Monday, January 30, 2012

මාෆියාව පදනම් කරගත් සිනමාව ජනප්‍රිය වී ඇත්තේ ඇයි? - 2

මීට පෙර මාෆියාව හා පාතාලලෝකය යන දෙකම එකද? යන කාරණය විමසමින් ලිබූ ලිපියේ දෙවන කොටස මෙයයි.

හොලිවුඩ් සිනමාව ගත්විට මාෆියා කාරණ මුල් කරගනිමින් තනා ඇති චිත්‍රපටිවලට ඔස්කාර් සම්මාන බොහෝවිට ලැබී ඇති බව පෙනී යන කරුණකි. විශේෂයෙන් මෙම මාතෘකාව අලලා තැනී ඇති ප්‍රධානම චිත්‍රපටිය වූ Godfather චිත්‍රපටි මාලාවේ පලමු චිත්‍රපටි දෙක සම්මාන තුනක් හා හයක් වශයෙන් සම්මාන නවයක් වසර දෙකකදී දිනා ගැනීමට සමත් වූ අතර තෙවැන්නද සම්මාන සදහා නිර්දේශිත නාම අතරට එක්විය. එහෙත් මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙම චිත්‍රපටි තුනෙන් එකකදී වත් එහි ප්‍රධානම චරිතයක් වූ Al Pacino හට ඔස්කාර් සම්මානය ලබා ගැනීමේ වරම් අහිමි වීමයි. කෙසේවෙතත් දෙවතාවක්ම මෙම චිත්‍රපටි වෙනුවෙන් නිර්දේශිත නම් අතරට එක්වීමේදී Al Pacino ගේ නමද එක්වී තිබුනි.

Al Pacino රඟපෑ තවත් Mafia වර්ගයේ චිත්‍රපටියක් වන්නේ 1997 දී තිරගතවූ Donnie Brasco චිත්‍රපටියයි. එයද ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූ චිත්‍රපටියකි.


මාෆියා චිත්‍රපටි වල රඟපෑමේදී සුලභම චරිතයක් ලෙස Robert De Niro ව හදුන්වාදිය හැක. සිය ද්විත්ව ඔස්කාර් සම්මාන වලින් පළමු සම්මානය ලබා ගත්තේද මීට පෙරද පැවසූ Godfather II චිත්‍රපටියෙන් වීම විශේෂත්වයකි. ඉන් අනතුරුව ඔහු Goodfellas (1990),Casino (1995) සහ Once upon a Time in America (1984) යන චිත්‍රපටි ප්‍රධාන තැනක් ගන්නා අතර 1993 දී ඔහු විසින් අධ්‍යක්‍ෂනය කර රඟපෑමෙන්ද සහභාගී වූ A Bronx Tale නම් චිත්‍රපටියද මාෆියා කණ්ඩායම් මුල් කරගනිමින් තැනූ එකකි.




ඔස්කාර් සම්මානලාභී නළු Joe Pesci ද මා‍ෆියා චිත්‍රපටිවල සුලභ නළුවෙකි. ඔහුද මොහොතකට පෙර පැවසූ Goodfellas (1990),Casino (1995) දී දැක ගැනීමට හැකිවිය.

Joe Pesci
ඒවගේම 90 දශකයේ මා‍ෆියා වර්ගයේ චිත්‍රපටිවල හමුවූ නළුවෙකු ලෙස Michael Madsen ද දැක්විය හැකිය. ඔහු Reservoir Dogs චිත්‍රපටියේ කැපී පෙනෙන චරිතයකි.


Michael Madsen




80 දශකයේ මෙලෙස ඔස්කාර් සම්මානය ලැබුන හා නිර්දේශ වූ චිත්‍රපටියක් ලෙස The Untouchables හදුන්වාදිය හැකි අතර ඒ ගැන මීට පෙර Kevin Costner ගැන සත් සමුදුරේ ලියවුන ලිපියේදීද සදහන් කෙරුණි. මෙහිද Kevin Costner, Sean Connery, Andy Garcia ආදීන් රඟපෑමෙන් එක්වූ අතර මෙහිදී Sean Connery ට හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබුන අතර Kevin Costner ද ඔස්කාර් ද්විත්ව  සම්මානලාභී රංඟන ශිල්පියෙකු වේ. ඊට අමතරව Andy Garcia ද තෙවරක්ම ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ වූ නළුවෙකි.


