Monday, April 18, 2011

කලාත්මක අකුරු - Artistic Texts

මුලින්ම ඔබ සැමටම සුභම සුභ නව වසරක් වේවායි පතනවා!!! ඇත්තටම මීට පෙරයි ඔබ සැමට සුභ පතලා බ්ලොග් සටහනක් දාන්න සිතා සිටියේ. ඒත් අවුරුදු සමයේ අධික ලෙස කාර්යයබහුල තත්වයකට පත්වීම නිසා එය මේ දක්වා අතපසුවුනේ. අද තව අළුත් දෙයකුත් අරඹනවා. ඒ තමයි Photoshop සහ ඒ ආශ්‍රිත මෘදුකාංගවලින් ඡායාරූප නිර්මාණය ආදී කටයුතු වලදී සිදුකරන නොයෙක් නොයෙක් මාදිලියේ වැඩකටයුතු ගැනත් කතා කෙරෙන "පින්තූර වැඩ" කියන තේමාව.

මුලින්ම අද එහෙනම් කලාත්මක අකුරු නැතහොත් Artistic Text හදා ගන්න ලේසි විදියක් බලමු. මේක මටත් කාලෙකට ඉස්සෙල්ල internet එකෙන්ම තමයි දැක ගන්න ලැබුනේ. ඒක තවත් සරලව හා විස්තරාත්මකව අපි බලමු. මෙන්න මේ විදිය අකුරු තමයි හදන්නේ.

Photoshop වලින් සිදුකරන ලද‍ මෙම නිර්මාණය Pattern උපයෝගී කරගෙන කරන ලද්දක් වන අතර මුලින්ම කරගත යුත්තේ Pattern එකක් Define කර ගැනීමයි ඒ සදහා රතුපාට කොටුවලින් දක්වා ඇති settings වලට අදාලව new image එකක් create කරන්න.

Foreground color එකද කැමති පාටකින් තොරාගන්න.

Custom shape select කර එහිදී Shape හි ඇති Ornaments තෝරගෙන එහි කැමති ආකෘතියක් තෝරා ගෙන එය අපි create කරගත් image එකේ සම්පූර්ණයෙන් ඇද ගන්න.



ඉන්පසු එය කැමති නමකින් .JPEG extension එකෙන් save කර ගන්න. අනතුරුව මෙම Image එක close කර නැවත open කර ගෙන Edit ----> Define Pattern ගොස් එහිදී Artistic ලෙස Pattern name එක දෙන්න.

දැන් නැවතත් නව image එකක් තරමක විශාලත්වයකින් Contents White වන සේ create කරගන්න.

දැන් මෙම image එක Gradient Fill කර ගන්න. (මෙම gradient fill එක Radial ආකාරයෙන් විය යුතුයි.)



Text tool එක තෝරාගෙන තරමක විශාලත්වයකින් යුතුව Bold අකුරින් කැමති වචනයක් අළුත් Layer ක් ගෙන  type කරගන්න.
(ඔබ සතුව සෑහීමකට පත්විය හැකි ආකාරයේ Fonts නොමැති නම් පහත වෙබ් අඩවියෙන් Fonts ලබා ගත හැක - http://www.addictivefonts.com/basic/bold/bold-fonts-big-headlines/)



දැන් මෙම Text අඩංගු ‍ Layer right click කර Blending Options තෝරාගන්න.

එහි Pattern Overlay තෝරාගෙන එහිදී Pattern සදහා අපි මුලින් තනා ගත් Pattern එක Select කර ගන්න. දැන් ඔබ කල යුත්තේ පහත පියවරයන් හි රතු පාටින් සලකුනු කර ඇති settings හෝ ඔබගේ නිර්මානයට සුදුසු වන ආකාරයෙන් එම විචල්‍යයන් භාවිතා කිරීමයි.





දැන් මෙලෙස ඔබගේ අකුරු හැඩවී තිබෙනු ඇත.

දැන් මෙම නිර්මාණය තවත් අලංකාරය කිරීම පිනිස නැවතත් Custom Shape වලට ‍‍ගොස් අපි මුලින් Pattern එක හැදීමට ගත් මෝස්තරයම හෝ වෙන එකක් තෝරා එය නව ලේයරයක සුදුසු ප්‍රමාණයට ඇදගෙන එම ලේයරය අකුරු ඇදි ලේයරයට පහලින් පිහිටුවා ගන්න. එය Overlay ආකාරයෙන්ද Layer mode එක සකසා ගන්න.


