Monday, May 23, 2011

ඔබත් මේ අපහසුතාව කෙදිනක හෝ විඳ තිබේද? සමහර විට ඔබගේ නොදැනුවත් කම නිසා අනාගතයේ මේ අපහසුතාව විඳින්නටද ඉඩ තිබේ - Low Back Pain

ඔබ තරුණ කෙනෙකු වුනත් මහළු කෙනෙක් වුනත් මුහුනදෙන්න සිදුවිය හැකි අපහසුතාවයත් තමයි පිටකොන්දේ හෝ තුනටිය ප්‍රදේශයේ ඇතිවිය හැකි වේදනාකාරී තත්වයන්. එය මේ දිනවල මේ සටහන ලියන මමද විදිමින් සිටින නිසා එයින් ලබන අමිහිරි අත්දැකීම හොදින් දැනෙන කෙනෙක් හැටියට මේ ලිපිය මට
වගේම ඔබටත් ඉදිරියේදී හෝ වැදගත් වේයයි සිතෙනවා. ඒවගේම මේ වටිනා කියන උපදෙස් සහිත පින්තූර ටික ලබාගත්තේ Google Buzz එක හරහා පසුගිය දිනක සංසරණයවෙමින් තිබියදී බවද මතක් කිරීමට කැමතියි.


 කොන්දේ වේදනා විවිද කාරණා නිසා සිද්ධ වෙන්න හැකියාව තිබෙනවා. එයින් සමහරක් හේතු තමයි ඒ අශ්‍රිත මාංශපේශි වල සිදුවන උළුක්කු වීමක්, හදිසි ගැස්සීමකට ලක්වීමක් වගේම ඒ අස්ථි බන්ධන වල උළුක්කුවීමක් හෝ කොදුඇට එහා මෙහා වීමක් වගේ බරපතල දෙයක් නිසාත්වෙන්නත් හැකියාව තියෙනවා. මේවගේ දේවල් අපි අධික බරක් එසවීම නිසා හෝ ඒ අවස්ථාවල වැරදි ඉරියව්වල පිහිටීම හෝ වැරදි ආකාරයකින් සිදුකිරීම නිසාත් ‍වීමට හැකියාව තිබෙන බව මතකයේ තබා ගත යුතුයි.

මෙන්න මේ ඉරියව් වලිනුත් මෙම වේදනාවන්නට යම් සහනයක් ලබා ගන්න හැකියි.

කොන්දේ වේදනාවක් හටගත් අවස්ථාවක රත් කරන ලද කොට්ටයක් වැනි දෙයකින් මිනිත්තු 20-30 ක් පමණ තැවීම  හෝ වේදනාව දැනෙන ප්‍රදේශය මසාජ් කිරීම මගින් යම් අස්වැසිල්ලක් ලබාගන්න හැකියාව තියෙනවා.


 හැබැයි කොන්දේ වේදනාව තුනටියෙන් පහලට පාද දියේ දනහිසටත් පහලට යනවානම්, ඔබගේ පාදය, යටිබඩ ආශ්‍රිත ප්‍රදේශ හා පිටුපස ප්‍රදේශ පණ නැතිවෙනවා හෝ හිරිවැටෙන ගතියක් දැනෙනවා නම්, ඔබ ඇවිදින විට පාලනය ගිලිහී යන බවක් දැනේනම් හෝ තුවාලයක් නිසා මෙම වේනාවන් දැනේනම්, ඔබට කිසිත් කරකියා ගත නොහැකි තත්වයකට වැටී තිබේනම් හෝ දින 2 - 3 කට පස්සෙත් මෙය යථා තත්වයට පත්නොවෙන බවක් පෙනේනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක නුවණට හුරුයි.


‍යම්කිසි බරක් උසුලන කොට අනුගමනය කරන වැරදි නිසාද මෙම ආබාධ ඇතිවන නිසා එවැනි විටෙක කොන්ද පමණක් නවල බර ඔසවන්නේ නැතිව පාදවලිනුත් පහලට නැවිලා, කොන්ද කෙලින් තබා ගෙන එම උසුලන දෙය තමන් ආසන්නයටම අරගෙන ඔසවන එක තමයි නිවැරදි ක්‍රමය කියල බොහෝ අවස්ථාවල කියන්නේ.
ඒ වගේම බර දේවල් ඔසවන්නේ නැතුව මේ කියන විදියට ඒවා තල්ලු කර ගෙන යාම සහ එක් ස්ථානයක පැය ගණන් වාඩිවෙලා සිටින කොට විටින් විට මේවගේ පොඩි ව්‍යායාමයකුත් කරන්න කියල කියන්න ඕන.