තවද 2007 දී ඔස්කාර් සම්මානය 4 ක් ලැබුන The Departed චිත්‍රපටියද මාෆියා තේමාවෙන් නිපදවූවක් වූ අතර එහි හොලිවුඩ් තරු රැසක් දැකගන්නට ලැබුනි.

ඒ අතරින් ප්‍රධාන චරිතයක් රඟපෑ Jack Nicholson තෙවතාවක්ම ඔස්කාර් සම්මානයෙන් පිදුම්ලැබූ ජ්‍යෙෂ්ඨ රංගවේදියෙකු වන අතර මෙහිදී ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ නොවූවද, ඔහුගේ ප්‍රවීණත්වය නිසාම රඟපෑම යනු ඔහුට ඉතා ලේසි සහ සුමට දෙයක් යනු මෙම චිත්‍රපටියේදිද මැනෙවින් දැකගත හැකිවිය.

ජැක් නිකල්සන් තරුණ වියේදී
තවත් ප්‍රධාන චරිතයක් රඟපෑ ඔබ හොදින් දැක ඇති Matt Damon ද ඔස්කාර් සම්මානලාභී නළුවෙකි. එහෙත් ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහුට මෙම සම්මානය 1997 දී ලැබී ඇත්තේ රඟපෑම වෙනුවෙන් නොව God will Hunting චිත්‍රපටියේ තිරරචනය ලිවීමෙනි. කෙසේවෙතත් ඔහුද කිහිපවිටක්ම රඟපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූවෙකි.

එසේම ප්‍රධානම චරිතය ලෙස සැලකෙන වෙස්වලාගත් පොලිස් නිළධාරියාගේ චරිතය මැනවින් නිරූපනය කල Leonardo DiCaprio තෙවතාවක්ම ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූ නළුවෙකු වූ අතර අපි ඔහුව මුලින් දුටු Titanic  චිත්‍රපටියේ ලාබාල කොළුගැටයාට වඩා කෙතරම් දුරක් මේ වන විට ගොස් ඇත් දැයි මෙම චිත්‍රපටිය නැරඹූවිටද දැකගත හැකිවිය. තවත් උප චරිතයක් රඟපෑ Mark Wahlberg ද දෙවතාවක් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ වූ අතර මෙවැනි ප්‍රවීණ අත්දැකීම් බහුල නළුවන් රඟපෑ The Departed චිත්‍රපටියට ඔස්කාර් සම්මාන නොලැබුනා නම් පුදුමය.

එසේම 2009 දී තිරගතවූ Public Enemies චිත්‍රපටිය ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ නොවූවද එහි රඟපෑමේ අංශය හා තවත් බොහෝ අංශ සලකා එයටද යම් ඇඟයීමක් ලැබුනා නම් හොදයි යයි සිතේ.


කෙසේවෙතත් එහි ඔස්කාර් සම්මාන සදහා තෙවරක් නිර්දේශිතවූ Johnny Depp සහ එම චිත්‍රපටිය තිරගතවී වසරක් ගෙවුන තැන වෙනත් චිත්‍රපටියක් වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද Christian Bale ඉතා සිත් ගන්නා සුළු රඟපෑමක නිරතවී තිබෙනු දැකීමට හැකිවිය.

මේවාට අමතරව 1991 දී තිරගතවූ Bugsy චිත්‍රපටියද තරමක් මේ අංශයට නැඹුරු බවක් තිබුනු අතර එයටද ඔස්කාර් සම්මාන ලැබුනි.


එසේම එහි ඔස්කාර් සම්මානලාභී නළුවන් වන Warren Beatty සහ  Ben Kingsley යන නළුවන් එක්වී තිබුනද එය එතරම් "ඇඟට දැනෙන" වර්ගයේ චිත්‍රපටියක් නොවූ බව මගේ නම් හැඟීමයි. Warren Beatty මීට පෙර සත්‍ය සිදුවීම් චරත ඇතුලත් කොට තැනූ තවත් ඔස්කාර් සම්මානලාභී හා තවත් සම්මාන රැසකට නිර්දේශ වූ චිත්‍රපටියක් වන 1967 දී තිරගතවූ Bonnie and Clyde චිත්‍රප‍ටියේදි වඩාත් ජනප්‍රිය චරිතයක් විය. එහි Clyde Barrow ගේ චරිතය Warren Beatty විසින් රඟපානු ලැබූ අතර එහි අනෙක් ප්‍රධාන චරිතය වන Bonnie Parker ගේ චරිතය රඟපානු ලැබුනේ ඔස්කාර් සම්මානනීය නිළියක වන Faye Dunaway විසිනි.
Warren Beatty තරුණ අවධියේදී
 මෙහි කථාව සැකෙවින් දක්වන්නේ නම් Clyde Barrow සහ Bonnie Parker යනු 30 දශකයේදී ඇමරිකාවේ මංකොල්ලකෑම් සහ මිනීමැරුම්වලට දායක වූ තරුණ අඹුසැම යුවලකගේ කථාවයි. මේ පිළිබදව නම් ඉදිරියේදී සත් සමුදුරේද ලියන්නට සිතා සිටින අතර එය ඉතා සිත් ගන්නා සුළු කතාවකි.

