Sunday, March 27, 2011

ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan (Hashima Island a.k.a Gunkanjima or Gunkanshima)

මෙම Battleship Island කියන දූපත ජපානයේ නාගසාකී පලාතට අයත් දූපත් සමූහයෙන් එකක් වන අතර නාගසාකී සිටි 15 Km පමණ දුරකින් මුහුදේ පිහිටා තිබෙනවා. 


මෙම දූපතේ 1887 සිට 1974 දක්වා මිනිසුන් පදිංචිව සිටි අතර ඒ මෙම දූපතේ පැවති ගල් අගුරු ආකර නිසයි. මෙම දූපතේ කැපී පෙනෙනම ලක්‍ෂනය වන්නේ මෙම දූපත වටා ඉදිකර ඇති ප්‍රාකාරය හා අත්හැරදමා ඇති කොන්ක්‍රීට් ගොඩනැගිලි සමූහයයි. මෙම නගරය මුලින් පරිපාලණය සිදුකරන ලද්දේ පැවති පැරණි නගරයක් වන Takashima නගරයෙන් වන අතර 2005 වසරෙන් පසු නාගසාකී නගරයේම කොටසක් ලෙස පරිපාලණය කෙරේ.


Battleship Island ලෙස හැදින්වීමට හේතුව නම් මෙම දූපත යුදනැවක හැඩය නිසා බව කියන අතරම එය ජපානයේ විසිවන සියවසේ මුල් භාගයේ තිබූ Tosa නම් යුද නැවේ හැඩයට සමාන බවක් දැක්වෙන බව පැවසේ. එම හැඩය නිර්මාණය වී ඇත්තේ මෙම දූපත වටා ඉදිකරඇති ප්‍රාකාරය නිසාබවද කියයි. 
Tosa නම් යුද නැව
මෙය දැන් මිනිස් වාසයෙන් තොර නිසා Ghost Island කියාද පවසන අතර මෙම දූපතේ හිමිකාරීත්වය 1890 දී ලබා ගත්තේ Mitsubishi සමාගමයි.  ඔවුන් මෙම දූපත ආශ්‍රිතව මුහුද යට පිහිටි ගල් අගුරු ලබා ගැනීමට පතල් කනිනු ලැබූ අතර ජපානයේ ප්‍රථම විශාලතම කොන්ක්‍රීට් ගොඩනැගිල්ල ගොඩනැගුවේද මෙම දූපතේයි. ඒ 1916 දී තට්ටු 9 ක ගොඩනැගිල්ලක්, දිනෙන් දින වැඩිවූ ශ්‍රමබලකාය සදහායි. මෙහි වැඩ කිරීම සදහා‍ යොදවා තිබූ කම්කරුවන් බොහෝමයක් බලහත්කාරයෙන් ‍යොදවා තිබූ බව කියන අතරම ඔවුන්  ආසියාවේ විවිද ‍ප්‍රදේශවලින් රැගෙන ආබව කියයි.


අක්කර 15 ක විශාලත්වය ඇති මෙම දූප‍තේ 1959 දී වැඩිම ජනගහනය වාර්තා කල අතර එය 5259 කි. 1960 දශකය වන විට ජපානයේ ගල්‍ අගුරු වල‍ට හිමිව තිබූ ස්ථානය ඛණිජ තෙල් විසින් ලබා ගත් අතර ඒ නිසා රටපුරා කනුනු ලැබූ ගල් අගුරු ආකර එකින් එක වැසී යන්නට විය. මෙම ඉරණමෙන් ගැලවීමට අප කතා කරන Battleship දූපතටද නොහැකිවූ අතර 1974 දී  දූපතතේ වූ ගල් අගුරු පතල වසා දැමූ බව මිට්සුබිෂී සමාගම නිල වශයෙන් ප්‍රකාශ කලහ. මෙය වසර 20 කටත් වඩා වැඩි කාලයක් අතහැර දමා තිබුන අතර නැවත මෙම දූපතට විවෘත කරනු ලැබුවේ 2009 අප්‍රේල් 22 දිනයි.

දූපත වසා දැමූ පසු එය කිසිදු නඩත්තුකිරීමට ලක් නොවූ අතර සමහර ගොඩනැගිලි කඩා දැමුන අතර අනෙක්වාද සමහරක කඩා දැමීමට නියමිත විය. කෙසේවෙතත් 2009 දී දූපතේ කොටසක් පමණක් සංචාරකයන්ට විවෘතවිය. දූපත මුළුමනින්ම විවෘත කිරීමට නම් විශාල මුදලක් විය කොට දූපත නැවත ප්‍රතිසංස්කරණය කොට ආරක්‍ෂාව තහවුරු කිරීමට සිදුව තිබේ.






වැඩි විස්තර මෙම වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි.

20 comments:

  1. Inception Film එකේ තියෙන්නෙත් මේ දූපතද මන්දා ?

    ReplyDelete
  2. දිනේෂ් මිතුර
    මගේ අතින් පොඩි ටයිපින් මිස්ටේක් එකක් වෙලා.ඒක පුලුවන්නමි හදන්න.‍නොගැලපෙන තැනකට ක අකුර ටයිප් වෙලා.

    ReplyDelete
  3. වෙනද වගේම නොදන්න දෙයක් ගැන දැනුවත් කළාට බොහොම ස්තූතියි. කොටස් වශයෙන් පළ වන දීර්ඝ ලිපියකුත් නුදුරේ දී ම මෙහි පළ වේ යැයි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. ගොඩක් වටින ලිපියක්.. ස්තූතියි....

    ReplyDelete
  5. අහලම තිබුණෙ නෑ මේ විස්තරේ. ගොඩක් වටිනව.
    ස්තූතියි..

