නොදුටු අය වෙනුවෙන් පළ කිරීමක් පමණක් බවද මෙමගින් සිදුකළෙමි...

29 comments:

  1. නියම පොස්ට් එක නොවැ ..

    ReplyDelete
  2. මචං, මේක මේල් එකකින්ද ආවෙ. ඔය ෆොටෝ ටික ඔය විදියටම මම කොහේදි හරි දැක්කා. ලින්ක් එක හොයා ගන්න පුළුවන් වුනොත් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. මෙන්න මම අර කියපු ලිංක් එක. මම ඔය ටික ඉස්සරවෙලාම දැක්කෙ මෙතනින්.

      http://janjaalachamara.blogspot.com/2012/01/blog-post_17.html

      Delete
    2. ඔව් මට මේක සත්‍ය වශයෙන්ම මේල් එකකින් තමයි ආවේ. අවශ්‍යනම් ඒක ඔබටත් Forward කරන්න පුළුවන්. ඒ මොක වුනත් මේක තිබුන මුල් තැන සටහන් කරපු එක ගැන ඔබට මම ස්තූතිවන්තවෙනවා. මම එතනට ගිහිල්ලා මේ ගැන පොඩි සටහනක් දැමුවා..

      Delete
    3. මෙන්න මෙතැනත් තියෙනවා....

      http://abirahas.blogspot.ca/2012/07/blog-post_4621.html

      Delete
  3. සමහර ඒවා අදමයි දැක්කෙ... ලස්සනයි... මට තේරුන්නැත්තේ අර ලිතුවේනියාවේ කතන්දරේ තමා.. මම ආසම අර විනිවිද පේන විලට. ඒක මාරයි...

    ReplyDelete
  4. කලින් දැක්කා. ඒ්ත් අායිත් කිෙයව්වා. සත් සමුදුර නිසා

    ReplyDelete
  5. හරිම ශොර්ක්. පිස්සු හැදෙනව

    ReplyDelete
    Replies
    1. හොදයි, එහෙනම් පිස්සු හැදෙන ඒවා නැවතත් බලාපොරොත්තුවන්න....

      Delete
  6. මේ ගඟක් උඩ ගඟක් ෆොටො එක කලින් මම දැක්කත් හිතුවේ එඩ්ට් කරපු එකක් කියලනේ.. බැරිද අයියේ ඒ ගැන විස්තර එක්ක ලිපියක් ලියන්න...

    ReplyDelete
  7. දිනේශ්... "ඩුබායි අහස සිපගන්නා අඩසඳ කුළුණ" කියන කැප්ශන් එකත් එක්ක තියෙන පින්තූරෙ ගැන පොඩ්ඩක් හොයල බලන්න... එහෙම තැනක් ඩුබායි වල නෑ...මේක ග්‍රැෆික් නිර්මානයක් විතරයි...

    - සපතේරු උන්නැහේ.. ඩුබායි සිට..

    ReplyDelete
    Replies
    1. මේක ග්‍රැෆික් නිර්මාණයක් විතරයි.

      Delete
    2. මේක තාම ඩ්‍රෝවින් බෝඩ් එකේ තියන එකක් මම හිතන්නෙ..

      Delete
  8. ලස්සන රූප ටික, සමහර ඒවා දැකල තිබුනත් සමහර ඒවා දැක්කේ අද . අද මුලින්ම දැකපුවයින් කැමතිම අර දකුණු කොරියාවේ පාලමට

    ReplyDelete
  9. මාර පින්තූර ටිකක්නෙ.

    ReplyDelete
  10. එයා උදේ කෑම නෙදර්ලන්තෙන් අරන් තමයි අනේ හැමදාම බෙල්ජියමේ වැඩට යන්නේ කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  11. "ඉන්දියා සාගරයේ ලාමු දූපත" ගෑන නම් මම දන්නවා. එය මාලදිවයිනේ දහසකට අධික දූපත් වලින් එකක්. මේ වගේම අනිත් දිවයිනුත් ඉතාම සුන්දරයි.

    දෑනට ලාමු තරු පහේ හොට්ලයක් ලෙස පවත්වා ගෙන යනවා. මෙහි දෑක්වෙන්නේ එහි එක් කාමරයක්. එවෑනි කාමරයක දිනක් ගට කිරීමත ඈමරිකානු ඩොලර් 1000 පමණ (රුපියල් 100,000) වියදම් කිරීමට වෙනවා.

    පහතින් දෑක්වෙන්නේ එහි වෙබ් පිටුව සදහා යොමුව.

    http://www.sixsenses.com/sixsenseslaamu/

    ReplyDelete
  12. හරි ලස්සන පින්තුර ටික.යන්න වාසනාව තාම ආවේ නැති එකේ මෙහෙම දකින්න ලැබුන එකත් ලොකු දෙයක්.ලිතුවේනියාවේ පින්තූරේ හරි පුදුමයක් මට. භුගෝලේ ඉගෙන ගත්තට ඔහොම දෙයක් කලින් දැකලා තිබුනේ නෑ.අහලා නම් තිබ්බා. අපෝයි අර ප්‍රදීපාගාරෙ නම්.. ඒක හරි භයංකාර පෙනුමක් තියෙන තැනක්. කොහොම උනත් මේ ටික හරි වටින පිංතුර ටිකක්.

