Tuesday, November 8, 2011

ඈත අතීතයට ගිය ඇමරිකානුවා - A Connecticut Yankee in Kin Arthur's Court

මේ කියන්න යන්නේ පොතක් ගැන. පොතක් කිව්වට මේක පොත් දෙකක් ලෙස කොටස් දෙකකට තිබෙන්නේ. කොහොමවුනත් එකම කතාව තමයි පොත් දෙකේම ගලාගෙන යන විදියට ලියලා තිබෙන්නේ. මේ පොත් පරිවර්ථන මුල් කෘතියේ නම තමයි A Connecticut Yankee  in Kin Arthur's Court. මුල් පොත ලියලා තියෙන්නේ ලෝ ප්‍රකට ඇමරිකානු කතුවරයෙකු වන Mark Twain විසින්.

සිංහල පරිවර්ථනයන් රාණි සෙනාරත්න රාජපක්‍ෂ මහත්මිය විසින් සිදුකර ඇති ඈත අතීතයට ගිය ඇමරිකානුවා නම් කෘතියේදී 1800 ගණන් වල අගභාගයේ සිටින ඇමරිකානුවෙක් ඔහු සිදුවන අනතුරක් හේතුවෙන් ඇතිවන මානසික කම්පනය හේතුවෙන් සිය මනසින් තමන් ජීවත්ව සිටින කාලයෙන් වසර සිය ගණනක් ආපස්සට යාමෙන් පසුව සිදුවන සිදුවීම් බොහොම උපහාසත්මකව දක්වා තිබෙන දැකගන්නට පුළුවන්. ඒ කාලය යුරෝපයේ අදුරු යුගයක් ලෙස ගැනෙන මධ්‍යතන යුගය පසුබිම් කොට ගෙන ඇති අතර එංගලන්තයේ පුරාවෘතයක් වන ආතර් රජුගේ රාජපාලන කාලය මෙහිදී විදහා දැක්වෙන අතර සමකාලීන සමාජයේ අනුවන කම්, පල්ලියේ බලපෑම හා රාජ්‍ය විචාරයේ ඇති අදූරදර්ශීබාවය සිත්ගන්නා සුළු ආකාරයකට ලියා තිබෙනවා.

පොත් ද්විත්යම ප්‍රකාශයට පත්කර ඇත්තේ සූරිය ප්‍රකාශකයන් විසින්.
පළමු කොටස   -

මිල රු.420/=
ISBN  978-955-656-162-3

දෙවන කොටස -

මිල රු.380/=
ISBN 978-955-656-163-0

ඉදිරියේදී ලියන්නට සැලැසුම් කරගෙන යන ලිපි පෙලකටත් මෙම පොත් දෙකෙන් ලබා ගත් ආභාශයත් උදව් කරගන්නට සිතා සිටින අතර ඔබටත් හැකියාවක් ඇතොත් පුස්තකාලයකින් හෝ ලබා ගෙන මෙම පොත් කියෙව්වාට පාඩුවක් වෙන එකක් නැහැ.

4 comments:

  1. අනිවාර්යයෙන්ම ගන්න හිතුනා. ස්තුතියි විස්තරයට

    ReplyDelete
  2. මට මතක හැටියට මා කියවා තිබෙනවා මේ පරිවර්තිකාවගේ පොත් හතරක්, මාක් ට්වේන්ගෙන්ම පරිවර්තනය කළ. ටොම් සෝයර්, හකල්බෙරි ෆින්, අද්භූත අමුත්තා (Original : Mysterious stranger) සහ තවත් එකක්, මට නම අමතකයි; ළමයෙක් බළල් පැටවකු බවට පත් වෙන සිහිනයක්. ඉන් දෙකක (මුල කියූ දෙකෙහි) මුල් කෘතිත් කියවා තිබෙනවා. ඇගේ භාෂාව හැසිරවීම ඉතා සිත් ගන්නා සුළුයි, ඒ වගේම සජීවියි. ඇතැම්විට ඒ අතින් මුල් කෘතිය පරයන තරම්. මේ පොතනම් මා කියවා නැහැ.

    ReplyDelete
  3. අනිවා හම්බවුණොත් කියවනවා. වැඩේ වෙලා තියෙන්නේ පුස්තකාලවලට මේ වගේ අලුත් පොත් එන්නේ නැති එකනේ.

    ReplyDelete
  4. අලුත් පොත් හඳුනවාදීම ප්‍රශංසනිය වැඩක්

    ReplyDelete