Saturday, April 30, 2011

වේගයෙන් file පිටපත් කරගන්න හෝ වෙන තැනකට මාරු කරගන්න TeraCopy - Copy & Move your files faster and easier

අපි බහුලවම භාවිතාකරන මෙහෙයුම් පද්දතිය වන Windows වලදී ඒ සමග දී ඇති පහසුකම ඔස්සේ සාමාන්‍යයෙන් සිදුකෙරෙන ගොනු පිටපත් කර ගැනීම හා වෙන තැනකට මාරුකරගැනීම ඊටත් වඩා වේගයෙන්, පහසුවෙන් වගේම එහි දක්නට නැති පහසුකම් රැසක් සහිතව සිදුකර ගෙන කුඩා මෘදුකාංගයක් තමයි TeraCopy. මේ මෘදුකංගය නිපදවන්නේ Codesector කියන සමාගම විසිනුයි. 

එම සමාගමේ වෙබ් අඩවියේ මේ සදහා වූ පිටුව වන http://www.codesector.com/teracopy.php අනුව නම් මෙහි ගුණාංගලෙස වේගයෙන් ගොනු පිටපත් කිරීම (Copy files faster), පිටපත් කරන හෝ ස්ථානය මාරු කරන ගොනුව ඒ ක්‍රියාදාමය සිදුවන අතරේ තාවකාලිකව නවතා නැවත ක්‍රියාත්මක කිරීම (Pause and resume file transfersPause and resume file transfers), ක්‍රියාවලිය අතරතුර සිදුවන වැරදි නිවැරදි කිරීම (Error recovery) සහ තවත් දේවල් කිහිපයක් තිබෙන අතර මා දුටු හොදම ලක්‍ෂනයක් වන්නේ file කිහිපයක් Windows එකවර copy කර ගන්නට යෑමේදී සියළුම ක්‍රියාදාමය මන්දගාමී වී පරිගණකයේ මතකය, processing ක්‍රියාවලියත් අවුල් ජාලයක් කරගන්නා වැරැද්ද මෙහිදී නම් සිදුනොවීමයි. 

මේ තෙවන පාර්ශවයේ නොමිලේ ලබා දෙන සංස්කරණය ඉහත දැක්වූ වෙබ් අඩවියෙන්ම ලබා ගත හැකි අතර අවශ්‍ය නම් මුදල් ගෙවා අමතර පහසුකම්ද සහිත TeraCopy Pro සංස්කරණය වුවද ලබා ගත හැකිය. මා මේ දෙවනියට කි TeraCopy Pro සංස්කරණය පිළිබදව සෙවීමේදී එය ලබා ගත හැකි ස්ථානයක්ද ලැබුන අතර මේ වෙබ් අඩවියට පිවිසීමෙන් එය හා එයට අවශ්‍ය serial key ද ලබා ගත හැකිය.http://www.fullandfree.info/software/teracopy-pro-v212/

මෙම මෘදුකාංගයේ අවාසි සහගත තත්වයක් වන්නේ AVG වැනි වෛරස් ප්‍රතිනාශක මෘදුකාංග වල මෙම TeraCopy වෛරස් සහිත මෘදුකාංගයක් ලෙස වැරදීමකින් සටහන් වීමයි. යම් හෙයකින් ඔබට එම තත්වය උදාවුවහොත් එය නිරාකරණය කර ගන්නා ආකාරය මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගත හැකිය. http://blog.codesector.com/2008/05/30/avg-false-positive/

You can disable AVG from scanning some folders. To do this:
1. Start AVG user interface
2. Select ‘Tools’ – Advanced settings
3. Select ‘Resident Shield’ – ‘Exceptions’
4. Click on ‘Add Path’
5. Browse to the path to be excluded from AVG scanning
6. Click on OK

ඔබ තෙවන පාර්ශවයේ මෘදුකාංගවලට කැමති නම් හෝ වෙනස්කමක් අත්දැකීමට කැමති අයෙක් නම් මෙම Tool  එකද භාවිතාකිරීම යම් තෘප්තියක් ලබා ගැනීමට හේතුවන බව මම නම් සිතමි. මීට ටික කලකට පෙරද මෙම මෘදුකාංගය පිළිබද වෙනත් සොහොයුරෙකු ලියූ බ්ලොග් සටහනක් පිළිබදව මතකයක් යම්තමින් ඇතත් සත් සමුදුරේ පාඨක මිතුරන්ද මේ මෘදුකාංගය ගැන දැනුවත් කිරීම සදහා මේ සටහන තැබූ බව කාරුණිකව සදහන් කරමි...

6 comments:

  1. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete
  2. දීපාල් ඔයා පසුගිය ලිපි වලින් මේවගේ වැදගත් ඇප්ලිකේශන්/ටූල්ස් ගණනාවක් ලබා දුන්නා. ඇත්තටම මේවා අපට වැඩ පහසු කරගන්න හරිම ප්‍රයෝජනවත්. එහෙත් මට මෙහෙම දෙයක් පේනවා. අපි Minimum System Requirement යටතේ වැඩ කරන විට මෙසේ ඇප්ලිකේශන් ගණනාවක් දමා ගැනීමෙන් System එකේ Slow විමක් දැකිය හැකියි නේද? විශේෂයෙන් Share Files හා memory residence programs වැඩි වන නිසා. එහෙත් මෙය ඇති තරම් system resources ඇති යන්ත්‍රයකට නම් මේ ගැන ගැටළුවක් නෑ.
    මේකත් අත්හදා බලන්නම්. ස්තූතියි ලිපියට.

    ReplyDelete
  3. @priyantha - ස්තූතියි! ඔව් ඔබ කියන දේට මාත් එකඟවෙනවා. අඩු requirements යටතේ මේ ගැටළුව එනවා. බොහෝවිට මම දිගින් දිගටම භාවිතා කරන්නේ අඩු වෙන් පරිඝණකයේ සම්පත් උපයෝගී කරගන්න මෘදුකාංග. මොකද මම භාවිතා කරන පරිගණකයේ ලොකු Software ක්‍රියාත්මකකරොත් Processor එක කෑගහගෙන වැඩ කරන නිසා. අවසානයට කියපු Tools දෙකම බොහොම කුඩා වගේම අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩ කරගන්න හැකි ඒවා. කෙසේවුවත් ඔබ හොද කාරණයක් තමයි මට මතක් කරේ ඉදිරියේදී System Requirement ගැනත් සදහනක් ලිපි සැකසීමේදී දැම්මම භාවිතා කරන අයට ඒකත් ප්‍රයෝජනවත් වේවි...

    ReplyDelete
  4. ඇත්තටම හොද ලිපියක්

    ReplyDelete
  5. @බුද්ධික සිරිවර්ධන - ස්තූතියි!

    ReplyDelete