මේවා පමණක් නොව අතීතයේ නිපදවුන ගොපළු චිත්‍රපටි ආදි‍යේ මෙන්ම ජපාන නිපැයුමක් වූ Seven Samurai සහ එයම ඉංග්‍රීසියෙන් තැනූ Magnificent Seven ආදී චිත්‍රපටි වලද කියවුනේ මැරවරයන් හා ඔවුන් සමග සටන් වදින යුක්ති සහගත පාර්ශවය පිළිබදවයි. එදා‍ මෙම චිත්‍රපටි වල රිවෝලවර, රයිෆල්, කඩු සහ අශ්වයන් යොදා ගත් අතර මත් පැන් ආදිය යොද ගත්තේය. අද ස්වයංක්‍රීය ගිනි අවි, නවීන මෝටර් රථ සහ නවතම පණිවඩ හුවමාරු ක්‍රම යොදාගැනෙන අතර මත්ද්‍රව්‍ය භාවිතය පෙන්නුම් කෙරේ. තවත් වෙනසක් වන්නේ එදා චිත්‍රපටි වලටද වඩා අද චිත්‍රපටි වල ඇති බිහිසුණු ජවනිකා හා අධිවේගයෙන් ඉදිරයට යාමයි.





මේ ගැන කතා කරන්නට තව ඕනැතරම් කරුණු ඇත ඉදිරි කොටසකදී ඒගැනත් කතාකරන්නට ඉඩ තබමින් දෙවන කොටසද අවසන් කරමි...

Friday, January 27, 2012

මාෆියා හා පාතාල ලෝකය යනු එකක්ද? දෙකක්ද? - (Mafia a.k.a Underworld??) - 1

මෙම ලිපියත් සිනමාවට සම්බන්ධ වෙනවා වගේම ඒ හරහා තවත් එයට පසුබිම් වෙලා තියෙන මාතෘකාවක් දෙසට යෑම තමයි බලාපොරොත්තුව. මටනම් හැගෙන විදියට අපේ ‍රටේ තිබෙන්නේ පාතාල ලෝකයක් පමනයි. මාෆියාව එයට වඩා සංකීර්ණ හා සංවිධානාත්මක අවස්ථාවක් කියල තමයි මට නම් සිතෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් අපි මේක චිත්‍රපටි සමග සමගාමීව බලනවා නම්, පසුගිය දිනවල ඔබට කියපු Shottas, City of God සහ Paid in Full (මෙයත් 2002 දී තිරගතවූ චිත්‍රපටියකි) සහ Menace II Society (1993 දී තිරගතවුනි) සහ State Property වගේ චිත්‍රපටිවලදිත් මේ තත්ත්වය තමයි තිබුනේ.




ඒ කියන්නේ ක්‍ෂනිකවම ඔවුන් සිටිනා වල්මත්වූ පරිසරය තුල එකවර බිහිවන පාතාල කණ්ඩායම් ඉන්පසු තම බලය වර්ධනය කරගන්න දරන උත්සාහය වගේම අනපේක්‍ෂිත මොහොතක ප්‍රතිවාදියෙකු හෝ ඇතැම් විට තම කණ්ඩායමේම සාමාජිකයෙකු අතින් මියයාමට සිදුවීම මේ චිත්‍රපටි වල පොදු සාධකයක් බවට පත්වූවා වගේම සැබෑ පාතාල ලෝකය පදනම් කරගෙන තැනුන Gangland වැනි වාර්තාමය චිත්‍රපටිවලද මෙය දැකගන්නට ලැබුනා. එපමණක් නොවේ Snoopy Dogg වැනි HipHop ගායකයන් තම ගැටවර අවධියේ Crips වැනි Gangsters  කණ්ඩායම්වලට සම්බන්ධවූ අය.
Snoopy Dogg


