Thursday, November 17, 2011

යම් හෙයකින් ඉරානයට ඊශ්‍රායලය පහර දුන්නොත් කවුරු දිනයිද? Iran Vs Israel

ඉතින් මිතුරනි කොහොමද? මේ දිනවල වැලදී ඇති සෙම්ප්‍රතිශ්‍යාව නිසා ටික දිනක් ලිපි නොලියා ඉන්න තමයි සිතා සිටියේ. ඒක නිසා පසුගිය සතියේ ආරම්භකරපු ලිපි පෙලේ දෙවන ලිපියට එකම අකුරක් හෝ ලියන්න තවම බැරිවෙලා තමයි ඉන්නේ. ඒත් මේ රත්වේ ගෙන එන ඉරාන න්‍යෂ්ඨික ප්‍රශ්නය නිසා ඒගැන සුළුවෙන් හෝ යමක් ලියන්න ඇත්නම් හොදයි කියල හිතුනා.

මෙම ලිපියට යොදාගෙන ඇති සංඛ්‍යාලේඛන දත්ත global fire power නම් වෙබ් අඩවියෙන් ලබා ගත් ඒවා වන අතර සන්සන්දනාත්මක ඇගයීමක් කරනු පිණිස ඒවා යොදාගන්නවා මිස ඒවායේ සත්‍යඅසත්‍යභාවය ගැන නම් සහතිකයක් ලබාදිය නොහැක්කේ රටක ආරක්‍ෂක තොරතුරු බොහෝවිට අතිශය රහසිගතදේවල් නිසා මේවායේ දැක්වෙනවාට වඩා වැඩි සංඛ්‍යා මේ දත්ත තුල සැගවී තිබෙන බව මා මෙන්ම ඔබද දන්නා හෙයිනි.

ඇතැම්විට ඉරානය පැත්තෙන් නම් මේ තො‍රතුරුවලට ආසන්න බවක් තිබීමට ඉඩ ඇත්තේ පසුගිය කාලවකවානුව පුරාවට සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කර සිය සතුරු පාර්ශවයන් යම් මානසික පසුබෑමකට ලක්කිරීමට ඔවුන් ප්‍රයත්න දැරූ නිසාය. එහෙත් ඊශ්‍රායලය පාර්ශවයේ තොරතුරු නම් මෙයට වඩා වෙනස්වීමට ඉඩ ඇත. මන්ද ඔවුන්‍‍ගේ යුද උපාය මාර්ග හා සංග්‍රාමික කටයුතු ඉතාමත් රහසිගතව ප්‍රවේශමෙන් පවත්වාගෙන යාම හා අඩුම තරමෙන් සිය හමුදාවල වැදගත්ම අංශවල ‍සොල්දාදුවන් මාධ්‍යයට පවා නිරාවරණය කිරීමක් ඔවුන් නොකරන නිසා හා සිය යාවජීව මිත්‍ර ඇමරිකාව සමග ඔවුන්ගේ ඇති සමීප සබදතා හා වෙනත් ගණුදෙනු නිසා යුද කටයුතු වලට සම්බන්ධ නිවැරදි තොරතුරු මෙම සංඛ්‍යාලේඛණ වල ගැබ්වී ඇති තක්සේරුකල නොහැක.

අප මීට පෙරත් ඊශ්‍රායලය ගැන මෙන්ම ඔවුන් මීට වසර තිස් ගණනකට පෙර තමන් රටින් සැතපුම් දහස් ගණනාවක් ඔබ්බෙන් පිහිටි උගණ්ඩාවේදී කල ප්‍රාණ ඇපකරුවෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් පිළිබදව කතාකලෙමු. මෙන්න ඔබ තවමත් එම ලිපි කියවා නැත්නම් ඒවාට සබැදියන්.

ඊශ්‍රායලය - Israel

ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල විශිෂ්ඨතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම - Operation Entebbe - Israel’s Lightning Strike

එහෙත් තවම ඉරානය ගැන නම් ලිපියක් සත් සමුදුරට ලියා නොමැති නිසා මෙවැනි සබැදියන් ලබාදිය නොහැකිවුවත් මේ රටවල් දෙක අතර යම් සන්සන්දනාත්මක හැදෑරීමක් පමණක් කිරීමට බලාපොරොත්තුවෙමි. එසේම යම් රටක් යුද බලවතෙකුවීමට එම රටේ භූමි ප්‍රමාණය වැඩිවීම හෝ ජනගහනය වැඩිවීම හෝ  වෙනත් සම්පත් වල ඇති බහුලත්වය වැඩිවීම යන සාධකම පමණක් හේතුනොවන බවද සැලකිය යුතුවේ.