    ReplyDelete
  6. සුමංගල හිමි සහ බංඩාර said...
    බොහොම වටිනා ලිපියක්.මුල් වතාවට මෙි විස්තර දැක්කේ.ලිපිය හරහා දූපතේ සංචාරයක යෙදුනා.ජපානයේ ඇති වුන සුනාමියට පියාබන පීරිසි වල සමිබන්දයක් තියනවා කියලා සැක කරන වීඩියෝ දර්ශන කිපයක් නරඹන්න ලැබුනා.ඒවා‍ෙය් රැල්ලට උඩින් පියාසර කරන යානා වගයක් පෙන්වනවා.මට හරියටම වෙබි එක මතක නැ.
    දිගටම ලියන්න සුභ පතනවා.
    (බණ්ඩාර මිතුරාගේ ඉල්ලීම පරිදි සුළු නිවැරදි කීරීමක් කරන ලදි).

    ReplyDelete
  7. @සුමංගල හිමි සහ බංඩාර - ඔබදෙපලටම ස්තුතිය පුදකරන අතරම, පෘතුවි‍යේ සිදුවන යම් යම් සංසිද්ධින්වලට පුරාණයේ පටන් පිටසක්වල බලපෑම තිබීමට ඉඩ ඇති බව නොයෙක්විට ප්‍රකාශවෙනවා. අප ඒ ගැනත් ඉදිරියේදී නතා කරමු...

    ReplyDelete
  8. @Chanaka Aruna Munasinghe - මම තවම එම චිත්‍රපටිය නරඹලා නැහැ. ඒ ගැනත් දැනගත් වහා මෙතන කමෙන්ටුවක් දමන්නම්...

    ReplyDelete
  9. @උදාර - ස්තූතියි! උදාර මිතුරේ ඔබ කියන ලෙසහ දීර්ඝ ලිපියක් ඉදිරියේදී දානවා. ටිකක් කාර්යයබහුල වීම නිසා කෙටි ලිපියකට සීමා කරන්න වුනා. ඒ තත්වය නිරාකරණයවූ වහා විස්තරාමක ලිපියක් දක්නට ලැබේවි...

    ReplyDelete
  10. @Pasan - ස්තූතියි! ඉදිරියේදිත් සත් සමුදුරේ මේ ව‍ගේ ලිපි දැක ගන්න පුළුවන්...

    ReplyDelete
  11. @``` Outsider``` - ස්තූතියි! මිතුරේ, අපි නොදන්න තැන් බොහෝමයකුත් මෙම ලිපිය සැකසීමට කරුණු රැස් කිරීමේදී හමුවුනා. ඒගැනත් ඉදිරියේදී සටහන් තබන්නම්...

    ReplyDelete
  12. හොදයි පුලුවන්නම් ලණ්කාවේ රාවණා දූපත් ගැනත් ලිපි පෙලක් ලියන්න සහෝ මොකෝ ඒවයේ තියෙන ප්‍රදීපාගාරවල ජීවත් වෙන මිනිසුඟේ ජීවිත ගැන ලියන්න වටිනවා.මත මතක හටියට මේ ගැන විස්තරයක් රූපවාහිනියේ ගියා හුගක් කාලෙකට ඉස්සරහා ඔයා ගාව මේ ගැන විස්තර තියෙනවාද

    ReplyDelete
  13. @sihinadanawwa - මම ගැව ඇත්තටම ඒ දූපත් ගැන විස්තර නම් නැහැ. හැබැයි මට මතකයි එක්තරා සතිඅන්ත ජාතික පුවත්පතක මේ ගැන ලියවුන ලිපි පෙලක් ගියා. ඒක ටිකක් සොයාබලන්න ඕන. වැඩේ තියෙන්නේ පිටරට හුඟක් දේවල් ගැන සොයාගන්න කරුණු ඕන තරම් තිබුනත් අපේරටේ තැන් ගැන කරුණු ලබා ගැනීමට තියෙන අපහසුව. කොහොමවුනත් දන්නකියන අයගෙනුත් විස්තර ලබා ගැනීමට උත්සහ දරනවා.ඔබ ලඟ විස්තර තියෙනව නම්, හැකියාවක් තිබුනොත් එවන්න පුළුවන්ද?

    ReplyDelete
  14. හිතවත් දිනෙෂ්
    මම හිතනවා සමහරවිට ඔබට දූපත් ගැන අවශ්‍ය තොරතුරැ පහල වෙබි අඩවි වල ඇති කියලා.
    http://sreelanka.blogspot.com/2010/03/mahaa-sancharaya-part-01.html

    http://www.divaina.com/2010/04/25/feature16.html

    http://si.wikipedia.org/wiki

    ReplyDelete
  15. @s b kekulawala - ස්තූතියි! මම අනිවාර්යයෙන්ම එම වෙබ් අඩවි ගැන බලනවා.තොරතුරු ලබා දුන්නාට මම නැවත වරක් තුති පුදනවා..

    ReplyDelete
  16. අඩේ..මේක නම් පාට්ටයි..ඔක්කොටම වඩා මම ෆොටෝ ටිකට ලයික්

    ReplyDelete
  17. @රත්ගමයා - තව ගොඩක් ෆොටෝ තියෙනවා. ටිකයි දැම්මේ. Google image වලට ගිහිල්ල Battleship Island කියල Search එකක් දුන්නහම තව ගොඩක් පින්තූර සොයා ගන්න පුළුවන්...

    ReplyDelete
  18. මාර සීන් තමයි තියෙන්නෙ බලපුවාම.. ලොකෙ හරිම ගොලාකාරයි නෙව..

    ReplyDelete
  19. @Sudarshana - ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ...

    ReplyDelete
  20. අන්ද මන්ද දූපත වගෙයි

    ReplyDelete