ඒ වගේම Curtis James Jackson III හෙවත් ඔබ දන්නා 50 Cents කියන ගායකයත් මේ වගේ වීදි මැරකණ්ඩායමක සාමාජිකයෙක්. මේ මැරකණ්ඩායම් තමන්ගේ බල ප්‍රදේශය අනෙක් අයට දැනගැනීමට බිත්තිමත Graffiti යනුවෙන්හැදින්වෙන සලකුණු සලකුනු කිරීමෙන් හා තමන්ගේ කණ්ඩායම් වලට අදාල වර්ණයන් පැලද සිටීමෙන්.


උදාහරණයක් ලෙස Latin King කියන කණ්ඩායම පළදින්නේ කළු සහ කහ වර්ණයන්, ඒවගේම Crips කියන කණ්ඩායම නිල් වර්ණයත්, United Blood Nation යන කණ්ඩායම රතු හා කළු වර්ණයන් පලදින බවත් පැවසෙනවා. මේ ඉතාම අතලොස්සක් ගැන තමයි කිව්වේ.

නිල් පැහැය භාවිතා කරන Crips කණ්ඩායමේ සාමාජිකයන්
මීට අමතරව විවිද පච්ඡා සලකුණුද ඔවුන්ගේ සිරුර මත සටහන් කර තිබෙනු ඔබත් චිත්‍රපටි ආදියෙන් පවා දැක ගත හැකියි. මෙම ඇතැම් පච්ඡා සලකුනු තම පෞද්ගලික තෘප්තිය උදෙසා සලකුණු කර ගත්තත් ඇතැම් ඒවා නම් තම කණ්ඩායම කුමක්දැයි නිර්ණය කරගැනීමට සලකුණු කල ඒවා. ඒ විතරක් නෙමෙයි තම කණ්ඩායම කුමක්දැයි දුර සිටම කියා පෑමට භාවිතා කරන ඒ ඒ කණ්ඩායම් වලට ආවේණික හස්ත සංඥා වගේම දුර සිටම ශබ්ද නොනගා තම සාමාජිකයාට අදාල සංඥාව ලබාදීමට භාවිතා කරන හස්ත සංඥා මාලාවක්ද ඔවුන් සතුයි.


Gangster's finger-hand-sign-symbol-alphabet
Crips සාමාජිකයෙකුගේ පපුව මත කොටා ඇති පච්චා සලකුණු

ඔබ මෙන්න මේ වෙඩ් අඩවියට පිවිසුනොත් ඇමරිකාව තුල පමණක් කොපමණ මැරකණ්ඩායම් සිටිනවාද? ඔවුන් භාවිතා කරන සම්පුර්ණ නම හා කෙටි නාමය හා ඔවුන් කුමන අරමුණක් තකා කණ්ඩායම පිහිටුවා ගෙන සිටිනවාද කියන එක දැනගන්නට පුළුවන්. http://www.accuracyproject.org/GangAcronyms-US.html
ඒ එක්කම මේ අඩවිවලට පිවිසීමෙන් ඒ ඒ කණ්ඩායම් භාවිතා කරන වර්ණයන් පිළිබදව සහ තවත් විස්තර දැනගන්නට පුළුවන්. http://en.wikipedia.org/wiki/Gang_colors සහ http://www.tippecanoe.in.gov/egov/docs/1216929922_43334.pdf

මෙහිදී ඇමරිකාව තුල පමණක් තම බලය පතුරුවා ගෙන සිටින මැර කණ්ඩායම් වගේම ඉන් පිටතත් තම සාමාජිකයන් සිටින අන්තර්ජාතික මට්ටමේ මැර කණ්ඩායම් සිටින බව කියන්නට පුළුවන්. කළු නීග්‍රෝ ජාතිකයන්ගෙන් සමන්විත මැර කණ්ඩායම් බොහෝවිට ඇමරිකාව තුල ඒ ඒ ප්‍රදේශවල පමණක් බලය පතුරුවා ගෙන සිටියත් La Nuestra Familia, Mexican Mafia වගේ කණ්ඩායම් ඇමරිකාව තුල පමණක් නොවේ. එහි සිර ගෙවල් වලද, රටින් පිටත මැක්සිකෝවේද බලය ව්‍යාප්ත කරගෙන සිටියි. එසේම එල් සැල්වඩෝර්, ග්වාතමාලා, හොන්ඩියුරාස් වැනි රටවලද තම බලය ව්‍යාප්ත කරගෙන සිටින Mara Salvatrucha MS-13 කණ්ඩායමද ලතින් ඇමරිකානු කලාපයටම පිළිලයක් වී ඇත.