මේ වෙබ් අඩවියට අනුව ඊශ්‍රායලය ලෝක යුද ශක්තිය අතින් දහවන ස්ථානය හිමිකරගෙන සිටින අතර ඉරානයට හිමිව ඇත්තේ දොලොස්වන ස්ථානයයි. එහෙත් ඔවුන්ට ඉහලින් සිටිනා රටවල් ගත්විට පළමු තැන ඇමරිකාවටත්, දෙවැන්න රුසියාවටත්, තෙවැන්න චීනයටත්, සිව්වැන්න ඉන්දියාවටත්, පස්වැන්න මහා බ්‍රිතාන්‍යයටත්, සයවැන්න තුර්කියටත්, සත්වැන්න දකුණු කොරියාවටත්, අටවැන්න ප්‍රංශයට හා නමවැන්න ජපානයටත් හිමිවන ලෙස යුද බලයේ ප්‍රමුඛයන් වී ඇති අතර ඊශ්‍රායලය සහ ඉරානයේ අතර එකොලොස්වැන්නේ බ්‍රසීලය රැදී සිටියි. කෙසේවෙතත් ඊශ්‍රායලට ඉහලින් සිටිනා රටවල් අතරින් ප්‍රමුඛ ඒවා හැරුනකොට අනිත් ඒවා  ඊශ්‍රායල අභිබවා යෑම කෙසේවෙතත් ඊශ්‍රායලය තම සත්‍ය යුද ශක්තිය සඟවාගෙන සිටිනවාදැයි සැකයක් ඇතිවේ. ඉරානයේ තත්වය නම් බොහෝවිට සත්‍ය පිහිටීමේ තිබෙනවා වීමටත් ඉඩ ඇත.

අදාල වෙබ් අඩවියට අනුව නම් 2011 වසරට අදාලව දෙරටේ වැදගත්ම තොරතුරු මෙසේය. එහිදී යම් හැකියාවක් වැඩියෙන් තහවුරු කරගෙන ඇති රටේ දත්තය ඇති කොටුව රෝස පැහැයෙන් වර්ණවත් කර ඇත.
හැකියාවන්
ඉරානය
ඊශ්‍රායලය
පුද්ගල බලය
ජනගහනය
77,891,220
7,473,052
ශ්‍රම බලකාය
46,247,556
3,511,190
හමුදා සේවයට සුදුසු මිනිස් ශ්‍රමය
39,556,497
2,963,642
හමුදා සේවයට නියමිත වයසේ සිටින පුද්ගලයන් ගණන
1,392,483
121,722
සක්‍රීය හමුදා සේවයේ නියුතු
545,000
187,000
අතිරේඛව සක්‍රීය සේවයට කැදවිය හැකි
650,000
565,000
භූමියේ හමුදා බලය
Total Land Weapons
12,393
12,552
යුද ටැංකි
1,793
3,230
සන්නාහ සන්නද්ධ රථ හා පාබල හමුදාවේ සන්නද්ධ රථ
1,560
6,278
කාලතුවක්කු
1,575 
550
Self-propelled gun platforms
865
706
මල්ටි බැරල් රොකට් පද්දති
200 
138
මෝටාර් අවි
5,000 
750
යුද ටැංකි නාශක අවි
1,400
900
ගුවන් යානා නාශක අවි
1,701 
200
සංග්‍රාමික වාහන
12,000
7,684
ගුවන් බලය
සම්පූර්ණ ගුවන් යානා සංඛ්‍යාව
1,030
1,964
හෙලිකොප්ටර්
357 
689
භාවිතයට ගත හැකි ගුවන් තොටුපල
319 
48
ඉන්ධන සම්පත (බැරල් වලිනි)
දෛනික තෙල් නිශ්පාදනය
4,172,000
3,806
දෛනික තෙල් පරිභෝජනය
1,809,000 
231,000
දෛනික තෙල් ගබඩාව
137,600,000,000 
1,940,000
කම්කරු ශ්‍රමය හා ගොඩබිම් ප්‍රවාහණ මාර්ග
කම්කරු ශ්‍රමය
25,700,000
3,080,000
මහාමාර්ග
172,927 Km
18,290 km
දුම්රිය මාර්ග
8,442 Km
975 km
ආර්ථිකය
ආරක්‍ෂාව වෙනුවෙන් වෙන්කිරීම
$9,174,000,000
$16,000,000,000
විදේශ සංචිත හා රත්‍රං සංචිතය
$75,060,000,000
$66,980,000,000
මිලදී ගැනීමේ හැකියාව
$818,700,000,000
$219,400,000,000
භූගෝලීය දත්ත
ජල මාර්ග
850 km
0 km
වෙරල තීරය
2,440 km
273 km
සම්පූර්ණ භූමි ප්‍රමාණය
1,648,195 km 
20,770 km
දේශ සීමා දුර ප්‍රමාණය
5,440 km
1,017 km
නාවික බලය
සම්පූර්ණ නාවික යාත්‍රා
261
64
වෙලඳ නාවික ශක්තිය
74
10
ප්‍රධාන නැව් තොටවල් හා පිවිසුම්
3
4
ගුවන් යානා රැගෙන යන නැව්
0
0
Destroyers
3
0
Submarines
19
3
Frigates
5
0
Patrol Craft
198
42
Mine Warfare Craft
7
0
Amphibious Assault Craft
26
0

බොහෝ අංශ වලින් ඉරානය ඉදිරියෙන් සිටියත් ඊශ්‍රායලය ඔවුන් අභීබව ස්ථාන දෙකක් ඉදිරියෙන් සිටීම තුලම මෙම සංඛ්‍යාලේඛණවල අන්තර්ගත නොවන යුද ශක්තියක් අනිවාර්යයෙන්ම ඔවුන්ට ලැබී තිබිය යුතුවේ.