කාන්තා පාර්ශවය පලදින අඩි උස සපත්තු වල අඩිය අඟලකට හෝ ඊට වඩා අඩුවෙන් භාවිතා කිරීමටත් මතකයේ තබා ගන්න ඕන.  ඒවගේම  දිනපතා ව්‍යායාම්වල යෙදීමත් මේ වගේ අපහසුතාවයන්ගෙන් මිදී සිටින්න හොද උපක්‍රමයක්.

අපි පරිගණක භාවිතයේදී අසුන්ගන්න කොට නිවැරදි ඉරියව්වල සිටීම අතිශයින් වැදගත්. ඒ නිසා හිස කෙලින් පහසු මට්ටමක තබා ගෙන, උරහිස් සැහැල්ලුවෙන්, පිට ප්‍රදේශයට හොද ආධාරකයක් ඇතිව, මැනික් කටුව ‍කෙලින් වගේම වැලමිට දෙක දෙපසින් තබා ගෙන ඒ කාර්යයේ යෙදීම වැදගත්.

දිර්ඝ වේලාවක් සිටගෙන ඉන්න වෙන වේලාවකදී විටින් විට එක පාදයක් රූපයේ දැක්වෙන ලෙස ඉහල තැනක විනාඩි 5-15 කට පාද මාරු කිරීමත් පිටකොන්දට දරන්න වෙන පීඩනය අඩු කරගන්න හේතුවෙන අතර එවිට ඔබගේ කන්, උරහිස්, උකුල එක් සෘදු රේඛාවකට එන පරිද්දෙන් තබා ගැනීම මෙන්ම හිස කෙලින් හා බඩ ටිකක් ඇතුලට තද කර ගෙන සිටීමත් හොද බව මෙහිදී සදහන් කරල තිබෙනවා.
 ඒවගේම නිදා ගන්න කොටත් පහත රූප දෙකේ ආකාරයට ඉරියව්වල හා කොට්ටයක් හිසට මෙන්ම දනහිස් කිට්ටුවෙනුත් තබා ගැනීම හොදබව කියනවා.

 වඩාත් තද හෝ වඩාත් මෘදු නොවන මෙට්ටයක් තෝරා ගැනීමත් මෙවැනි ආබාදවලින් මිදෙන්න අමතක නොකල යුතුයි.
 පිටකොන්දේ ශක්තිමත් භාවය හොදින් තියෙන කොට මෙවැනි ආබාද ඇතිවිය හැකි ප්‍රවණතාව අඩුවන නිසා පිටිකොන්ද ශක්තිමත් කර ගැනීමට පහත දැක්වෙන ආකාරයේ ව්‍යයාම දෛනිකව කිරීමත් හොද පුරුද්දක්.
අවසාන වශයෙන් මේ දෙවල් ටික කියන්නම්, ‍හොදින් ඉඳගන්න, ඒවගේම මනාව නිවැරදි ඉරියව්වල සිටගෙන සිටීම වගේම නිදා ගැනීමෙදිත් යහපත් ඉරියව්වල පිහිටීම වැදගත්.

දෛනිකව ව්‍යයාම්වල යෙදීමටත් අමතක නොකරන්න.

දීර්ඝ ‍වේලාවක් එක දිගට සිටගෙන සිටීමේ අවස්ථා වලක්වා ගැනීම මෙන්ම එවැනි අවස්ථාවල යම් කාල අන්තරයට වරක් විවේක ගන්නත් සැලකිලි විය යුතුයි.

කොන්දට හා ආධාරක අවශ්‍ය ස්ථානවලට මනාව ආධාරය සපයන අසුන් භාවිතා කරන්න.

අඩි උස සපත්තු පැලදීමෙන් වලකින්න.

අවශ්‍ය වුවහොත් වෛද්‍ය උපදෙස් පතන්න.

ඊට අමතරව පොඩිදෙයක් මතක් කරන්නම්. මම නම් වෛද්‍ය සාස්තරේ දන්න කෙනෙක් නොවන නිසා මේ කියපු දේවල් වල මොනව හරි නිවැරදි කිරීමක් හෝ අළුතින් යමක් එකතු කරන්න තියෙනවා නම්, ඒ ගැන දන්න කියන අය මේ ලිපිය කියෙව්වාම ඒවත් එකතු කරන ලෙසද ඉල්ලා සිටින අතර එය මේ දිනවල මේ අපහසුතාවයෙන් පෙලෙන මම වගේම තව ගොඩක් දෙනෙකුට කවදා හරි උදව්වක් වේවි කියලත් කාරුණිකව කියනවා...