එපමණක් නොවේ යම් හෙයකින් එක් රටකදී ඔවුන් හා ගැටී වෙනත් ඔවුන්ගේ බලය සහිත රටකට පැන ගියත් එම රටකදී උවත් තමන් හා ගැටුන තම සඟයා හෝ ඉන් පරිභාහිර පුද්ගලයා මරා දැමීමට ඔවුන් පසුබට වෙන්නේ නැහැ. Mexican Mafia හෝ MS-13 කණ්ඩායම ගත්විට ඔවුන් අපි දැක ඇති Godfather චිත්‍රපටියේ ඇති ආකාරයට Mafia කණ්ඩායම් වලට වඩා වෙනස් ආකාරයක් ගන්නා මෙම  කණ්ඩායම් කළු ජාතිකයන් මුල්කරගෙන බිහිවී ඇති වීදි මැරකණ්ඩායම් වලට වඩා තනතුරු ආදියේ ක්‍රමණුකූල බවක් ඇතිවා මෙන්ම කෲරත්වය අතින්ද වැඩි බවක් දක්වනවා.

මෙම කණ්ඩායමක තනතුරු බෙදී ඇති ආකාරය

ඒ බව සත්‍ය සිදුවීම් වලින් වගේම Blood In Blood Out සහ Sin Nombre (මේ චිත්‍රපටිය ගැන දැනුවත් කිරීම ගැන Gihan ට ස්තුතිවන්ත වෙමි) වැනි චිත්‍රපටිවලදීද, ඒ එක්කම Color කියන 1988 දී තිරගතවූ චිත්‍රපටියේදිත් මේ කරුණු දැකගන්නට ලැබුනා (මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවන් ලෙස ඔස්කාර් සම්මානලාභී ප්‍රවීන නළු Robert Duvall සහ දෙවරක්ම හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද Sean Penn රඟපානු ලබනවා).




"The Gang is forever" යන සංකල්පය මූලිකව පිළිපදින මෙම Mexican Mafia හා අනෙකුත් ලතින් ඇමරිකානු gangster කණ්ඩායම් වල සාමාජිකයන්ගේ සිරුර පුරා විවිදා කාරයේ පච්ඡා සලකුණු ඇති අතර ඇතැමෙකුගේ මුහුණු පුරා පවා පච්ඡා ‍කොටා ඇත්තේ ආදර්ශ පාඨයේ පරිද්දෙන්ම ඔවුන්ගේ සම්පූර්ණ ජීවිතයම තම මැරකණ්ඩායම වෙනුවෙන් කැපකර ඇතුවා මිස නැවත සාමාන්‍ය මිනිසෙකුසේ සමාජ ගතවීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා සහ ඔවුන් කැමති වුවද එවන් අවස්ථාවක්ද නොලැබෙන නිසාය. මන්ද මෙම කණ්ඩායම් වලට බැදිම මිස නැවත එයින් ඉවත් වීමේ හැකියාවක් නොමැත. ඉවත්ව යන්නට ගියහොත් සිදුවන්නේ තමන් සමග එකටම සිටි කණ්ඩායම් සාමාජිකයන් අතින් මිය යන්නයටය. එනම් ඇතුළුවීමේ දොරටුවක් මිස නැවත පිටවීමේ දොරටුවක් මෙම කෲරතර කණ්ඩායම් වල නොමැත.
තවත් පච්ඡා කොටන්නට සිරුරේ තැනක් අහිමි MS-13 සාමාජිකයෙක්
(http://boufosnews.wordpress.com/2011/04/15/the-history-of-gangs-in-mexico/)
http://www.policeone.com/gangs/articles/121253-Understanding-East-Coast-Mexican-gangs-Part-2/
http://listverse.com/2010/12/11/top-10-us-prison-gangs/)
මෙහි MS -13 කණ්ඩායම ව්‍යාප්ත වී ඇති ආකාරය පෙන්වන අතර තද රතු පැහැයෙන් එය ප්‍රභලව බලය තහවුරු කර ගෙන ඇති ස්ථාන හා ලා රතු පැහැයෙන් අඩුවෙන් බලය ව්‍යාප්තවී ඇති පෙදෙස් පෙන්වයි


