Thursday, October 6, 2011

ඔබ විසින්ම ඔබගේ ජීවය කෙටි කරගැනීමට පාර කපාගන්නා කාරණා අටක් - 8 Everyday Things That Can Kill You


මේ ලිපියත් ටිකක් සෞඛ්‍යය පැත්තට නැඹුරුයි. හැබැයි අපේ ඇතැම් පුරුදු හා ආකල්පවල ඇති දෝශ නිසා සිදුවන අභාග්‍යසම්පන්න තත්වයන් අටක් ගැන තමයි මෙතනදී කතාකරන්න බලාපොරොත්තුවන්නේ. මෙම කරුණට අදාල පින්තූර හා විස්තර ඇමරිකාවේ මිනිසුන් පදනම් කරගෙන ඉදිරිපත් කර තිබුනත් ඒවා එරටට පමණක් නොව ලෝකයේ සැපට හුරු වුන කොයි මනුෂ්‍යයාටත් එකසේ බලපාන බව පෙනෙන නිසා ඒවා ඔබටත් ඉදිරිපත් කරන්න සිතුවා. මෙම රූපසටහන් සමග ඉංග්‍රීසි බසින්ද විස්තරය තිබුනත් ඔබගේ තවදුරටත් පහසුව සදහා කෙටියෙන් ඒ පිලිබදවද සටහනක් තබමි.

කමින් බොමින් සිටිනවා විනා ව්‍යයාමක නොයෙදී සිටීම 
ව්‍යයාම නොකර සිටීම ස්ථුලතාවයට පත්වීම වගේම අධිරුධිර පීඩනය, විවිදාකාරයේ හෘදරෝග හා තවත් බහුල රෝගී තත්වයන්ට ලක්වීමට හොද හේතුවක් කියන එක දැනගෙන සිටියත් එය පිළිකා සදහාද අතවනනවා කියන එක ආගන්තුක දෙයක්. හැබැයි මේ රූපය අනුව නම් බැළුමහම පේන්නේ ව්‍යයාම නොකිරීම වගේම කනබොන දේවල්වල හැටියටනම් ඒවායේ තියෙන විවිද කෘත්‍රීම රසායණික සංයෝග නිසා පිළිකා වගේ මාරාන්තික තත්වයන්ට ලක්වීම එතරම් දෙයක් නොවන බවයි. කොහොමවුනත් දිනකට විනාඩි 30 ක් පමණ අඩුම තරමින් ඇවිදීම හොද ඇඟවෙහෙසන ක්‍රියාවක් බවයි. මේ වගේ සතියට දින 5 ක් සිදුකිරීම මේ මේ අතුරුආන්තරාවලින් මිදී සිටීමට හොද ප්‍රතිකාරනයක් වේවි.

අපද්‍රව්‍ය අනුභවය
මේ පින්තූරේ තියෙන මාතෘකාව නම් ටිකක් සැර වැඩියි වගේ. හැබැයි බොහොම ලස්සනට තිබුනත් පිටි අධික, මේදය අධික ආහාර නිසා සිදුවන අහිතකර තත්වයන් බැළුවහම එහි වරදකුත් නැහැවගේ. කොහොමවුනත් ඉස්සෙල්ලා රූපයේ කාරණා වලටත් මේකත් නෑකම් කියන නිසා රූප‍ය හා එහි වචන ටික දැක්කත් ප්‍රතිඵලය තවත් විග්‍රහකරන්න අවශ්‍ය නොවේවි.

බීමත්කම
මේක ඉතින් තව තව  කතාකරනවා කියන්නේ හෝද හෝද මඩේ දානව වගේ වැඩක්ම තමයි. මතට තිත, පොහොය දවස්වලට තැබෑරුම් වැසීම, ප්‍රසිද්ධියේ මත් පැන් පානය කර හැසිරීම තහනම වගේ දේවල් එක්තරා සංදර්ශනයක් පමණයි ව‍ගේ පේන්නේ. එහි ඇති ප්‍රතිඵලයක් නැහැ. මේකට ගොදුරුවන පිරිසත් එන්න එන්න වැඩිවෙනවා වගේම ඉදිරියේ තිබෙන දරුණුම තත්වයක් වගේ පේන්නේ පාසල් වයසේ ළමයින් මේකට නැඹුරුවීමට ඇති ඉඩකඩ හා කාන්තාවන් අතර පවා මේ උවදුර ව්‍යාප්තවීම සෑහෙන්න ගැටළුවක්.