එසේම ඊශ්‍රායලයේ බහුතරය වන යුදෙව්වන් අත‍ර අභ්‍යන්තරිකව විවිද මතිමතාන්තර තිබිය හැකිවුවත් පිටස්තර බලවේග හමුවේ ඉතිහාසය පුරාවටම සිදුවී ඇත්තේ ඔවුන් එකිනෙකා අතර එකට සමගිව සිට සතුරු පාර්ශවය මැඩලීමට එක්වීමයි. එහෙත් ඉරානය පැත්තෙන් මෙබදුම ඒකරාශීවීමක් ඇති නොවීමටද ඉඩඇත. වර්තමාන ඉරාන ජනපතිගේ දෙවන පදවිප්‍රාප්තියේදී විවිදාකාර සිද්ධීන් සිදුවූ බවක් මතකයට නැගේ. එසේ නම් එරට අභ්‍යන්තරිකව ගැටළු පවතින බවක් පෙ‍නේ. එසේම 1979 දී ඉරාන විප්ලවය හමුවේ ඇමරිකානු හිතවාදී රජය බිදවැටී ඒ සමගම බටහිරකරණයට දශක කිහිපයක් තිස්සේ විරාමයක් ලැබී තිබුනත් දැන් දැන් එරට තරුණ පරපුර ඉස්ලාමීය මූලධර්මකරණයකට වඩා බටහිරකරණයට නැඹුරු බවක්ද තිබෙන බව විටින් විට අසන්නට දකින්නට ලැබෙන පුවත්වලින්ද පෙනීයයි. එනිසා ඒ විප්ලවයට සම්බන්ද වූ අහමජිද්ජාන් ජනාධිපතිවරයාගේ බටහිර සංස්කෘතියට විරෝධී දර්ශනයට වඩා වෙනස් දර්ශනයකට එරට තරුණ පරපුරේ ඇතැම් කොටස් ඇළුම්කරනවාද විය හැක. එවැනි බෙදීම් තිබීම නිසා ඉරානයේ අභ්‍යන්තරයෙන්ම, මෙවැනි පිටස්තර බලපෑමක් ඔස්සේ හෝ රටේ පවතින් මූලධර්මවාදී ආකල්පයන්ගේ දුරුවීමක් අපේක්‍ෂාකරනුද අමතක කල නොහැකි තත්ත්වයක් වේ.

තවද ඊශ්‍රායලයේ සහයට අනිවාර්යයෙන්ම ඇමරිකාව සිටිනු ඇත. ඔවුන්ට 1979 දී අපහාසවිදගෙන ඉරානයෙන් පිටවීමට සිදුවීම ගැන වෛරයක් ඇතුවාසේම තමන්ට තවමත් අවනත නොවන ඉරානය තවත් දැඩිලෙස මට්ටුකිරීමට මෙය අවස්ථාවක් කරගනු ඇත. ඉතින් ලෝකයේ අංක එකේ බලවතාගේ සහය සෑමඅතින්ම ලැබෙන කල ඉරානය වැනි යම් ප්‍රභලත්වයක් පමනක් ඇති රටකට මෙවැනි අසමතුලිත යුද්දයකට එළඹීම සෑම අතින්ම ප්‍රඥා‍ගෝචර නොවන බව මාහට නම් පෙනෙන කරුණකි. ඇමරිකාවට අමතරව ඊශ්‍රායලය බිහිකිරීමටද උරදුන් පාර්ශවයන් ඇතුලත් නේටෝ සහයද අවිවාදයකින්ම ලැබෙනු ඇත්තේ ඊශ්‍රායලයටයි.

ඉරානය ගත්කල ඔවුන්‍ ලෝක භූමිකාවේ හුදකලා වූ රටක් බව පෙනීයයි. න්‍යෂ්ඨික වැඩපිළිවලද සහය දුන් බව කියන උතුරු කොරියාව, අරාබිකරයේ රටවල් කිහිපයක් හා කියුබාව, වෙනිසියුලාව වැනි රටවල් ඉරානය වෙනුවෙන් කතාකරනු ඇත. ඉන් ඔබ්බට ගොස් යමක් කිරීමට එම රටවලට ඇති හැකියාවක් නැත. අරාබිකරයේ සිරියාවද බොහෝවිට ඉරානය පාර්ශවය ගනු ඇත්තේ නුදුරු අනාගතයේ සිරියවද ඇමරිකානු ප්‍රහාරවල ගොදුරක් වීමට ඉඩ ඇති හෙයිනි. උතුරු කො‍රියාවට තම න්‍යෂ්ඨික අවි ඉරානයට ලබාදිය හැකිවූවත් ඉරානය ගුවන් තහනම් කලාපයක් කරන ලද කල ගුවනින් ඒවා සැපයිය නොහැකි අතර නෞකා මාර්ගයෙන් ගෙනඒමට ඇමරිකාව ප්‍රමුඛ සහායක රටවල ඉඩක් ලැබේ යයි කිසිවිටකත් බලාපොරොත්තුවිය නොහැකිවේ.