ලතින් ඇමරිකානු මැරකණ්ඩායම් සතුවද හස්ත සංඥා රැසක් බහුලවම භාවිතා වන අතර, තම බල ප්‍රදේශය ලකුණු කරගැනීමේ විවිද සංකේතු ඔවුන් සතුවද පවති. කළු ජාතිකයන් පදනම් කරගෙන බිහිවී ඇති පාතාල කණ්ඩායම් වල ප්‍රධාන කාර්යයන් වන්නේ මත් ද්‍රව්‍ය බෙදා හැරීම, ගණිකා වෘත්තිය මෙහෙයවීම, අවි ආයුද බෙදා හැරීම හා භාවිතය, මිනී මැරීම, කළු සල්ලි සුදු සල්ලි බවට පත්කිරීම, මංකොල්ලකෑම  යනාදියද ඇතුළුව තවත් විවිද සමාජ විරෝධී කාර්යයන් සිදුකරන අතර ලතින් ඇමරිකානුවන් පදනම් කරගෙන බිහිවී ඇති සංවිධාන වල මේවාට අමතරව සංක්‍රමණිකයන් හොර රහසේ ඇමරිකාව වැනි දියුණු රටවලට රැගෙන ඒමද සිදුකරයි.

(මේ ගැන තවත් විස්තර ඉදිරි ලිපියකදීත් බලමු)...

Tuesday, January 24, 2012

පැනයන සිරකරුවන් දෙදෙනෙක්...රියදුරෙකු නොමැතිව අධි වේගයෙන් ධාවනය වන දුම්රියක්... The Runaway Train

මේ ලිපියත් සිනමාවට සම්බන්ධ එකක්. 1985 දී තිරගතවූ The Runaway Train කියන චිත්‍රපටිය ගැන තමයි මේ කියන්න යන්නේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනක් සදහා නිර්දේශවූ එකක් බවද පැවසිය යුතුයි.

මේ චිත්‍රපටිය බොහෝවිට ඔබ නරඹා නොමැති ඇති. මෙහි කතාව කෙටියෙන් දක්වනවා නම් හිරෙන් පැනයන සිරකරුවන් දෙදෙනා හෙවත් මේ කතාවේ ප්‍රධාන චරිත ද්විත්වය හිම වැටෙන කාලගුණයක්ද ඇති මොහොතක ගොඩවන්නේ සාමාන්‍ය දුම්රියකට නොවේ. එන්ජින් හතරක් පමණක් එකට සම්බනධ කර ඇති දුම්රියකටයි. මේ දුම්රියා ඉංජිනේරුවා දුම්රිය ගමන් අරඹා ටික මොහොතකින් හෘදයාබාදයකින් මිය යන අතර ඉන් අනතුරුව දුම්රිය ක්‍රමයෙන් වේගය වැඩි වෙමින් ධාවනය වේ. මේ දුම්රියට හා සිරකරුවන් දෙපලට කුමක්වේද?

මෙහි ප්‍රධාන චරිතයන් සදහා යොදවා ගෙන ඇත්තේ දැන් හොලිවුඩ් චිත්‍රපටිවල දුෂ්ඨ නළුවන්ගේ චරිතය රඟපාන නළුවන් දෙපලක් වූවත් ඔවුන් ඒ අවධියේ ප්‍රධාන චරිතයන් සදහා ඔස්කාර් සම්මාන ලබා සහ ඒ සදහා නිර්දේශවූ අයය. ප්‍රධාන චරිතය රඟපාන්නේ වරක් හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානයද හිමිකරගත් Jon Voight වන අතර

සහය චරිතය මේ චිත්‍රපටිය වෙනුවෙන් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ වූ
Eric Roberts විසිනි.

ඔබටත් මෙම චිත්‍රපටිය සොයා ගැනීමට හැකිවුවහොත් නරඹන්න. මෙයත් අළුත් අත්දැකීමක් වේවි.