    ReplyDelete
  13. මේ ලාමු දූපත ජලයෙන් යටවෙලාද තිබෙන්නෙ.මමත් ඩුබායිවල ඉදල තිබෙනව ඒත් අඩ සද ගොඩනෑගිල්ලක්නම් දෑකල නෑහෑ.

    ReplyDelete
  14. What is this Lithuania Scene? I cannot understand

    ReplyDelete
    Replies
    1. මටත් ඒක තේරුනේ නෑ.. දිනේශ් ඔබ ඒ ගැන වැඩිදුර යමක් දන්නවනම් විතරක් ඒ ගැන පැහැදිලි කරන්න කියලා ඉල්ලා සිටිනවා..

      Delete
    2. මම හිතන්නෙ එතන තියෙන්නෙ පුංචි පරිවර්තන පැටලැවිල්ලක්... මේක ලිතුවේනියාවෙ Kaunas කියන නගරයෙ තියෙන ප්‍රතිමාවක්... මේකෙ නිර්මාපකය හරි වෙන කෙනෙක් හරි රාත්‍රියෙ මේකෙ සෙවනැල්ල වැටෙන තාප්පෙ හරියටම අත ලඟින් පටන් ගන්න විදිහට යම් දෙයක් ඉසින විදිහට පේන්න තිත් වගයක් ඇඳල තියෙනව තාප්පෙ...ඉතින් දවල්ට කිසිම සම්බන්දයක් නැති තාප්පෙයි ප්‍රතිමාවයි රෑට හෙවනැල්ලෙන් එකතු වෙලා අපූරු චිත්‍රයක් මවනව.... මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්න " The monument of day and night " කියලයි... මම හිතන්නෙ දිනේශ් ට ඔය මේල් එක එවපු කෙනාට පරිවර්තනයෙදි පැටලීමක් වෙලා ඇත්තෙ ඒ නිසා...
      එහෙම නැතුව රටකට දවාලයි රැයයි එකවර යාන්තමින් හරි බටහිර නැගෙනහිර කොන් දෙකේදිවත් පේන්න ඒ රට තියෙන අක්ෂාංශය අනුව ඒ අක්ෂාංශයෙන් බාගයක් වත් පලලට පැතිරෙන්න ඕන නේද... ලිතුවේනියාව ලංකාවටත් වඩා කුඩා රටක්..
      - සපතේරු

      Delete
    3. ඔව් මා සිතන්නේ මෙහි මුල් පරිවර්ථනයේ ගැටළුවක් තිබෙන හැඩයි. මේ ලිපියේදී මා කළ වරදක් තමයි මේ පින්තූර වල විස්තර ඒ තිබුන සැටියෙන්ම පළ කිරීම. කෙසේවෙතත් ඉදිරියේදී පින්තූරයකට විස්තරයක් එක් කරන්නේ නම් ඒ ගැන සොයා බලා පමණක් විස්තර එකතු කරනවා...

      Delete
  15. ඔක්කොම පින්තුර නොවුනත් සමහර ඒවා මීට කලින් දැකල තිබුන, එත් දීපාල් දාල තියෙන විස්තර කියවන ගමන් ආයෙමත් ඔක්කොම පින්තුර බැලුව එකක් නෑරම..,

    එත් අර ලිතුවේනියාව සම්ම්බන්ධ පින්තුරය ගැන නම් යමක් කියන්න ඕන , මම හිතන්නේ එතැන කියල තියෙන පැහැදිලි කිරීම නිවැරදි නෑ. නිකම් හිතන්න එකම තැනකට කොහොමද එකවිට දවල් සහ රාත්‍රිය එක වර උදා වෙන්නේ, අනිත් එක ලිතුවේනියාව කියන්නේ බොහොම මෑතකදී යුරෝපා සංගමයේ ශේන්ගොන් රටවල් වලට එක වුන පුංචි එත් ලස්සන , ඒ වගේම වේගවත් දියුණුවක් පෙන්වන රටක්, කලින් රුසියාවේ වගේම , ජර්මනියේ නාසි පාලන වලට යටත් වෙලා තිබුන පුංචි රටක් ..

    ජය වේවා!!!

    ReplyDelete
  16. අර ඇමෙරිකාවේ නගරාධිපතිවරයා හා නගරය පිරිසිදු කරන්නා පුදුම සන්තෝසෙන් ඉන්න ඇත්තේ නේද?

    ReplyDelete
  17. replica radley bags replica hermes handbags n2y33f6e15 replica bags london web link b7w51c1g97 bag replica high quality zeal replica bags visit this web-site h1t85k7d85 high replica bags replica bags hong kong

    ReplyDelete
  18. http://www.dolabuy.ru/belt-bag-c-157_168_175/gucci-high-quality-gg-marmont-matelass%C3%A9-leather-belt-476434-bag-p-1137.html>q5a86x3t67 c6v61k7o99 x5s11s9i78 a5d61h5n87 p0p35q2i89 d2x90k8y90

    ReplyDelete