Monday, November 7, 2011

Stallone ගේ ඔබ නොදුටු චිත්‍රපටි දෙකක් - Victory with Tango & Cash

අද ඔබට කියන්න යන Sylvester Stallone ගේ මෙම චිත්‍රපටි දෙක ඇතැම් විට ඔබ නරඹා නැතුවත් ඇති. මොකද මේවා ඔහු කාලෙකට ඉස්සෙල්ලා රඟපෑ චිත්‍රපටි නිසා. පළමු සිනමා කෘතිය තමයි 1981 දී තිරගතවූ Victory කියන චිත්‍රපටිය. මෙය දෙවන ලෝක යුද්ද කාලය පසුබිම් කොට තැනූවක්.

කෙටියෙන් මෙම චිත්‍රපටිය ලැන කියන්නේ නම් මෙහිදී Stallone  රඟපාන්නේ ඇමරිකානු හමුදා කපිතාන්වරයෙකුගේ චරිතයක්. එහෙත් ඔහු මෙහි දැක්වෙන ආකාරයට ජරමානු හමුදාවේ අත්අඩංගුවේ පසුවෙන්නේ. ඔහු සමග සිටින අනෙක් හමුදා සිරකරුවන්ගේ විනෝදාංශය තමයි පාපන්දු ක්‍රීඩා කිරීම. Stallone  මෙහි ප්‍රධාන චරිතය රඟපෑවත් ඔහුවත් අභිබවා දෙවන ප්‍රධාන චරිතය වන දෙවරක්ම ඔස්කාර් සම්මානයෙන් පිදුම්ලද සම්මානනීය නළු Michael Caine ගේ චරිතය ඉස්මතු වී පෙනෙනවා කියන්නත් පුළුවන්. ඔහුත් බ්‍රිතාන්‍ය හමුදාවට අයත් කපිතාන්වරයෙකු වන අතර යුද්දයට පෙර ඔහු එහි ක්‍රීඩා සමාජ මට්ටමෙන් පාපන්දු ක්‍රීඩා කල වගක් තමයි චිත්‍රපටියේ කතාවට අනුව කියන්නේ.

ඔවුන්ට අමතරව ලෝකයේ ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයන් රැසක් මෙහි දක්නට ලැබෙන අතර ඔබ කීවාට විශ්වාස කරන එකක් ‍නැහැ. ලෝකයේ මෙතෙක් බිහිවූ අතිදක්‍ෂම පාපන්දු ක්‍රීඩකයා වන Pelé පවා මෙහි රඟපෑමට එක්වී සිටිනවා. ඔහු මෙම කතාවට අනුව ට්‍රිනිඩෑඩ් රටේ කපිතාන්කෙනෙක්. ඉතින් ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාව දැක එතරම් නරක නැති ජර්මානු මේජර්වරයෙක් ජර්මන් පාපන්දු කණ්ඩායම සමග තරගයක් සංවිධානය කරන අතර මෙම දෙපිරිස අතර පාපන්දු ක්‍රීඩාකරන අතරවාරයේ සිරභාරයෙන් පැනයාම තමයි Stallone  ඇතුළු කණ්ඩායමේ සැලැස්ම. ඔවුන්ට එය සිදුකල හැකිවේද? ඔබටත් මෙම චිත්‍රපටිය නැරඹීමට සිතක් පහල වූයේ නම් අන්තර්ජාලය පිරික්සීමෙන් එය සොයා ගැනීමට බැරි වෙන එකක් නැහැ. ඒ එක්කම මෙම චිත්‍රපටියේදිත් Pelé ටම ආවේනික මේ පාපහරත් දැකගන්නට  හැකියි.

දෙවැන්න තමයි 1989 දී තිරගතවූ Tango and Cash කියන සිනමා නිර්මානය මෙහිදී Sylvester Stallone පොලිස් ලුතිනන්වරයෙකුලෙස රඟපාන අතර සමප්‍රධාන චරිතය ලෙද තවත් පොලිස් ලුතිනන්වරයෙකු ලෙසKurt Russell ‍රඟපෑමට එක්වී තිබෙනවා. අපරාධකරුවන්ට මෙම දෙදෙනාම නොසෑහෙන්න බැටදෙන අතරම ඔවුන්ට ඒ නිසා ඇති සතුරන් සංඛ්‍යාවද නොසෑහෙන්නයි. ඉතින් මොවුන්‍ දෙදෙනා මරා දැමීම වෙනුවට නොකෙරූ වරදකට සැලසුම්සහගතව හසුකර සමාජයෙන් ඉවත්කර තැබීම තමයි අපරාධකරුවන්ගේ අභිප්‍රාය. මේදෙවල් කොහොම සිදුවුනාදැයි ඔබත් මෙම චිත්‍රපටිය නැරඹුවේනම් දැකගනු ඇති.

මෙම චිත්‍රපටිදෙක ගැන අවසාන වශයෙන් නම් කියන්නට ඇත්තේ මගේ නම් පළමු චිත්‍රපටිය වූ Victory එහි කුතුහලය හා Stallone ගේ චිත්‍රපටි අතර ඇති විවිදත්වය දකින්නට ඇතත් දෙවැන්නේ එහෙම දෙයක් නම් මා දුටුවේ නැහැ. සමහරවිට ඔබගේ සිතුවිල්ල වෙනස්වන්නටත් පුළුවන්. හැකියාව ඇතොත් මෙම චිත්‍රපටිදෙකම නරඹා ඔබම ඒ ගැන කියන්න...

5 comments:

  1. මාතෘකාවේ කියල තියෙන විදිහටම බලල නැහැ දිනේශ්...

    ReplyDelete
  2. victory නම් බලපු මතකයක් තියෙනවා . අනික නම් බලා නැහැ .

    ReplyDelete
  3. victory එකනම් ගොඩ කාලෙකට කලින් බැලුවා ඒත් කතාවේ අන්තිම නම් මතක නැ හරියට
    හොද ෆිල්ම් එකක් කියලනම් මතකයි

    ReplyDelete
  4. http://mailrecord.blogspot.com/

    ReplyDelete
  5. මේ ෆිල්ම්ස් දෙකම ටීවී 1 කේ ගියා මට මතක විදිහට පලමු චිත්‍රපටය ,ජර්මානුවන් තමන් යුධ සිරකරුවනට හොදින් සලකන බව පෙන්වීමටත් මිත්‍ර පාක්ෂික රටවල මානසික මට්ටම බිම දැමීමටත් ජර්මන් ජාතික කණ්ඩායම සමග සන්විධානය කරන තරගයේදී ක්‍රීඩකයන් උපරිම ප්‍රමාණයක් සිරෙන් පලා යාම මෙම චිත්‍රපටයට මූලික වී තිබෙනවා ...............
    Sameera

    ReplyDelete