අධික වේගයෙන් හා නොසැලිකිලිමත් ලෙස රිය ධාවනය
දැන් ඉතින් අපේ රටේවුනත් මේ දේ නොකෙරෙනවා නොවෙයිනේ. රූපයේ නම් කියන්නේ ගැටවරයෙකු සේ රියපැදවීම කියලා. හැබැයි ගැටයොද, ගැටිස්සියෝද, තරුණයොද, නාකියොද කියලා නැහැ රොද දෙකක් හෝ රෝද තුනක් හෝ රෝද හතරක් හෝ ඊටත් වැඩි ගාණක් ඇති වාහන ගත්තම පාරේ සමහර මෝඩයෝ යන හැටි දැකලා ඇතිනේ. අපි කොච්චර නීතිගරුකව පරිස්සමින් රිය ධාවනය කරත් ඔවුන් නිසා අපිට විදින්නට සිදුවන අපහසුතානයන් දැන් සුලබ වෙලා.

දුම්පානය
මේ ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. මත්පැනටත් වඩා දරුණුයි මේකේ අතුරුප්‍රතිළුල. මේ ගෑණු මනුස්සයා එකවරකට බොන්න යන මේ සිගරට් ප්‍රමාණය අපේ රටේ වුනත් මේ පුරුද්දට ඇබ්බැහිවූ අය දිනකදී ඉවර කරන බව ඔබත් දන්නවා ඇති. මේ පුරුද්ද සිරුරට විතරක් නෙමෙයි සාක්කුවටත් පාඩුබව තවත් කියන්න ඕනද?

මීට පෙරත් මේ ජරා පුරුද්ද ගැන ලිපියක් පල කරා - අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙළද දැන්වීමක් - Days when the doctors suggested to smoke!
මෙම ලිපියේ කමෙන්ටුවල අපි මීට පෙර නොහිතපු විසදුමකුත් ප්‍රවීණ ලේඛිකාවක වන තිලකා රන්දෙනි මහත්මිය ඉදිරිපත් කරල තිබුනා. ඒ විසදුමත් ඇතැම්විට දුම්කොල නිසා සිදුවන විනාශයට වඩා හොද දෙයක් වේවි.

පාරජම්බූල කිරණ නිසා ඇතිවන චර්ම පිළිකා
ලංකාව වගේ සමකයට ආසන්නයේ තියෙන නිවර්ථන කලාපයේ මිනිසුන්නට අව්ව තැප තැප ඉන්න අමුතුවෙන් ඕනෑ නැහැවගේම ඒකට කොහේද වෙලාවක් තියෙන්නේ. හැබැයි ඇමරිකාව වගේ සෞම්‍ය කලාපයේ තියෙන රටවලට අවුරුද්ද පුරාවටම හිරුඑළිය දැක ගන්න භාග්‍යයක් නැහැවගේම ඒ කාලෙට Change එකටත් එක්ක අපේ රටට එන සුද්දෝ අව්ව තැප තැප ඉන්නවා ඔබත් දැක ඇති. ඒ කොහොමවුනත් ඔවු‍න්ගේ රටේදි වුනත් මූදේනාල අව්ව තපින එක ජොලි වැඩක් වෙන්නැති. හැබැයි මේ ජොලි වැඩේ කරන්න ගිහින් සහ ඕසෝන් වියනට ඔවුන් විසින්ම විනකැටීම නිසා එක එල්ලේ පෘතුවිය මතුපිටට වැටෙන හිරුඑළියේ ඇති පාරජම්බූල කිරණ (UV Rays) නිසා  වසරකට පමණක් ඇමරිකානුවන් පමණක් චර්ම පිළිකා සදහා මිලියනයක් පමණ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා. මේ තත්වය තවත් බැරෑරුම් කරන්න ආරක්‍ෂාවට කියල කරනදේකුත් හේතුවෙලා. ඒ තමයි ඉර එළියෙන් අව්ව තැපලා ලෙඩවෙනවට වඩා ඒ රටවල පිහිටවා තිබෙන Tanning Booth වලට ගිහිල්ලා ගාණකුත් ගෙවලා ඇඟ ටිකක් උණුසුම් කරගත්තම ගොඩ තමයි කියලා හිතාගෙන සිටීම. හැබැයි මේක ඔවුන්ට වුන ලොකු වැරදීමක් මේ යන්ත්‍රවලින් නිකුත් කරන පාරජම්බූල කිරණ ප්‍රමාණය හිරු එළියෙන් නොමිලේ ලබා දෙන පාරජම්බූල කිරණ ප්‍රමණයට වඩා තුන් ගුණයකින් වැඩි නිසා අර මුලින් කිව්ව මිලියනට අමතරව 10000 කුත් ඒ පිරිසට එක්වන බව තමයි කියන්නේ.