Monday, January 23, 2012

සුපිරි නළුවන් රඟපෑ වැම්පයර් චිත්‍රපටි - Vampire Movies with Action Movie Heros

හොලිවුඩ් සිනමාව අපිට බොහෝ විට සමීප වන්නේ එහි නිපදවෙන ක්‍රියාදාම චිත්‍රපටි නිසා. ඉන් බැහැරවූ තේමාවන් ඇති චිත්‍රපටි නිපදවුනත් අපේ රටේ බහුතරයක් දෙනා කැමති වෙඩි තියාගන්න, ත්‍රාසජනක ජවනිකා තිබෙන, එහෙමත් නැත්නම් හොදට ගහගන්න චිත්‍රපටි වලටයි. හැබැයි රිදී තිරයේ මේ වගේ හපන්කම් කරන නළුවෝ බොහෝ දෙනෙක් වයසට යනවත් එක්ක ක්‍රියාදාම චිත්‍රපටි වලට වඩා වෙනස් තේමාවේ ඒවා හෝ ක්‍රියාදාමවූවත් තරුණකාලේ තරම් කලබල ගතිය අඩු චිත්‍රපටිවල රඟපාන බව ඔබත් දැක ඇති.


උදාහරණයක් විදියට ගත්තොත් Arnold Schwarzenegger, Jean-Claude Van Damme වගේ නළුවෝ දැන් රඟපාන්නේ ඉස්සර තරම් කලබල නැති චිත්‍රපටිවල. කලින් ඔවුන් මස්පිඩු වලින් සන්නද්ධව යෝදයෝ වගේ හිටියත් දැන් වයස්ගතවීමත් සමග වැ‍හැරෙන්නට පටන්ගෙන තිබෙන නිසා ඉස්සර තරම් ඔවුන් සිටින චිත්‍රපටි එතරම් ආකාර්ශනීය බවකුත් නැහැ කියල හිතෙනවා. ඒ එක්කම Silvester Stallone වුනත් විටින් විට ක්‍රියාදාම චිත්‍රපටි වල සිටියත් අපි ඉස්සර බලපු ඔහුගේ ක්‍රියාදාම චිත්‍රපටි සමග සැසදීමේදී එතරම් හිතට වදින්නේ නැහැ.

මේ ලිපියෙන් කතාකරන්නේ මෙසේ ක්‍රියාදාම චිත්‍රපටිවල වගේම වැම්පයර් චිත්‍රපටිවලත් රඟපෑ සුපිරි නළු නිලියන් සහිත චිත්‍රපටි කිහිපයක් ගැන කියන්නයි.


මේ අතරින් හොලිවුඩ් තරු වැඩිම පිරිසක් රඟපෑ වැම්පයර් වර්ගයේ චිත්‍රපටියක් ලෙස 1994 දී තිරගතවූ
Interview with the Vampire: The Vampire Chronicles චිත්‍රපටිය හදුන්වා දෙන්න පුළුවන්. එහි ප්‍රධාන පෙලේ නළුවන් රැසක් එකම අවස්ථාවක දැකගන්නට පුළුවන් වූ දුර්ලභ අවස්ථාවක් වූ අතර එහිදී Tom Cruise, Brad Pitt, Christian Slater සහ Antonio Banderas  කියන නළුවන් රැසම රඟපෑ වැම්පයර් චිත්‍රපටි අතරින් අපූර්වත්වයක් ගෙනදුන් චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. 

ඒ වගේම Jude Law කියන විවිදත්වයක් ඇතිව රඟපාන්න පුළුවන් නළුවා ප්‍රධාන චරිතයට, නැත්නම වැම්පයරයෙකුගේ චරිතය රඟපෑ, 1998  දී තිරගත වූ The Wisdom of Crocodiles හෙවත් Immortality කියන චිත්‍රපටි‍යත් අපට දකින්නට ලැබුන තවත් වෙනස් ආකාරයේ චිත්‍රපටියක්.

ඊයේ පෙරේදා නරඹපු ඒත් 1988 තරම් ඈත කාලෙක තිරගත වූ Vampire's Kiss නම් චිත්‍රපටියත් විවිදත්වයකින් යුතු චිත්‍රපටියක්. එහි ප්‍රධාන චරිතයට පණදෙන්නේ ඔස්කාර් සම්මානලාභී නළුවෙකු වන Nicolas Cage විසින්. මෙහි ඇති වෙනස තමයි තමන් වැම්පයරයෙකු බවට පත්වූවායයි සිතන මානසික රෝගී තත්ත්වයකට පත්ව අවසානයේ ඔහු විසින් කරන ක්‍රියාවන් හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවෙන්නටත් සිදුවීම. ඒ වගේම සාමාන්‍යයෙන් අනෙක් මේ වර්ගයේ චිත්‍රපටි නරඹන විට අපිට බිය වගේ හැගීමක් දැනුනත් මෙහිදී නම් ‍දැනෙන්නේ හාස්‍යමය තත්ත්වයක් බවත් ඔබත් මෙය නැරඹුවා නම් දැනගනීවි. මෙයත් හොද චිත්‍රපටියක්.