දෙවන ලෝක යුද බලවතාවූ රුසියාව අතිශයින් තීරණාත්මකය. ඔවුන්ගේ පූර්ණ සහය යම් හෙයකින් ඉරානයට ලැබේ නම් යුද්දයේ සෑහෙන්න වාසියක් ඉරානයට ලැබෙන මුත් වර්තමාන ලෝක රටාව අනුව ප්‍රහාර හෙලා දැකීම හා එයට සහය පල නොකිරීම හැරුන කොට රුසියාව මෙයට කෙලින්ම අත දමයි කියා සිතිය නොහැක. ඇතැම් විට ඇමරිකානු යුද බලය පවා අභිබවා යා හැකි යුද බලයක් රුසියාව සතුව ඇතත් වෙළඳ පොල ආර්ථික දර්ශනයට මුල් තැන දෙනු විනා ඉතිහාසයේ කලා මෙන් තම සමාජවාදී දර්ශනය රැක ගැනීමේ හෝ තම ගමන් මග ගත් වියට්නාමය වැනි මිතුරන් ආරක්‍ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ගයන් ගැනීමට දැන් රුසියාවේ සැබෑ පාලකයා යයි කියන වැලැඩ්මීර් පුටීන් ඉස්සරවේ යයි සිතිය නොහැකිය. චීනය සිටින්නේ මීටත් පහල අඩියකය. ඔවුන් ලොව තෙවන බලවතා වූවත් තම කලාපය වන නැගෙනහිර ආසියා කලාපයේ ප්‍රතිවිරුද්ධ පැත්තේ එනම් බටහිර ආසියාවේ ඇති ඉරානයට, යුද හෝ වෙනත් සහයක් ලබාදීමට ඇති හැකියාව අල්පය. මන්ද ගුවන් තහනම් කලාප නිසා ගුවනින් ඒවා සැපයීමට ඇති හැකියාව දුෂ්කර වනු ඇති අතර නාවික මාර්ගයටද අත්වන්නේ එවැනි ඉරනමකි. ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙන ඒමටද ඇමරිකාවෙන් ඉඩක් නොලැබෙනු ඇති.


කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය ආරක්‍ෂක බලවතුන් නිසා මෙම දෙපාර්ශවයට එනම් රුසියාවට හා චීනයට ඉරාන ප්‍රහාර වෙනුවෙන් සිය නිශේද බලය භාවිතා කල හැකිමුත් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සිදුවන්නේ ප්‍රහාර වල තීවුරතාවය බාල කිරීමක් පමණකැයි කිව හැක. එනම් යොදා ගන්නා අවි ආයුද සාම්ප්‍රධායික අවි ආයුද මිස රසායණික, න්‍යෂ්ඨික හා ජීව විද්‍යාත්මක අවි භාවිතයෙන් ඈත් කිරීමත් අල්ලා ගන්නා සතුරන් එළිපිට නොව රහසිගතව පමනක් වීමයි. එහෙත් වැරදීමකින් හෝ ඉරානය මේ කියනා අවි ආයුද අතරින් න්‍යෂ්ඨික හෝ රසායණික ප්‍රහාරයක් සතුරු පාර්ශනයට එල්ල කල හොත් ඉරානයට මිහිපිට අපායක් මවා දීමට ඇමරිකාව ප්‍රමුඛ මිතුරන් කිසිවිටකත් පසුබට නොවනු ඇත.