20 comments:

  1. කාලයක් තිස්සේ මේ වේදනාව මටත් දැනිල තියනවා. දවසක් උපකාරක පන්තියෙදි හැදිල නැගිටගන්නත් බැරුව හිටියා. අම්මෝ වේදනාව. දැන්නම් කාලෙකින් හැදුනේ නෑ. ඔබටත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. මටත් ඔය ලෙඩෙ තියෙනවා මචන්

    ReplyDelete
  3. මටත් තුනටිය ප්‍රරදේශයේ වේදනාවක් වරින් වර අවුරුදු ගනනක් පුරා තියන්වා ,

    දැනුවත් කිරීමට ස්තුතියි........

    ReplyDelete
  4. සෑහෙන්න වටින ලිපියක් ...... ස්තුතියි ....

    ReplyDelete
  5. මේක මටත් තිබුනනෙ.. :) ස්තුතියි...

    ReplyDelete
  6. It's a good blog you are doing and I really appreciate it. But please do not annoy your friends by publishing it on google buzz repeatedly. Since your readers are subscribed, They'll somehow come to you and read it in a leisure time. By continuously repeating the posts in social media, you are dropping your goodness with them.

    ReplyDelete
  7. ගොඩක් වටිනා ලිපියක්. මේ රෝගය ට කරන පිළියම් ගැන දන ගන්න ලබ්නොත් ඒවත් සදහන් කරන්න.

    ReplyDelete
  8. @අමිල,Anonymous,sameera,කල්හාර දිසානායක, හිම කුමාරි, අංජන & All in one....... - ස්තූතියි! මම හිතන්නේ අපි හැමෝටම මේ අපහසුතාවයට පත්වෙන්න හේතු වෙන්නට ඇත්තේ අප අනුගමනය කරන වැරදි පිළිවෙත් විය යුතුයි. මේ ලිපිය ලියන මොහොතේ පවා මම මේ වේදනාකාරී අත්දැකීමෙන් පෙලෙමින් සිටියා. ගිය සතියේ එක් වරක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තත් නැවතත් පෙර තිබූ අපහසුව ඇතිවූ නිසා අද දිනයේ මෙහි සදහන් කරන ලද ප්‍රතිකාර විධි අනුගමනය කොට යථා තත්වයට පත්නොවේ නම් නැවත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. @Anonymous - Thank you very much for your valuable advice and it's very important. In future I never publish the blog post on buzz repeatedly...

    ReplyDelete
  11. Just a small advice it you have this kind of back pain it is best to go see a doctor. Mostly we get this because of inflammation in tissues around our spine. Most of us try to tough it out but due to nature and location of it does not get well on its own. If you get doctors advice it can be healed with some simple medication most of the time.

    But the thing is you must identify your behavioral problems (wrong sitting position .. ect) and fix them. Otherwise it is just going to come back.

    ReplyDelete
  12. One more thing. Once you get the pain off. Start doing some exercises that strengthen mussels in your lower back area. Because when your back mussels are stronger there will be less strain on your spine.

    ReplyDelete
  13. @Rakhitha - Thank you very much, I will go to see a doctor tomorrow and after this matter I hope to do regular exercises. Thanks again...

    ReplyDelete
  14. බොහොම ස්තුතියි ලිපියට , මටත් ඔය අසනීපය තියනව

    ReplyDelete
  15. fatta බන් මටත් හැදීගෙන එන්නේ. පින් සිද්ද වෙනවා උබට..
    ජය වේවා...!!!

    ReplyDelete
  16. @buwa - මම මේ දැන් උණුසුම් රෙදි කෑබැල්ලකින් තවල Vintogeno ගාගෙන තමයි ඉන්නේ. මේවෙලාවෙත් ටිකක් වේදනාව තියෙනවා...

    ReplyDelete
  17. @aiddami - ඔව් මචං කියල වැඩක් නැහැ මේ වේදනාව. පැය ගණන් නින්ද නැතුව බලාගෙන සිටිය වේලාවලුත් තියෙනවා...

    ReplyDelete
  18. බොහෝම වටින ලිපියක්!

    ReplyDelete
  19. @ඉන්දික - ස්තූතියි!

    ReplyDelete
  20. IT,S VERRY GOOD. THANK YOU!

    ReplyDelete