Monday, January 17, 2011

සිනමාව : The World At War

මෙන්න අලුත් විශේෂාංගයක් අරඹනවා. මේක පදනම්වෙන්නේ සිනමාව ගැන. මෙහිදී චිත්‍රපටියක හොද වගේම නරකත්, එහි කථාව ගැන මෙන්ම එය‍ට ‍ප්‍රේක්‍ෂකයන් යොමුකර ගැනීමට භාවිතාකරල තියෙන සංගීතය, පසුතලය සහ වෙනත් විධික්‍රම ගැනත් කථා කරමු. එසේම මෙහිදී කථා කිරීමට බලාපොරොත්තුවන සමහර නිර්මාණ බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුන සහ පැරණී නිර්මාණ බොහෝමයක් වීමටත් ඉඩ තිබෙනවා.

මුලින්ම කථා කරන සිනමා නිර්මාණය නම් පාදක කර ගෙන ඇත්තේ කිසිසේත්ම සුන්දර සංසිද්ධියක් මත නොවේ. එය තමයි මෙතෙක් මිහිපිට සිදුවු විශාලම ‍ඛේදවාඡකය, එනම් දෙවන ලෝක යුද්දය පිළිබදව 1973/1974 අතර කාලයේ නිර්මාණය කරන ලද The World At War කියන වාර්තාමය චිත්‍රපටිය.

දෙවන ලෝක යුද්දය පිළිබදව කිසියම් කෙනෙකු හදාරන්නේ නම් නැරඹීමට ඉතාම සුදුසුම දෘෂ්‍ය නිර්මාණය මෙය බවයි මගේ හැගීම. මන්ද යත් මෙයට යොදාගෙන ඇති වීඩියෝ දර්ශන මුලුමනින්ම පාහේ සත්‍ය සිදුවීම වන අවස්ථාවේදී පටිගත කරන ලද ඒවා වීමයි. ඒවා යුද්ධයට සම්බන්ධවූ සියළු පාර්ශව වලින්ම එකතුකරගෙන  බොහොම සංවේදී ආකාරයකට ඉදිරිපත් කරල තියෙන බව කියන්න පුළුවන්. 

එසේම මෙම විත්‍රපටිය හදන කාලය වනවිට ජීවත්ව සිටින, යුද්ධයට හවුල්වූ හෝ යුද්ධයට මැදිවී  පුද්ගලයන් තමන් මුහුනදුන් සිද්ධි පිලිබදව කරනු ලබන විග්‍රහයන්ද දැක ගත හැකියි.  

මෙය වී‍ඩියෝ කොටස් 26 ක් තිබෙන දීර්ඝ  වාර්තාමය චිත්‍රපටියක් වන අතර එය 1920 කාලයේ සිට 1950 දශකයේ සීතල යුධ සමය ඇරඹීම දක්වාම විහිදී තියෙනවා. එසේම එය කරුණු වශයෙන් හෝ සංසිද්ධි වශයෙන් හෝ ඒ ඒ රටවලට අදාලව පෙලගස්සවා තිබේ.

මෙහි වී‍ඩියෝ විශාලම ප්‍රමාණයක් කළු සුදු ඒවා වන අතර සංගීතයද ඉතාමත් සංවේදීලෙස හිතට කාවැදෙන බව කිව හැකියි. එසේම සෑම Episode එකකම ආරම්භය, පසුබිම් කථනය සහ අවසානය මැනවින් සකස් කරල තියෙන බවත් කිව හැකිය. එසේම යුද්ධයේ බිහිසුනුබව සහ ‍වේදනාව ඉතා සංවේගජනක ලෙස වටහා ගැනීමට හොදම නිදසුනක් තමයි මෙම The World At War චිත්‍රපටිය.

මෙය අන්තර්ජාලය පිරික්සුවහොත් සොයා ගැනීමට අපහසු නොවනු ඇති අතර, වැඩිදුර විස්තර දැන ගැනීමට http://www.imdb.com/title/tt0071075/ ට පිවිසෙන්න.

3 comments:

  1. වාර්තා චිත්‍රපටි වලට මං හුඟක් කැමතියි. කලින් මේ ගැන දැනගෙන හිටියෙ නැහැ. ලිපිය දැක්කෙත් දැනුයි. දැනුවත් කළාට බොහොම ස්තූතියි දිනේශ්.

    ReplyDelete
  2. @උදාර - ස්තූතියි! මේක තමයි සිනමාව සම්බන්ධයෙන් පල කරපු මුල්ම ලිපිය...

    ReplyDelete
  3. මම් හුගාක් චිත්‍රපට බලන කෙනෙක්. නමුත්, මේ ගෑන දෑන ගත්තෙ අදයි. ස්තූතියි.

    ReplyDelete