ඉරානය යුද්දයෙන් බෙලහීන වීම හා මෙම යුද්ද සිදුවීම ලංකාව වැනි තෙවන ලෝකයේ දුප්පත් රටවලට අතිශයින්ම අහිතකරය (ලංකාව දැන් තෙවන ලොව දියුණු වන රටක් නොවේ, දියුණුවට පත්වූ රටක් යයි දේශපාලනඥයන් කොතෙක් කීවද අපේ පඩිපතින් ගත හැකි දේවල් බැළු කල දැන් අපි සිටින්නේ සිටි ස්ථානයටත් පහලින් බව අමුතුවෙන් කියන්නට ඕනෑද?) සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැනි සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන් ලබාදෙන්නේ යයි කියන ආධාර නතරවනු ඇති අතර වෙනත් ප්‍රතිලාභයන්ද නොලැබෙනු ඇති. ලෝකයේ තෙල් මිල නොහිතිය හැකි මිලකට ඉහල යා හැකි අතර අයාදොස් අසමින් සිටිනා හෙජින් ගිවිසුමටද හොද කලක් එනු ඇති. ඉස්ලාමීය රටවලට සුපිරි ඇමරිකා‍වේ ආශිර්වාදය මත යුද වැදී සිටින ඊශ්‍රායලයට පහරදීමට යාම සියදිවි නසා ගැනීමක් බව වැ‍ටහෙන නිසා ඔවුන්ට කල හැකි ‍කාර්යයන් වන මරාගෙන මැරෙන බෝම්බකරුවන් ආගමේ නාමයෙන් යෙදවීමත්, ඔපෙක් සංවීධානය හරහා තෙල් නිශ්පාදනය අවම කර තෙල් මිල අපට දැනෙන්නටත් සලස්වනු ඇති. ඒවගේම ඇමරිකාවේ වෝල් වීදියේ අර්බුද හා ඔළු පැලීම් හෝ කූඩාරම් වල ජීවත් වන ඇමරිකානුවන් ගැන අවලාද නගමින් ඇමරිකාවේ වැටීම ගැන සිනාසෙනාවට වඩා ඉස්ලාමීය රටක් වූවත් ඉරානයේ අහිංසක ළමයින්, ගැහැණුන් අතිදැවැන්ත බටහිර පාර්ශවයේ ප්‍රහාරහමුවේ මැරී වැටෙනු දැක අවශ්‍යනම් දුක්වීමටද, නැත්නම් තම්බින්ට වෙන්න ඕනෑ ඔහොම තමයි කියා සිනාසීමට වුවත් හැකිය.


අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ සහචරයන්ගේ චණ්ඩිකම් වලත් දැන් යම් විරාමයක් තිබිය යුතුය. මන්ද ඔවුන්ගේ ගුවන් ප්‍රහාර හෝ බරඅවි ප්‍රහාර සොයා යන්නේ තමන්ට ගිණිපිබින්නට එන ඉරානකාරයන් පමණක් නොව නිරායුද ඉරාන වැසියනුත් ගොදුරු කර ගනිමින් නිසයි. ඒ වගේම ඉරානයේ අහමජිද්ජාන්ගේ කයිවාරු දැන් නවතා ටිකකලකට හෝ තම ප්‍රතිවාදීන් සමග ආත්මගරුත්වයද රැකෙන සංහිදියාවකට යායුත්තේ මෙම යුද්දයෙන් නහින්නේ තමන් හා තම අඹුදරුවන් පමණක් නොව ඉරානයේ සියළු අහිංසක ජනතාවද සමගවීම නිසයි. අඩුම තරමෙන් තමන්ගේ අසල්වැසි ඉරාකයට අත්වූ ඉරණමවත් ඔහු මෙනෙහි කල යුතුවේ. කළුගල්වල ඔළුව ගහගන්නට යාමෙන් කුඩුවන්නේ කළුගල නොව තමන්ගේ ඔළුගෙඩිය බව උගතෙක්දවූ ඔහු නොදන්නවා නොවිය හැක අතර ‍සුදුසුම ක්‍රියාමාර්ගය අවස්ථානෝචිත ප්‍රඥාව බව මුස්ලිම් වැසියෙකු වූ අහමජිද්ජාන්ට අඩුම තරමෙන් බුද්ධාගමේ පංචායුද ජාතකය හෝ චිත්‍රපටියට නගා ඔහුට බලන්නට සලස්වන්නට ඇත්නම් එය සමහරවිට යුද්දයක් ඇතිවුවහොත් ඔහු මෙලොවගත කරන දින කිහිපයට වුවද ප්‍රයෝජනවත් විය හැක.

(මෙම ලිපිය ඒකපාර්ශවිකව ඊශ්‍රායලය පක්‍ෂපාතී ලිපියක් ලෙස පෙනීමට ඉඩ ඇතත් සිදුවන්නට යන විනාශයේ සැබෑ යථාර්තය මෙහි දැක්වීම සිදුකිරීම පමනක් සිදුකර ඇත).

මේ වෙබ් අඩවියේද මෙම සියළු පාර්ශවයන්ගේ යුද හැකියාවන් දක්වා ඇත.
http://stopthewarnow.net/iran/warscenarios.html

මෙම ලිපියේ දෙවන කොටස - පෙර ලිපියට තවත් ඇමුණුමක්... Iran Vs Isrel - Part 2

31 comments:

  1. මෙහෙම රටවල් දෙක තුනකට ලෝකය නටවන්න දීම නම් අනුමත කරන්න බෑ!මොවුන්ව මට්ටු කරන්න හැබෑවටම ලෝකයාට නොහැකි ඇයි?

    ReplyDelete
  2. හ්ම්... ඔව් ඊශ්‍රායලයට වෙනත් පාර්ශ්වයන්ගේ සහාය ලැබෙනවා.ඔවුන් ඉටු කරන්න යන්නෙත් ඇමරිකානු උවමනාවන්.ඒ වුනත් ඉරානය අඩුතක්සේරු කරන්න බැ.විශේෂයෙන් ඇමරිකාව අත ගහපු හැම යුද්ධයක්ම අනාගෙන දරුණු ආර්ථික අර්බුද සහ තරමක දේශපාලන අර්බුදවලට මුහුණදීලා ඉන්න අවස්ථාවක.