තව චිත්‍රපටියක් තමයි 2004 දී තිරගතවූ Van Helsing චිත්‍රපටිය. මෙහි ප්‍රධාන නළුවා තමයි Hugh Jackman. ‍

  හැබැයි හැම නළුවටම මේ විදියට වැම්පයර් චිත්‍රපටි නොගැලපෙන අවස්ථාත් තියෙනවා. ඔබට මතක නම් 1998 සිට තිරගතවීම ආරම්භවූ Blade චිත්‍රපටි පෙල, එහි රඟපෑ Wesley Snipes ට නම් මේ චිත්‍රපටි තේමාවට වඩා ක්‍රියාදාම චිත්‍රපටි උචිත බවයි මටනම් හැගෙන්නේ.


මේ වගේ චිත්‍රපටි ගණනාවක් තව ඇති ප්‍රධාන පෙලේ ක්‍රියාදාම චිත්‍රපටි නළුවන්, ඉන් බැහැරවූ තේමාවක් ඇති වැම්පයර් වර්ගයේ චිත්‍රපටිවල රඟපාන. සාමාන්‍යයෙන් එකම ආරක නිර්මාණවලට වඩා වෙනස් ආකාරයක නිර්මාණයකදී ඔවුන්ගේ රඟපෑමෙදි අපූර්වත්වයක් ඇති බවයි මගේ නමි හැගීම...

Wednesday, January 18, 2012

ලන්ඩන් පුරවරයේ අසිරිය හා අවලස්සන

අපි ඊයේ ලන්ඩනය නම් මහා නග‍රයේ අසිරිය දැක්වෙන පැරණි සිතුවම් පෙලක් දැකගත්තා. මේ ලිපියේදිත් එහිදී දැක්වුන ආකාරයේ දර්ශනීය ගම්බද ස්වරූපයක් ගන්නා පැරණි ලන්ඩන් නගරයේ අසිරිය වගේම දහනවවන සියවසේ අග හෝ විසිවන සියවසේ මුල ලන්ඩන් නගරය දැක්වෙන දර්ශනීය මුහුණුවරක් නොගන්නා සේයාරූ කිහිපයක්ද ඔබට දැක ගැනීමට ලබා දෙනවා.





























ඉහත රූප වලින් සිත්තරුන් උත්සහ ගත්තේ ලන්ඩන් පුරවරයේ සුන්දරත්වයක් ඉස්මතු කරන්නයි. ඒත් ‍පසුගිස සියවසේ මුල්භාගයට වන්නට ලන්ඩන් නගරය පැවතුනේ මේ අයුරින් කියලයි කැමරා කාචයේ නම් සටහන් වෙලා තියෙන්නේ.















මේ පින්තූර දැක්කම නම් අපි කියවපු ෂර්ලොක් හෝම්ස් කතා ආදියේ ඇතැම් විට ලන්ඩන් නගරය විස්තර කරල තියෙන ආකාරය හා සැසදෙන බවකුත් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි බලපු පැරණි චිත්‍රපටි හෝ පැරණි ආකාරයෙන් පසුතල යොදාගෙන ඇති චිත්‍රපටි ආදියෙත් මෙයට සමාන දර්ශන ඔබ දැක ඇති.

කොහොමවුනත් අවසානයේ කියන්න ඕන ලන්ඩනය සලකලා තියෙනනේ යුරෝපයේ අගනගරයක් ලෙසටයි. එය කොතරම් වැදගත් වීද යත් යම් හෙයකින් හිට්ලර් දෙවන ලෝක යුද්දයේ‍දී බ්‍රිතාන්‍යයත් පරාජයට පත්කරල යුද්දය දිනුවනම් ඔහු තමන්ගේ මූලස්ථානය ලෙසට තෝරාගන්නට හිතාගෙන ඉදලත් තියෙන්නේ ලන්ඩන් නගරයට බවට  History channel මගින් නිපදවපු වාර්තමය චිත්‍රපටියකත් දැකගන්නට ලැබුනා...