Monday, January 31, 2011

The Godfather - “The Greatest Movie of all time” - Episode II


Godfather පළමු නිර්මාණයට ඔස්කාර් සම්මාන තුනක් සහ තවත් අංශ රැසක් සදහා නිර්දේශ ලබන්නත් සුදුසුකම් ලැබූ අතර එහිදී හොදම නළුවාට හිමි සම්මානය Marlon Brando ලබා ගත් අතර එය ඔහුගේ දෙවන ඔස්කාර් සම්මානයයි.

එහෙත් සම්මාන රාත්‍රියේදී සම්මානය ලබා ගැනීමට ඔහු නොපැමිණි අතර, ඔහු සම්මානය ප්‍රතික්‍ෂේප කිරීමද ඉතාමත් කැපී පෙනුනා. එම ක්‍රියාව කිරීමට හේතුව ලෙස ඔහු කීවේ ඇමරිකානු රජය සහ හොලිවුඩ් සිනමාව තුල ඇමරිකානු ස්වදේශික ජනතාවට වන අකටයුතුකම් වලට විරෝදය පෑමක් ලෙස සම්මානය ප්‍රතික්‍ෂේප කරනු ලබන බවයි. කෙසේවෙතත් ඇමරිකානු රතු ඉන්දියන් යයි කියා ගන්නා කාන්තාවක් පැමිණ සම්මානය ලබාගෙන තිබුනා (http://www.imdb.com/title/tt0068646/awards ).

මෙයට අමතරව අනෙක් සම්මාන දෙක ලැබී තිබුනේ සහ හොදම කතාව, වෙනත් මාධ්‍යයකින් හොදම තිර රචනය නිපදවීම වෙනුවෙන් Mario Puzo ට හා Francis Ford Coppola හටයි.


දෙවන කොටසේදී ඊටත් වඩා පෙරට යමින් ඔස්කාර් සම්මාන හයක් සහ තවත් අංශ රැසක් සදහා නිර්දේශ ලබන්නත් හිමිකම් ලැබුවා. එහිදී හොදම සහය නළුවාට හිමි සම්මානය Robert de Niro විසින්ද, හොදම අධ්‍යක්‍ෂනය, හොදම චිත්‍රපටිය, හොදම සංගීතය සහ තවත් බොහෝ අංශ වෙනුවෙන් සම්මාන ලබා ගනු ලැබුවා.


Pacino and Brando rehearse a scene.


Coppola with his two leading actors. The Godfather would launch Pacino’s film career and revitalize Brando’s.

Advice from Corpolla
හැබැයි කෙසේ වෙතත් සම්මාන සංඛයාවෙන් දෙවන Godfather චිත්‍රපටිය, පළමුවැන්න අභිබවාගියත් ජනප්‍රියත්වය සහ අනෙකුත් සියළු අංශ වලින් Marlon Brando රඟපෑ, Godfather පළමු චිත්‍රපටිය සෑම අතින්ම ඉදිරියෙන්ම සිටින බව බහුතරයකගේ මතයයි.

 මීට අමතරව තව පින්තූර රැසකුත් කතා කරන්න විස්තරයි එක්ක Episode III දී හමුවෙමු

3 comments:

  1. ඇල් පැසිනෝගෙ රංගනය ගැනත් ටිකක් මතක් කළානං හොඳයි නේද?

    ReplyDelete
  2. ස්තූතියි! Al Pacino ගැන Episode III දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  3. නියමයි ලිපිය. ගොඩක් වෙලාවට අපි ‍නොසොයන සහ නොසිතන පැත්තක්.

    ReplyDelete