    යු.එන් 1 ආරම්භක පරමාර්ථ පැත්තක තියලා ඇමරිකනු යුධ යාන්ත්‍රනයෙම කොටසක් විම ලොවටම තර්ජනයක්.අනිවාර්යයෙන්ම ඉරාන යුද්ධය පටන් ගන්නේත් යු.එන්.1 සුපුරුදු පරිදි ඇමරිකානු සතුරන් සම්බාධක සහ වෙනත් ක්‍රම මගින් අඩපන කරාට පසුවයි.

    ReplyDelete
    Replies
    1. iran justa a cina patas...............

      Delete
  3. there are roughly 15 million jews & 1.5 billion muslims living on earth today which of the both parties sahres some cultural significance gained from their ancestors in middle east. and consodering the academic skills of both parties the jews claim 15 nobel prizes spcecailly on the subjects of scence & mathematics while the 1.5 billion muslims claim only a 6 nobel prizes so far. and the funniest thing is those 6 nobel prizes are mainly for teaching the other rest of the muslims not to kill each other & stop jihad against non muslims. islamaization is the real threat today. these terrorism comes from the deep core of koran. anyways israel has a right to survive & i dont think most of the pople here wouldn't agree that israel is the only democratic country in middle east today.

    http://islam-watch.org/

    ReplyDelete
    Replies
    1. There are more than 84 Noble price winners in Jews

      Delete
  4. ඉතා හොඳ පෝස්ට් එකක්. බය වෙන්න එපා ඊට පෙර සිරියාවට වැඩක් දෙනවා. අසාද්ට දීලා තමයි අහමදිනෙජාට්ට දෙන්නේ. එතකොට පොර වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. නැවතත් කියන්න තියෙන්නේ ඉතා අනර්ඝ ලිපියක්.. රූපවාහිනියේ විජය දිසානායකට හා ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩලා කියවන්නේ බයිලා..

    ReplyDelete
  5. මේ වගේ රටවල් අතර සිද්ධවෙන යුද්ධ හැමවිටම අදාළ රටවල්වලට පමණක් කරන බලපෑම පරයා යන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. ඒ හින්දා මෙවැනි යුධ ගැටුම් සමස්ථ ලෝකයටම කරන්නේ අයහපත් බලපෑමක්ය යන්න අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි.

    ReplyDelete
  6. "එහෙත් වැරදීමකින් හෝ ඉරානය මේ කියනා අවි ආයුද අතරින් න්‍යෂ්ඨික හෝ රසායණික ප්‍රහාරයක් සතුරු පාර්ශනයට එල්ල කල හොත් ඉරානයට මිහිපිට අපායක් මවා දීමට ඇමරිකාව ප්‍රමුඛ මිතුරන් කිසිවිටකත් පසුබට නොවනු ඇත."
    - Agana kiyavimak

    ReplyDelete
  7. විවුර්ත යුද්ධයකට එලබීමෙන් ප්‍රශනය සිත ගත නොහැකි තරම් දුර දිග යා හැක. ඒ නිසා බළලුන් ලව කොස් අට බාවන ආකාරයට රටේ මහා ජනය ලවා මල් විප්ලව ඇති කිරීම බලාපොරොත්තු විය හැක. ඉරානය හා සිරියාව යන දෙකම නිදහස් චන්ද සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නැති වීම මෙයට හේතු විය හැක.සිරියාවේ දැනටම මෙය සිදු වේ. ඉරානය වෙනම කතාවකි. එහි සමනය හමුදාවට අමතරව විප්ලවිය හමුදා හා ආගමික අතුරු හමුදා තිබේ. පසු ගිය උද්ගෝෂණ සමයේ පැමිණි යතුරු පැදි කණ්ඩායම් හොද උදාහරණයකි.

    රටේ හමුදා ශක්ති මෙලෙස සංසන්දනය කිරීමෙන් ඇති ප්රෝයෝජනය අඩුය. මන්දයත් මේ රටවල් දෙක එකිනෙකට යාබද රටවල් දෙකක් නොවීමය. එසේම යුධ වල තත්වය, හමුධ වල පුහුණුව ආදිය වැදගත් වේ.

    සියල්ලටම වඩා වැදගත් විවුර්ත යුද්ධයකින් ඇතිවන ජනතා විරෝධයයි. මුස්ලිම් ලෝකයේ රටවල් සියල්ලම පහේ ඊශ්‍රයලය සමග අමනාපය.

    මගේ කතාව

    ReplyDelete
  8. මිතුරනි, ඔබ සැමටම ස්තූතියි! මාහට තවත් කරුණු එක් කිරීමට ඇති බැවැන් ඔබලාගේ අදහස්වලටත් ගැලපෙන පිළිතුරු මීලඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න...