දෙවන ගණයේ දුම්පානය
තමන් දුම්පානය කරනවාට අමතරව ඒ අසල සිටින්නන්ටද තමන් පිටකරන දුමින් හා දුම්වැටියෙන් නිකුත්කරන දුමින් සංතර්පණය කිරීමෙන් නොමිලේම දුම්පානය කිරීමේ වරම මෙන්ම පිළිකා හා වෙනත් ශ්වසන රෝග වැලද ගැනීමේ අවස්ථාව ලැබෙන බව තවත් කවයුතු නැහැ.

අනවසර ගිනි අවි භාවිතය හා ඇත්ත තුවක්කුවලින් සෙල්ලම් කිරීම
මේ රූපයේ ආරම්භයේම හොද අදහසක් තියෙනවා. ඒ තමයි තුවක්කු මිනී මරන්නේ නැත. මිනී මරනු ලබන්නේ මිනිසුන්ය. මෙම් උවදුරත් ඇමරිකාව හා ඇතිහැකි රටවලට විතරක් නෙමේ ලෝකය පුරාම දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දියුණු රටවල නම් අනවසර කෙසේවෙතත් අවශ්‍ය සුදුසුකම් ඉදිරිපත් කිරීම හා මුදලට පහසුවෙන් ගිනිඅවි රැගෙන ගොස් තම ආරක්‍ෂාව සලසා ගැනීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සපයා තිබුනත් තුවක්කු අසීමිත ලෙස සමාජගතවීම අහිංසක පුරවැසියන්ගේ ආරක්‍ෂාවට ප්‍රභල තර්ජනයක්. නීතීගත කල ආයතනවලින් වගේම හොරපාරේ අවිආයුද විශේෂයෙන් තරුණපරපුර අතට පත්වීම දැඩි ගැටළුවක් බව දැක්වෙන වාර්තාමය වැඩසටහන් මාලාවක් පිළිබදව මීට පෙරද සත් සමු‍දුරේ පල කල "Never be a Gangster, but you can learn their movements" - Gangland ලිපිය ඔස්සේ දැනගත හැකියි. ඉතින් දැන් අපේ රටේත් මෙම අනවසර ගිනිඅවි නිසා සිදුවී ඇති දෙය ගැන කියන්න වචන නාස්තිකලයුතු නැත.

11 comments:

  1. වැදගත් ලිපියක්. ඒත් ඉතිං කොච්චර කිව්වත් කට්ටිය මේව පිළිපදින්නෙ නැති එක තමයි වරද.

    ReplyDelete
  2. Praසන්ன - ස්තුතිය! බොරු කියන්නේ මොකටද, මගේ අතිනුත් පළවෙන වැරද දෙකනම් කෙරෙනවා. ව්‍යයාම කෙරෙන්නෙත් නැහැ. ඒවගේම පිශ්ඨය හා මේදය අඩංගු රසකෑමක් දැක්කම නොකා ඉන්නෙත් නැහැ...

    ReplyDelete
  3. හරිම වැදගත් ලිපියක් , ජීවිතය නිරෝගීව ඉදිරියට ගෙන යන්නට ලියූ කෙටි සටහනක් වගේ සරළයි , අර්ථපුර්ණයි , වැදගත් ..
    ස්තුතියි වූ වෙහෙසට

    ReplyDelete
  4. හොද ලිපියක්!

    ReplyDelete
  5. ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්. කියල තියෙන විදියට වැඩකරන එක තමා කරන්න ඕනෑ.

    ReplyDelete
  6. කාලීනව වැදගත් ලිපියක්. ස්තූතියි දිනේශ්...

    ReplyDelete
  7. සත් සමුදුරේ මඟ හැරිච්ච ලිපි වලින් ටිකක් දැන් කියෝලා ඉවර කලා.
    තව තියෙනවා ඒ යික පස්සෙ කියවන්නයි ඉන්නෙ.

    අපි සත්සමුදුර "පුංචිත්තා" බ්ලොග් එකෙත් දැම්මා.

    ReplyDelete
  8. jammeta wada urudda lokui kiyanawane..

    ReplyDelete
  9. @මහේෂ් නිශාන්ත - ස්තූතියි! හැබැයි මම හිතන්නේ සෞඛ්‍ය ගැන නම් ඔබ තමයි හොදම ලිපි පල කරන්නේ. මේක බොහොම සරලයි...

    ReplyDelete
  10. @Sabith,readmyeye,උදාර, laddu - ස්තුතියි! අනිත් ඒවා නම් ගැටළුවක් නැතුව අනුගමනය කල හැකිවුනත් පලවෙනි දෙක තමයි ගැටළුව...

    ReplyDelete
  11. @බුද්ධි - ස්තූතියි! ගියමාසේ තමයි ලිපි වැඩියෙන්ම පල කරේ...

    ReplyDelete