දැන් තව ලේයරයක් අකුරු ලේයරයට පහලින් ගෙන එහි elliptical shape එකක් ඇද ගෙන layer mode එක Normal ලෙස සකසා ගන්න.

ඊලගට නැවතත් text ඇති Layer එක right click කර එහිදී Copy Layer Style  තෝරාගෙන නැවතත් elliptical shape එක ඇති layer එක right click කර එයට Paste Layer Style තෝරන්න.



මෙන්න අවසන් නිර්මාණය. ඔබගේ නිර්මාණාත්මක හැකියාව භාවිතා කලොත් මේක මීටත් වඩා ලස්සන කරගන්න හැකියි...



9 comments:

  1. නියමය්. හොය හොයා හිටපු දෙයක්... :)

    ReplyDelete
  2. අගනා ලිපියක් සහෝ, මේ වගේ දේවල් උවමනා උනාම, මේ කොටස විතරක් එකපාරට හොයාගන්න අමාරු අයට ඉතාම සරලව ලියල තියෙනව. ඔබට ජය

    ReplyDelete
  3. @..ChAnDiKa.. & රොබින්- ස්තූතියි! තව මේ වගේ පොඩි පොඩි වැඩ රැසක් තියෙනවා ඉදිරි‍යේදීත්...

    ReplyDelete
  4. @සංහිඳ පාමුළ - ස්තූතියි! මෙය මම සොයා ගත්තේත් අන්තර්ජාලයෙන්ම තමයි. හැබැයි මුලින්ම කියල තියෙන pattern define කරන කොටස ඒකෙත් හරියට විස්තරකරල තිබුනේ නැහැ. ඒක අළුතින්ම තේර්ම් ගන්න පහසු විදියට සකස් කරා...

    ReplyDelete
  5. ගොඩ දවසකින් ආවෙ.බලන්න බැරි වුන සියලු ලිපි බැලුවා.මට බිලොග් එක බලන්න වෙන්නේ දවස් කිපයකට වතාවක්.දිගටම ඔබ සමග ඉන්නවා.තව වටිනා ලිපි බලාපොරොත්තු වනවා

    ReplyDelete
  6. @බංඩාර - ස්තූතියි! පසුගිය සතිය පුරාවටම බ්ලොග් වැඩ කටයුතු අඩාල වෙලයි තිබුනේ දැන්නම් ටිකෙන් ටික යථා තත්වයට පත්වෙමින් පවතිනවා. ලගදීම ටිකක් දිග ලිපියකුත් පල කරන්න බලාපොරොත්තුවෙන් තමයි සිටින්නේ...

    ReplyDelete
  7. මේක නම් වටින වැඩක්. සොෆ්ට්වෙයාර් එක මැෂින් එකේ ඉන්ස්ටෝල් කරල තිබුණට මාත් වැඩි වැඩක් දන්නෙ නැහැ. කොහොම වුණත් පහුගිය දවස්වලට හරියන්න දැන් දිගටම ලියමු කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි.

    ReplyDelete
  8. @උදාර - ස්තූතියි! ඔව් අපි ගොඩක් software install කරල තියා ගත්තට ඒවායෙන් වැඩක් ගන්නව අඩුයි. ඉස්සර මට තිබුන දෙයක් තමයි දකින දකින software එකතු කිරීම. ඉදිරියේදී මෙම photoshop වගේ applications වලින් එදිනෙදා අපිට අවශ්‍ය වෙන දේවල් ගැන ලිපි දාන්න හිතා ගෙන ඉන්නව වගේම ඔබ කිවුව විදියටම නැවතත් අතපසුවුන බ්ලොග් වැඩ ටිකත් වේගයෙන් කරන්නත් බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  9. මරු බොලොග් එක මමත් හැමදාම දැන් එනවා අලුත් දේවල් දෙන්න. ලොකු දැනුමක් ලැබුනා. ගොඩක් ස්තුතියි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.

    ReplyDelete