    ReplyDelete
  9. http://www.globalfirepower.com/country-military-strength-detail.asp?country_id=Nepal

    අපි මේ ලිස්ට් එකෙත් නෑ...ඒත් නේපාලය 54...අපිටත් වඩා උඩින්.. ;-) මොන බොරුවක්ද? උන්ගේ Land weapons,Air Power, Navy Power අපේ රටත් එක්ක compare කරල බලන්න...මෙන්න ලින්ක් එක..
    http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army
    http://en.wikipedia.org/wiki/Current_Sri_Lanka_Navy_ships
    http://en.wikipedia.org/wiki/Sri_Lanka_Air_Force
    සුද්දො කියන හැම දෙයක්ම හිස් මුදුනින් පිලිගන්න එපා..විමර්ෂණය කරල බලන්න...

    ReplyDelete
  10. ඉතා හොඳ පෝස්ට් එකක්.thax!

    ReplyDelete
  11. @Anony (නේපාලය ගැන කියා ඇති)- මුලින්ම ස්තූතිකරනවා ලිපිය කියවීම ගැන. හැබැයි ඔබට මම කිහිපවිටක්ම කියා ඇති දේ නොතේරී ඇති හැඩයි. නේපාලය ගැන කෙසේවෙතත් මුල් අංක වලට අදාල රටවල් ඒ අංක එහා මෙහාවී හෝ ඒ සීමාවේ රැදී සිටීමට සුදුසු අය වීමටත් මමත් දක්වා ඇති පරිදි ඊශ්‍රායලය වැනි රටවල යුද ශක්තිය මීට වඩා වැඩිවීය යුතුවා මෙන්ම ඔවුන්ලබා ඇති පුහුණුව හා නිපුනත්වය මත අංක 10 ට වඩා ඉහල ස්ථානයක් ඔවුන්ට හිමිවිය යුතුවේ.

    අනිත් කරුණ නම් මේ වෙබ් අඩවිය 100% ක් නිවැරදියයි මම කිසිවිටකත් කියා නොමැත. නේපාලය මේ සටහනේ රැදී සිටීම හෝ නොසිටීම වැදගත් නොවන්නේ මෙම ලිපියට අදාල එටවල් ඒවාට ආසන්න වශයෙන් හෝ සුදුසු ස්ථානක රැදී සිටීමේ වැදගත්කමයි.

    ලංකාවේ ‍තොරතුරු මේ ස්ථානයේ පමනක් නොව බොහෝ වෙබ් අඩවි වල දත්ත අතරින් මඟහැරී ඇත්තේ කුමන හේතුව මතදැයි නොදන්නා අතර එය අවාසනාවන්ත තත්ත්වයකි. ඒවගේම ඔබ සපයා ඇති විකිපිඩියා ‍තොරතුරු ගැන කීමට ඇත්තේ ලංකාවේ හමුදා සෑම අතින්ම දක්‍ෂ හමුදාවකි. ඒ ගැන වචන දෙකක් නැත. මමද බොහෝ ලිපි සැකසීමේදී හරස් නිරීක්‍ෂනයන් සදහා විකිපිඩියා භාවිතා කරන නමුත් විකිපිඩියා යනු ලේසියෙන් දත්ත සොයාගැනීමට හැකි ස්ථානයක් මිස නිවැරදිම දත්ත ලබාගැනීමට හැකි ස්ථානයක් නොවේ. එය අවශ්‍යනම් ඔබට හෝ මට වුවද සංස්කරණය කල හැක.

    අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කරුණාකර සුද්දෝ කියන හැමදේම හිස්මුදුනින් පිළිගන්න එපා යන අදහස අන් අය ගැන නම් නොදනිමි. මා නම් සුද්දෝ හෝ කල්ලෝ කියන මොනම කරුණක් වත් එක්වරම නොපිලිගන්නා අතර කරුණු සොයා බලා යථාර්තය පමණක් මධ්‍යස්ථව දැක්වීමට ඉදිරිපත්වී ඇති බව දැන්වීමටද කැමැත්තෙමි.

    ReplyDelete
  12. gud post dude....... !!!!

    ReplyDelete
  13. "... සුද්දෝ හෝ කල්ලෝ කියන මොනම කරුණක් වත් එක්වරම නොපිලිගන්නා අතර කරුණු සොයා බලා යථාර්තය පමණක් මධ්‍යස්ථව දැක්වීමට ඉදිරිපත්වී ඇති බව දැන්වීමටද කැමැත්තෙමි".

    Good post

    ReplyDelete
  14. niyamai kohomada hoya gaththe....

    ReplyDelete
  15. ලිපිය ලියුව මිත්‍රයට රුසියාව චීනය අමතක වී තිබෙන හැඩයි. මේ වෙනකොටත් රුසියන් නැව් ඉරානය සහයට ඇවිත් ඉවරයි

    ReplyDelete
  16. ලිපිය ලියා පලකරන අවස්ථාවේ රුසියානු මැදිහත්වීමක සලකුනක් වත් තිබුනේ නැහැ. එහෙමවුනා නම් මේ ලිපියට ඇමරිකාව හා රුසියාව අතර සැසදීමකුත් ලබා දෙනවා. හැබැයි රුසියාව මැදිහත්වී ඇත්තේ සිරියාවට පහරදීම වැලකීමට නේද?

    ReplyDelete
  17. ඉතාම වැදගත් ලිපියක්. මේ වගේ යුද්ධයකදී වෙන්න පුලුවන් සත්‍යම දෙය කියලා තියෙනවා. අපි බලමු මේ දෙය සිදුවෙයි ද කියලා

    ReplyDelete
  18. ඔබ මෙවැනි නිගමන වලට එළැඹීම ගැන මම පුදුම වෙන්නේ නෑ.මොකද පසුගිය කාලයේ ලෝක දේශපාලනයේ සිදු වූ සිදුවීම් දෙස බැලූ විට.ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙලා.ඇමරිකාව තව දුරටත් ලෝක ආර්ථික බලවතා නොවෙයි.රුසියාව හා චීනය ආර්ථික හා යුධමය වශයෙන් බලවත් වෙමින් තියෙන්නේ.සිරියාවට මැදිහත් වෙන්නත් ඇමරිකාවට බැරිවුනා.ඉදිරියේදී නැවත සීතල යුද්ධයක් ඇතිවෙයි.නේටෝවට විකල්ප බලවේගයක් බිහිවෙයි.ඇමරිකාවේ 20 අවුරුදු මධුසමය ඉකමනින් නිමවේවි

    ReplyDelete
  19. Simple, Mr Writer - The points what ever you articulated here may put the wight on Israels side as a Militarily Strong Nation, Yet, you have never mentioned anything about Pakisthan ?? As Pakisthan is a Nuclear Nation & even you have never mentioned its name in the sequence of your World Military Powers. So how come you call your self an analyst ( Especially in International Political Analyst) while ignoring the neighbouring nuclear nation of Iran ??? How bilateral ties they have & up to what extend they flourished ?? If the Iran is attacked of course it is obvious that Pakisthan will always and invariably support the Iran at any cost ( It may be openly or covertly ) Yet it is a support. Pakisthan wil neber endure or tolerate such an attach on Iran as they are brothers & neighbours. Other thing is You have mentioned about the Air lifting of Nuclear & some weaponaries from North Korea, and you said it is impossible to air lift them due to the Land distance & the geographic location, But i would like to remind you that North Korea -- CHina -- Gilgit-Baltistan --- Pakisthan/ Afghanisthan and then to Iran. Have you heard about the Karakuam Highway built Between Pak-China ???? Its an strategical route & they also can land the JF-16 & JF-17 fighter jets. So you claim to be an International Political Analyst, yet you have no idea of the regional geography & the topography..simple......So if you need any infornation just feel free to contact me i ll help you to write a good one, but do not be bias.....simple as that

    ReplyDelete
  20. Dear Dinesh,
    I'm highly appreciate the this valuable effort to give something to us,so I wish you from the bottom of my heart to success of this effort in future,

    All The Very Best,

    Chaminda Jayaweera
    From Dhaka, Bangladesh,

    ReplyDelete
  21. ඉතාම වැදගත් ලිපියක්. අරාබි ඉස්රාෙයල් සය දින යුද්ධය ෙකාෙහාමද ඉජිප්තු ග=වන් හමුදාවම බිමදී විනාශ කල

    ReplyDelete
  22. මම නම් හිතන්නෙ ඉරාන ඊශ්‍රායල් නොවෙයි ඕනම යුද්ධයකදි න්‍යෂ්ඨික අවි භාවිතා වේවි.දැන් ලෝකය යුද්ධයක් කරා යන බව මටත් පේනවා.මේ යුද්ධයකින් ලෝකයේ මුස්ලිම් බලය විනාශ වේවි

    ReplyDelete
  23. KATHAWA ATHTHA WAGEY PENNE.....
    SUBA PATHUM.

    ReplyDelete
  24. shha maru blog ekak.... asaven kiyevva...

    ReplyDelete
  25. කවුරු මොන දේකිවුවත් ඊශ්‍රායලය ගැන නම් මගේ හිතේ තියෙන්නේ ආඩම්බරයක්.හේතුව ,අමනුෂය හම්බ හැතිකරයට විරුද්ධව තනිවම සටන් කරන එකම රට නිසා.ඒත් අපේ රටේ මෝඩයෝ මේ අමනුෂය හම්බයෝ අපේ ජාතියට කරන වින කම් පෙනි පෙනිත් උන්ට කඩේ යනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. දිනේශ ඉතාම වැදගත් පෝස්ට් එකක් .............. දිගටම ලියන්න... හැමදාම ආසාවෙන් කියවනවා ඇවිත් .....

    ReplyDelete
  28. ආර්ථික නිදහස 888

    ReplyDelete